දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කඹුරුපිටියේ හතරදෙනාගේ දිවිනසාගැනීම් ගැන ගම්මු කියන අපුල කතාව
Homeගොසිප්

කඹුරුපිටියේ හතරදෙනාගේ දිවිනසාගැනීම් ගැන ගම්මු කියන අපුල කතාව

PropellerAds

කඹුරුපිටියේ හතරදෙනාගේ දිවිනසාගැනීම් ගැන ගම්මු කියන අපුල කතාව පසුගියදා රට තුළ ආන්දෝලනයක් ඇති කරමින් කඹුරුපිටියේ දියණියන් දෙදෙනෙකු හා සාම...

හරීන් සමඟ ඓතිහාසික සටන අද නැවතත් වෙල්ලස්සෙන් ඇරඹෙයි.
බැඳුම්කර වාර්තාව නිසා එජාපය නාය යයි.
බැඳුම්කර වාර්තාව නිසා එජාපය නාය යයි.

කඹුරුපිටියේ හතරදෙනාගේ දිවිනසාගැනීම් ගැන
ගම්මු කියන අපුල කතාව

පසුගියදා රට තුළ ආන්දෝලනයක් ඇති කරමින් කඹුරුපිටියේ දියණියන් දෙදෙනෙකු හා සාමනේර නමකවූ පුතකු සමග පියෙකු දිවිනසාගැනීම පිළිබඳ කතාවේ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ නමුත් එම ගම්මානය පුරා රැව්පිළිරැව්දෙන සැඟවුණ කතාවක් මේ වනවිට හෙළිදරව් වී පවතී.
මෙම පියා දරුවන් සමග මියයන්නට පෙර තබාගිය ලිඛිත සටහන් තුළද කියැවී තිබෙන එම කතාව එක්තරා දුරකට අප්‍රසන්න වූවකි. තවත් අතකට හිත් හිරිවට්ටන්නකි.
ගම්මුන් කියන්නේ මෙම පියා සහ 16 හැවිරිදි වැඩිමල් දියණිය අතර තිබුණ අයථා සම්බන්ධයක්
දැනගැනීම නිසා මව ඇති කරගත් ආරවුලින් පසු  ඇය නිවස හැරයාම නිසා මේ කියන වියවුල හටගත් බවකි.
දිවිනසාගැනීමේ සිද්ධිවලින් පසු මාධ්‍ය වාර්තා තුළ පළවූයේ  කන්න බොන්නට දෙන්න දෙයක් නැතිව දරුවන් බලාගන්නට අමාරුවූ පියා බිරිය හැරගිය ශෝකයද සමග ඇයට දැනෙන්නට මෙම පලිගැනීම කළ සෙයකි.

 ඇයට විදෙස් රැකියාවක් සඳහා යන්නට උවමනාවී අවසර ඉල්ලා සැමියා අවසර නොදීම නිසා ඇතිවුණ ආරවුලක් ඇය නිවස හැරයාමට හේතුවූ බවටද වාර්තා පළ විය.
නමුත් මේ කියන කඹුරුපිටියේ ගම්මානයේ විදෙස් රැකියා සඳහා කාන්තාවන් යොමුවීමේ ප්‍රවණතාව ඉතා සාමාන්‍ය එකකි.මෙම පවුලේ මව හා පියා රැකියාව ලෙස සිදු කළේ කුරුඳු තැලීමය. කුරුඳු වාරයට වසරේ එක කාලයක පමණක් යහමින් ආදායම් ඉපැයිය හැකිවුවත් ඉතිරිකාලය ගෙවා දැමීම ඔවුන්ට කවදත් අමාරු විය.

දරු සිව්දෙනෙකුගේ බර දරන්නට ආර්ථික අපහසුකම් ඇති නිසාම මේ දෙදෙනා වැඩිමල් හා බාලපුතුන් සසුනට පූජා කර තිබුණි.මෙම පසුබිම තුළ කාන්තාව විදෙස් රැකියාවට ගොස් දරුපවුල නඩත්තු කිරීම ආසන්න නිවාස කිහිපයකද සිදුවන අතර එයට අවසර නොදීමේ ආරවුලක් මත මෙතරම් සැහැසි තීරණ සඳහා යොමුවීම තරමක් පිළිගන්නට අමාරු කතාවකි.

දිවිනසාගැනීම් සිද්ධියෙන් අනතුරුව පවුලේ එකම ඉතිරිවූ පුද්ගලයා වූ 19 හැවිරිදි වැඩිමල් ස්වාමින් වහන්සේ නමකවූ පුතු දන්වා තිබුනේ මෙවැනි ආරවුල් මින්පෙර පවුලේ ඇතිවුණ අවස්ථාවල මව නිවසින් පිටවගොස් ඇගේ මහගෙදර නැවතී ටික කාලයකින් පැමිණෙන බවකි.
පවුල හැරගිය මව මෙවරද ගොස් තිබුනේ ඇගේ මහගෙදරටය. නමුත් මෙවර සිදුවූ වෙනස නම් ඇය ඇගේ ජංගම දුරකථනය හැරගියදා සිට ඕෆ් කරගෙන සිටීමත් මහගෙදර අයට ඇයව සොයාගෙන කවුරුන් ආවත් නැතැයි කියන්නට උපදෙස් ලබාදී තිබීමත්ය.

මව නිවසින් හැරගිය පසු මියගිය දියණියන් දෙදෙනා මව සොයාගෙන අත්තම්මා සොයාගෙන ගොස් අම්මා එහි ආවේදැයි ඇසූ විට එහි ආවේ නැතැයි කියා තිබෙන අතර දියණියන් දෙදෙනා කවරදාවත් නැති ලෙස හිස් අතින් නැවත පිටත් කර තිබී ඇත. දියණියන් අත්තම්මාගේ නිවස අසළ කඩමණ්ඩියෙන් අසද්දී ඇය මහගෙදර සිටින බව ස්ථිර කර ඇත. මෙම කාරණාව සටහන්ව ඇත්තේ මියගිය දියණියක ලියූ ලියුමකය.

රැකියාවක් සඳහා ඇතිවූ ආරවුලින් පසු සැමියා සමග උරණවූ බිරියට වෙනත් නිවසකදී දරුවන් බලන්නට බැරි හේතුවද ගැටලු කාරීය. නිවස හැරගොස් සිටි කාලයේ ඇය නිවසේ කිසිදු අයෙකුට කථාබහ කර නැති අතර සියදිවිනසාගන්නට දින දෙකකට පමණ ‍පෙර දුරකථන පෙට්ටියකින් ඇමතුමක් ගෙනඑමින් දන්වා ඇත්තේ තමාට ඇඟලුම් රැකියාවක් ලැබුණ බවත් එහි පඩි සල්ලි රැගෙන ඊට පසුදා එන බවත්ය.

කෙසේ නමුත් ඒ කියන දිනයේ ඇය එනතුරු සැමියා හා දරුවන් දිගටම බලා සිටියත් ඇය නොමැති තැන දිවිනසාගැනීම ස්ථිර කරමින් පියා දරුවන්ට නියෝග පැනවූ බව ලියුම් වල සඳහන්වේ.
මට ගමේ අය එක එක කතා හදලා.. යනුවෙන් වැඩිමල් දියණිය සිය කලකිරීම වැඩිමහල් ස්වාමීන් වහන්සේටද දන්වා තිබු අතර ඇය ලියූ ලියුම් වලද පියා හා ඇය සම්බන්ධ කර ගමේ අය කතා හැදූ බවත් මවගේ නික්මයාම මත එම කතා ස්ථිරවී ඇති බවත් සටහන් කර ඇත.
දියණියන් දෙදෙනාටද පුතුටද අත්පිටිපසට කරන්නට කියා ලණු ගැටගසා එල්ලෙන්ට සලස්වා කලකිරුණ පියා විසින් තමන්ද එල්ලී මියගිය සිද්ධිය රටේම කම්පනයක් ඇති කළ අතර මේ ගැන දැන ගෙන එදිනම සිද්ධියවූ තැනට වැඩම කර කම්පනයට පත්ව සාක්ෂි දීමට පවුලේ ඉතිරිවූ රත්නපුර වාසය කරන හිමි නම කටයුතු කර තිබුණි.

නමුත් මෙම සියල්ලටම මුල්වූ මියගිය සැමියාගේ ආරවුල් ඇති කරගත් බිරිය එම අවස්ථාවේ පැමිණ නැත. පුදුමයට කාරණාව වන්නේ සිද්ධියෙන් දින ගණනාවක් ගතවී මියගිය අයගේ අවසන් කටයුතුද නිමවුවත් ඇය පැමිණ නොසිටීමෙනි. තමන් වැදූ දරුවන් මෙන්ම සැමියාගේ මුහුණ දකින්නට ඇයට අවසන් වතාවටවත් උවමනා නොවීමද මෙම මරණයට හේතුවූ කරුණු තුළ ගැබ්වුණ අභිරහස තවදුරටත් ප්‍රකට කරයි.

කෙසේ වෙතත් ගම්මුන්ගේ කටකතාවලට ඇති බිය හෝ ලැජ්ජාව නිසා හෝ සැමියා මුද්දරයක් මත අස්සන් කර බිරියට අපේ මූණ බලන්න දෙන්න එපා යයි කියමින් කර තිබුණ අවසන් ඉල්ලීම නිසා එසේ කළාදැයි අපැහැදිලිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කඹුරුපිටියේ හතරදෙනාගේ දිවිනසාගැනීම් ගැන ගම්මු කියන අපුල කතාව
කඹුරුපිටියේ හතරදෙනාගේ දිවිනසාගැනීම් ගැන ගම්මු කියන අපුල කතාව
http://ift.tt/2tg5JpG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy