එසේම උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට රජය කිසිවක් කර නොමැති බවට ඇතැමුන් චෝදනා නඟන මුත් ඔවුන් දන්නේ චෝදනා කිරීමට පමණක් ම බව පැවසූ ඇම...
එසේම උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට රජය කිසිවක් කර නොමැති බවට ඇතැමුන් චෝදනා නඟන මුත් ඔවුන් දන්නේ චෝදනා කිරීමට පමණක් ම බව පැවසූ ඇමතිවරයා එසේ චෝදනා කරන පුද්ගලයින් ඇල්ල - බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට බීමට ජලය ලීටරයක් හෝ දී ඇතිදැයි ප්‍රශ්න කළේය. උමා ඔය ව්‍යාපෘතියේ ජලකාන්දුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා,
1. ජල ටැංකි 6035ක් මිල දී ගැනීමට කටයුතු කර ඇති බවත්
2. ජල නල පද්ධතිය එළීම නිසා හානියට පත් මාර්ග 05ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති බවත්
3. දේපළ හානි සඳහා වන්දි ගෙවීමට රු. මිලියන 300ක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත යවා ඇති බවත් දැනටමත් ඉන් කොටසක් හානියට පත් නිවාස සංඛ්‍යාවක් වෙනුවෙන් ගෙවා ඇති බවත්
4. හානියට පත් කුඩා වැව් 07ක් යළි ඉදිකිරීම සඳහා රු. මිලියන 124ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා විස්තරාත්මකව ප්‍රකාශ කළේය.
මෙම උමා ඔය ගැටළුවට මුහුණ දී සිටින සියළුම දෙනා ඉන් මුදවා ගන්නා බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පිහිටවූ බවත් ඉන් ඉදිරිපත් කෙරුණු නිර්දේශ 21 ම අමාත්‍ය මණ්ඩලය විසින් පිළිගත් බවත් ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ චෝදනා එල්ල කරන ඇතැමුන් මේවා නොදන්නා බවය.
COMMENTS