අලුත් අවුරුද්ද උදා වූ ඊයේ දින පමණක් මාර්ග නීතී උල්ලංඝනය කළ 8,600කට අධික පිරිසකට නඩු පවරා තිබේ. රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ප...
අලුත් අවුරුද්ද උදා වූ ඊයේ දින පමණක් මාර්ග නීතී උල්ලංඝනය කළ 8,600කට අධික පිරිසකට නඩු පවරා තිබේ.
රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ, ඒ අතර බලපත්‍ර නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය පැදවීම ඇතුළු මාර්ග නිති උල්ලංඝණය කිරීම වැනි වැරදි වාර්තා වන බව ය.
මේ අතර ඊයේ දින පමණක් බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 438 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, ඊයේ පමණක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු 12 ක් වාර්තා වන බව ය.
රිය අනතුරු හේතුවෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ද මියගොස් ඇති බව ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේය.
මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් දීප ව්‍යාප්තව කණ්ඩායම් යොදවා ඇති බව ද පොලීසිය පවසයි.
COMMENTS