දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රනිල් මාව නෙරපුවොත් මට යන්න වෙනවා'
Homeප්‍රවෘත්ති

'රනිල් මාව නෙරපුවොත් මට යන්න වෙනවා'

PropellerAds

තම භූමිකාව හෝ හැසිරීම ආණ්ඩුවට කරදරයක් නම් තමාව පක්ෂයෙන් නෙරපීමේ අයිතිය...ඇත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට බව සමාජ සවිබල ගැන්වීම් ...

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර රැසක් වරායේ හිරවේ.. මිල විශාල ලෙස ඉහල යාවි..
SB රන්ජන්ගේ පෙම්වතිය එක්ක යයි… (video)
“මං එපා කියලා කෑගැහුවා, ඒත් ඕ.අයි.සී මට ලිංගික හිංසන කළා” - දේශපාලන මැදිහත්වීමෙන් ඕ.අයි.සී වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකගේ පැටිකිරිය එලියට

තම භූමිකාව හෝ හැසිරීම ආණ්ඩුවට කරදරයක් නම් තමාව පක්ෂයෙන් නෙරපීමේ අයිතිය...ඇත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කඳුරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

අගමැතිවරයා මීට පෙර කීපවරක්ම තම නම හෙළි කළ බවත්, හිල්ටන් හෝටලයේ පැවති වැඩමුළුවකදී මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමකදීද තමා ඉදිරිපිටදී ද ඒ බව ප්‍රකාශ කළ බව ද ඔහු පැවැසුවේය.

තමාව පක්ෂයෙන් නෙරපීමේ සම්පූර්ණ අයිතිය තිබෙන්නේ අගමැතිවරයාට බවත්, අගමැතිවරයා ගනු ලබන තීරණ වැළැක්වීමේ හැකියාව තමාට නැති අතර එවැනි තීරණයක් ගතහොත් ආණ්ඩුවෙන් එළියට බැසීමට තමාට සිදුවන බවත් ඔහු පැවසුවේය.

මාදිවෙල නිල නිවාසයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මම පෞද්ගලිකව හිතනවා මගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් කියලා. ස්වයං විවේචනය, අපේ වැරදි අපිම පෙන්වා නිවැරැදි කිරීම හොඳයි කියන එක තමයි මගේ මතය. බුදුන් වහන්සේ කියල තියෙනවා මගේ සෑම වෑයමක්ම රජ සැප විඳින්න නොවේ බුද්ධත්වය ලැබීමට පමණයි කියලා. එතකොට මටත් කියන්න තියෙන්නේ මගේ මේ සෑම වෑයමක්ම ඇමැතිකම රැක ගැනීමට නොව හොරු අල්ලා ගැනීමට කියලා. මට නාමල් රාජපක්ෂ හැම වෙලාවෙම සමච්චල් කරනවා පාර්ලිමේන්තුවේ හොරු අල්ලන ඇමැති කියලා. හොරු ටිකක් මට ආමන්ත්‍රණය කරන්නේ හොරු අල්ලන ඇමැති කියලා. 2015 ජනවාරි 08ට කලින් අපි සෑම වේදිකාවකම පුන පුනා කිව්වේ රෑ 12ට එයාර්පෝට් වහලා හොරු අල්ලනවා කියලා. ඒකට තමයි හොඳම ප්‍රතිචාරය ලැබුණේ. මේ ආණ්ඩුවට බලය ගන්න වැඩියෙන්ම බලපෑවේ ඒ කතාව. අපේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක පවා එදා කිව්වේ මේ අය වැයේ ලොකු පරතරයක් තියෙනවා. වෙන කිසි දෙයක් ඕනි නැහැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු හොරු කල්ලිය හොරකම් කරපු මුදල් ගෙන්වා ගත්තොත් මේ අයවැය පියවන්න පුළුවන් කියලා. ඒ කතා මගේ කන් දෙකට ඇහුණා.

නමුත් දැනට අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ සී.එස්.එන්. එකේ බිලියන 146ක් විතරයි. ඒ මුදල අපිට හම්බ වුණා. නමුත් අයිතිකාරයෙක් නැහැ.

අපිට පේන්න තියෙනවා දූෂණ විරෝධී කමිටු ලංකාවේ වහනවා. සාමාන්‍යයෙන් මේ වගේ කාලයකදී මම යෝජනා කළා දිස්ත්‍රික්ක විසිපහේම දූෂණ විරෝධී කමිටු අරින්න කියලා පළාත් නවයේම කමිටු අරින්න කියලා. ඒක තමා අපේ පළමු පොරොන්දුව. ඒත් ආණ්ඩුව ඒවා වහමින් යනවා. එතකොට එෆ්.සී.අයි.ඩී වහනවා කියලා කියනවා.
එෆ්.සී.අයි.ඩීය නීත්‍යනුකූල නෑ කියලා අපේම තවත් ඇමැතිවරු පිරිසක් කියනවා. අපේ එක්තරා ඇමැතිවරයෙක් කිව්වා ඔයාලට ජ්ඛ්ධ්ච් එන්න කිව්වොත් යන්න ඕනි නැහැ කියලා. අපි ඒවා බලාගන්නම් කියලා. ඉතින් මේ ආණ්ඩුව ඇතුළෙම පරස්පර කතා කියෙනවා. මේවායින් වෙන්නෙ ටි්‍රලියන ගණනක් හොරකම් කරපු හොරු ආරක්ෂා කරන එකයි. අපි පසුගිය ටිකේ දැක්කා පැනමා පේපර්ස්වල අපේ හොරුන්ගේ නම් තිබුණා. ඒ වගේම අපි දැක්කා ටැක්ස් ෆ්‍රී රටවල ලංකා බැංකු ශාඛා ඇරියා. මොරිසස් අයිලන්ඩ්වල හිටියේ ලංකාවේ පුරවැසියන් විස්සකට තිහකට අඩුගාණක්. ඉතින් ඒවා පිහිටු වූයේ කළු සල්ලි යවන්නද කියන මතයක් ජනතාව අතර තිබුණා.

පසුගිය කාලේ අපේ නීතිඥ වැලිඅමුණ මහතා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සමඟ ඩුබායි ගිහිල්ලා කිසිම තීරණයක් නැතුව අසාර්ථක වෙලා ආවා.

අපේ ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ ක්‍රියාවලියේ මොකක්හරි වරදක් තියෙනවා කියලා අපිට තේරෙනවා. යම්කිසි මිත්‍රත්වයක් මත මේක වෙනවා කියලා මම හිතනවා. මේක මම දරන මතය. මම ඒක ඉල්ලා අස්කර ගන්නේ නැහැ. මොකද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දැන් ඉන්න අපේ සමහර ඇමැතිවරු අතර සම්බන්ධයක් ඇති බව අපිට පේන්න තියෙනවා. හොඳම උදාහරණය තමයි පසුගිය ටිකේ ගාමිණී සෙනරත්ගේ හොඳම මිතුරකුගේ රියැදුරු දිසානායක කියන පුද්ගලයා අපි ළඟට ආවා. ඇවිත් අපිට ඔත්තුවක් දුන්නා ජනවාරි 6, 7 වගේ දවස්වල බැංකු 4කින් උදේ 9 සිට හැන්දෑවේ දෙක දක්වා කෝටි 1200ක් මුදල් ආපසු ලබාගත්තා කියලා. අපි ඒ ගැන පරීක්ෂණ කළා. එය සත්‍ය බවට ඛ්ඛ්ඊඍ දර්ශන අස්සන් යෙදූ ලේඛන දර්ශන හමුවුණා. අද වනතුරු ඒ අය ප්‍රශ්න කරන්න අදාළ ආයතන වලට ගෙනාවේ නැහැ. සිරිලිය ගිණුමේ හොඳටම සාක්ෂි තියෙනවා. ශිරන්ති රාජපක්ෂ මැතිනිය එම වංචාවට සම්බන්ධ බවට. නමුත් ඇයව විමර්ශන සඳහා අදාළ ආයතනයට ගෙනාවේ නැහැ. ගෙනාවේ කතානායක නිල නිවෙසට, අපේ නායකවරු හිරවෙනවා. ඒක රටට හෙළි කරන්න ඕනි. මොකද අපේ පොරොන්දුව තමයි ජනවාරි 08 රෑ ‍ෙදාළහට ගුවන්තොටුපළ වහලා හොරු අල්ලනවා කියන එක. නමුත් ඒක වුණේ නැහැ. අද හොරු ටික එකතු වෙලා අපිට සමච්චල් කරනවා.

අපේ නායකවරු බෝලේ එහාට මෙහාට පාස් කරනවා. ජනතාව බලාගෙන ඉන්නේ ප්‍රතිඵලය ලැබෙනකන්. ප්‍රතිඵලය වෙන්න ඕනි මොකක්ද? හොරු ටික රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න එක හොරුන්ගේ ආදායම වත්කම ජනසතු කරන එක. ජනතාවගේ පැතුමට මොකද කරන්නේ කියලා අපේ නායකතුමන්ලා ජනතාවට හෙළි කරන්න ඕනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රනිල් මාව නෙරපුවොත් මට යන්න වෙනවා'
'රනිල් මාව නෙරපුවොත් මට යන්න වෙනවා'
http://ift.tt/2tnIU6Z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_539.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_539.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy