දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව

විශේෂයෙන්ම අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම පිළිබඳ පනත සම්මත කිරීම ජාතීන් අතර සංහිඳියාව විෂයයෙහිලා තැබූ ඉදිරි පියවරක් බව පවසන බ්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව

විශේෂයෙන්ම අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම පිළිබඳ පනත සම්මත කිරීම ජාතීන් අතර සංහිඳියාව විෂයයෙහිලා තැබූ ඉදිරි පියවරක් බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව, කෙසේ නමුත් එම කාර්යාලය තවමත් පිහිටුවා නොමැති බව ද පෙන්වා දෙයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ මුලින්ම සම්මත කොට ඉන් අනතුරුව මේ වසරේ ජුනි මාසයේ සංශෝධනය කරන ලද එම පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (ජූලි 20) අත්සන් තැබුවේය.

ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ සම අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද 30/1 දරන යෝජනාවේ ලබා දුන් පොරොන්දු ඉටු කිරීමෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන නමුත් තවදුරටත් එහි ප්‍රගතියක් ලැබිය යුතු බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව පවසයි.

විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයේදී බලය විමධ්‍යගත කිරීම කෙරෙහි ද අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දී තිබෙන බවත් සිහිපත් කරයි.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්, ශ්‍රී ලංකා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අති බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ දෙමළ ජනතාවට එරෙහිව වන බැවින්, රාජ්‍යයේ සංවිධානාත්මක වධ බන්ධන යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වන්නේත් ඔවුන්ම බව සඳහන් කළේය.

ජාතීන් අතර ගැටුම්
විශේෂයෙන්ම එම පනත යටතේ 2016 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් 80% ක්ම තමන් වධ බන්ධනවලට ලක් කළ බවට පැමිණිලි කිරීම පිළිබඳව සිය බරපතළ අවධානය පළ වී තිබෙන බව ද සිය සංචාරය අවසානයේ කොළඹ දී මාධ්‍ය අමතමින් විශේෂ නියෝජිතයා සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම සහ බලය විමධ්‍යගත කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ ඓතිහාසික ගැටලුවලට විසඳුම් ලබාදීමෙහිලා ඉතා වැදගත් පියවර බව බ්‍රිතාන්‍ය වාර්තාව අවධාරණය කරයි.

ආරක්ෂක හමුදාව තවමත් විශාල වශයෙන් උතුරේ රඳවා තිබෙන නමුත්, හමුදාව සිය කටයුතු බොහෝ දුරට සීමා කිරීම අගය කරන වාර්තාව කෙසේ නමුත් ආරක්ෂක හමුදාවල බියවැද්දීම් සහ හිරිහැර කිරීම් තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වාර්තාවන බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර ගැටුම් පිළිබඳව ප්‍රබල අවධානය පළ වී තිබෙන බව වාර්තාව පෙන්වාදෙන අතර, විශේෂයෙන්ම මේ වසර තුළ එම ගැටුම් උත්සන්න වූ බව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ සමලිංගික ප්‍රජාවට එරෙහිව තවදුරටත් නොසලකා හැරීම් සිදුවන බව සඳහන් කරන වාර්තාව, විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් මෑතදී හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ වාර්තාව පිළිබඳව අවධානය පළ කරයි.

වධ දීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ අවදානම අවප්‍රමාණ කරනු පිණිස පොලිස් සේවයේ වෘත්තීයභාවය තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍ය ආණ්ඩුව පෙන්වාදෙන තවත් කරුණකි.
ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය සහ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට වැට බැඳීම සඳහා ආධාර කිරීමට එක්සත් රාජධානිය සූදානම් බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා සාධනීය දායකත්වයක් ලබාදීමෙහිලා එක්සත් රාජධානිය ප්‍රමුඛතාව ලබා දෙන ('Human Rights Priority Countries' -HRPCs) රටවල් 30 ක කණ්ඩායමට ශ්‍රී ලංකාව ද අයත්වේ.
http://www.bbc.com

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28610,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව
http://ift.tt/2vunzpO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_485.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_485.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy