මෙම ඝාතනය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ වෙනුවෙන් ඇමරිකානු දඩයක්කාරයාට දඬුවම් ලැබිය යුතු බව බොහෝ දෙනෙකුගේ මතය විය. ඉතිහාසයේ සිදුව...
මෙම ඝාතනය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ වෙනුවෙන් ඇමරිකානු දඩයක්කාරයාට දඬුවම් ලැබිය යුතු බව බොහෝ දෙනෙකුගේ මතය විය.
ඉතිහාසයේ සිදුවූ දේ නැවතත් සිදුවේ යන කියමන සනාථ කරමින් සෙසිල්ගේ පුත්‍රයා වූ සය හැවිරිදි ෂන්ඩා ද පසුගියදා මරා දැමුණේ විනෝදය පතා දඩකෙළියේ යෙදෙන්නෙකු විසිනි. මෙය සිම්බාබ්වේ ජාතිකයෙකු විසින්ම සිදුකර ඇති බවත් හෙළි වේ. කෙසේ නමුත් බීබීසී සේවයේ අප්‍රිකානු වාර්තාකරු වූ ඇන්ඩෘ හාඩින් පවසන්නේ ෂන්ඩාගේ වයස අවුරුදු හයක් නිසා ඔහුව දඩකෙළියේදී මරා දමන්නට නීතියෙන් බාධාවක් නොතිබුණු බව ය.
එක්සත් රාජධානියේ පටන් ඇමරිකා එක්සත් ජනපදය දක්වා දුර බැහැර රටවලින් සිම්බාබ්වේ වෙත, මෙසේ විනෝදය පතා දඩ කෙළියේ යෙදෙන්නෝ ඇදී එති. ඔවුන් සිංහ දඩයමේ යෙදෙන්නේ එයින් විනෝදයට අමතරව ඉතා විශාල මුදලක් ද තෑගි වශයෙන් ලැබෙන නිසා ය.
ෂන්ඩා, සෙසිල් සේම, මරණයට ගොදුරු වන්නට මද වේලාවකට පෙර ආරක්ෂිත සීමාවෙන් පිටතට පැමිණ තිබෙන බව ද මේ අතර හෙළි වේ. සිංහ පැටවුන් හත් දෙනෙකුගේ පියෙකු වූ ෂන්ඩා මරණයට පත්වූ බව ලොව පුරා වේගයෙන් පැතිර ගියේ සහ මරණයට පත්වූ අවස්ථාවේදීම එම පුවත බාහිර ලෝකයෙන් සඟවන්නට නොහැකි වූයේ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසින් ෂන්ඩාගේ හැසිරීම් නිරීක්ෂණය සඳහා ඔහුට ‘ට්‍රැකින් උපාංගයක්’ පළඳවා තිබූ නිසා ය.
ෂන්ඩා දිවි ගෙවූ වැන්ගේ ජාතික වනෝද්‍යානයේ නිල ෆේස්බුක් ගිණුම, මෙම ඛේදනීය සිද්ධියෙන් අනතුරුව තැබූ ෆේස්බුක් සටහන මෙසේ ය.
“සෙසිල් මියගොස් අවුරුදු 2කට පසු වැඩිමල්ම සිංහ පැටවා වූ ෂන්ඩාත් ඒ ආකාරයෙන්ම මිය ගිය බව අපට විශ්වාස කරන්නටත් බැහැ. වැන්ගේ උද්‍යානයේදී වනගතව නිදහසේ ඉපදුණු සිංහයන් ට ඒ නිදහසින්ම මිය යන්නට නොහැකි ඇයි..?”
මේ අතර සිංහ දඩ කෙළිය නතර කරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සම්වලට අත්සන් තැබීම ද ට්විටර් වැනි සමාජ ජාල ඔස්සේ මේ වන විට සිදුකෙරෙමින් පවතී.
උතුරුදිග සිම්බාබ්වේ රාජ්‍යයේ පිහිටා තිබෙන වැන්ගේ ජාතික වනෝද්‍යානයේ සිංහයෝ 450 දෙනෙක් ජීවත් වෙති. සමස්ත අප්‍රිකාවේම සිංහ ගහණය මේ වන විට සීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන අතර වර්තමානය වන විට එම අගය 20,000 දක්වා පහළ බැස තිබේ.
මේ අනුව බටහිර අප්‍රිකාවේ ජීවත් වන සිංහයන් “දැඩි අවදානමට” පාත්‍රවූ සත්ව කොට්ඨාසක් ලෙස ශ්‍රේණිගත කර තිබේ.
COMMENTS