බෙයිජිං පුවත්සේවා පවසන්නේ බෙයිජිං සහ ෂැංහයි අතර දුම්රිය සේවාවන්ගේ වේගය මුලින් ඉහළ දැමීමට ඔවුන් අපේක්ෂා කරන බවයි. මේ අනුව මේ දෙනුවර අතර ගම...
බෙයිජිං පුවත්සේවා පවසන්නේ බෙයිජිං සහ ෂැංහයි අතර දුම්රිය සේවාවන්ගේ වේගය මුලින් ඉහළ දැමීමට ඔවුන් අපේක්ෂා කරන බවයි. මේ අනුව මේ දෙනුවර අතර ගමනාගමනය සඳහා දැනට වැය වන කාලය වන පැය හය, පැය හතරහමාර දක්වා අඩුවනු ඇත.
මේ අතර චීනය, Fuxing යනුවෙන් අලුත්ම බුලට් දුම්රිය මාදිලියක් ද ජූනි මාසයේදී හඳුන්වා දුන්නේය. එය පැයට කිලෝමීටර 400 ක සුපිරි වේගයකින් යුක්ත ය.
චීනය සමන්විත වන්නේ පළාත් 31කිනි. එයින් පළාත් 29ක්ම අධිවේගී දුම්රිය ජාලයකින් සමන්විත ය. ලෝකයේ දීර්ඝතම අධිවේගී දුම්රිය ජාලය මෙමගින් නිර්මාණ වී තිබේ. මෙම දුම්රිය ජාලය මගින් සම්බන්ධ කර නැති එකම පළාත් දෙක වන්නේ ටිබෙටය සහ නින්ෂියා පමණි.
- අමාලි ජයවීර
COMMENTS