දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

‘අසූ නමේ වීරවංශ අතුරුදන් වුනානම් අද රට ජාතිය ආගම වල පල්ලෙ '

අපි හැමෝම කොළඹ එන්නෙ එක කාලෙ. මම බිස්නස් අංසෙන් දියුණු වුනා. ඒ උදවිය දේසපාලන අංසෙන් දියුණු වුනා. මගේ හැත්තෑ වෙනි උපන්දිනය සමරලා බොහොම ජයට...

‘අසූ නමේ වීරවංශ අතුරුදන් වුනානම් අද රට ජාතිය ආගම වල පල්ලෙ '

අපි හැමෝම කොළඹ එන්නෙ එක කාලෙ. මම බිස්නස් අංසෙන් දියුණු වුනා. ඒ උදවිය දේසපාලන අංසෙන් දියුණු වුනා. මගේ හැත්තෑ වෙනි උපන්දිනය සමරලා බොහොම ජයට පිරිතක් කියලා හැත්තෑ නමකට සාංගික දානයක් දුන්නා මගේ කොළඹ කිරුළපනේ ගෙදර. එදා ප්‍රධාන අමුත්තා වුනේ පර්සි මලයා. පර්සි මලයට අමතරව ඉන්ස්පෙක්ටර මහත්තයා, හිච්චි මල්ලී (ගෝඨාභය රාජපක්ෂ), පොඩි හිච්චා (බැසිල් රාජපක්ෂ) ,  ගාන්ධිනී නගා, ප්‍රීති නගා , චන්ද්‍රදාස දොස්තර මහත්තයා සේරම ආවා. එදා තමයි පර්සි මලය මට යෝජනා කලේ මගේ ජීවිතයේ අත්දැකීම් ගැන මොනව හරි ලියන්නෙයි කියල.

පස්සෙන් පහු මං අපේ මුණුපුරා එක්ක එක්කහුවෙලා ලිපි පෙලක් ලිව්වා. ලිව්වා කිව්වට මං කිව්වා.  මුණුබුරා ගැහුවා. ඒකට මොකක්ද අපූරු නමක් මුණුබුරා ඒ දවස්වල කිව්වා. පියදාස මුදලාලිගෙ බ්ලොග් එකද මොකක්ද කියල. මං දන්නෙ බ්ලොග් ගල් විතරයි. මට ඒ ලියවිල්ලම එපා වුනේ 2015 දුරුත්තෙ අපි කවුරුත් හිතපු නැති විදිහට පර්සි මල්ලි ඡන්දෙන් පැරදුනහම. නම වෙනිදා මහ පාන්දර අපි කට්ටියම පර්සි මල්ලිත් එක්ක කොළඹින් පහු බැහැලා රුහුණුකරේට ආවා. අම්මපා මේ වගේ තිරිසන් ජාතියක්. ගැමුණු කුමාරයගෙන් පස්සෙ රට එක් සේසත් කරපු උත්තමයෙක්ට සලකපු හැටි. මෙව්වා සහ ගහන අපරාධ. එතුමා ඕන තරම් මිනිස්සුන්ට සැලකුවා. මිනිස්සුන්ට හම්බ කරන්න දුන්නා. කකුල් දෙක අල්ලලා වැදපු ගමන් ඕන වරදකට සමාව දුන්නා. ඕන හොරකමක් කරලා ඇත්ත කිව්වොත් ඒක එතුමත් එක්ක බේර ගන්න තිබුනා. ඒ වගේ ගති පිහිටන්නේ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට. මට නං මහින්ද රාජපක්ෂ දෙවි කෙනෙක්. දෙවියන්ට වුනත් තරහ යනවා. අර බස් ගැමුණුවට ගැහැව්වෙ මගෙ ඉස්සරහනෙ. ඇයි ඒ විතරක් යැ. ඒකාලෙ හිටපු පොලිස්පති මහින්ද බාලසූරියට ගැහුව ගැහිල්ල. එහෙම ගහල හරි බැලුවෙ හදා ගන්න. මිනිස්සු ඒක වැරදියට තේරුම් ගත්තෙ. නැත්තන් ඉතිං මේ රටක් කොරන්න ග්‍රාමසේවක කෙනෙක්ට බාර දෙයියැ? දැන් පේනවනෙ කොරල තියෙන හරිය.

අපේ පරම්පරාවෙ හැමෝම ඡන්දෙ දුන්නෙ පර්සි මලයට. මගේ ලොකු නගාගෙ මනුස්සයා, අමරදාස මස්සිනා විතරයි සැබෑ වෙනසකට කියල ග්‍රාමසේවක මහත්තයට ඡන්දෙ දුන්නෙ. මිනිහ ඉතිං කොමියුනිස් කාරයනෙ. කවදාකවත් හදන්න බෑ. දැන් වෙනස සනීපද කියල ඇහුවහම ගලේ පහරපු බළලා වගේ නිස්සද්දව ඉන්නවා. ඇත්තම කියනව නම් රනිල් උන්නැහෙගෙ යූඇන්පී එකට අපේ කැමැත්තක් නෑ. රට ජාතිය ආගම ගැන බරපතල හැගීමක් රනිල් උන්නැහෙට නැහැ. යන්තමකට හරි ඒවගේ දෙයක් ඉතුරුවෙලා තියෙන්නෙ කරු ජයසූරිය උන්නැහෙ ලග විතරයි. ඒත් රාජපක්ෂවරුන්ගෙ ළග තියෙන දේශප්‍රේමයට දේශවාත්ශල්‍යට අලගු තියන්නවත් ඒක සෑහෙන්නෑ. කොහොමටත් එක්සත් ජාතික පක්ෂය කිව්වහම ඒ පක්සෙ හැම ජාතියකටම එක වගේ සලකන එකක්. ඉතිං කොහොමද සිංහල ජාතිය නගා සිටුවල බුද්ධාගම පෝෂණය කොට ආරක්ෂා කරන්නෙ. රට ජාතිය ආගම ආරක්ෂා වෙන්ඩ නම් ඒ ගැන කැක්කුමක් හැගීමක් තියෙන නායකයො බිහිවිය යුතුයි. සිංහලයන්ට තියෙන්නෙ මේ රට විතරයි. සිංහල ජාතිය ආරක්ෂා වුනොත් විතරයි බුද්ධාගම ආරක්ෂා වෙන්නෙ. මං ඔය ටික අමරදාස මස්සිනාට කිව්වහම ඒකා මට නක්කලේට හිනාවුනා. රටක් ජාතියක් ආගමක් ගැන කිසිම හැගීමක් නැති කොමිනිස්ට් කාරයො ඔහොමම තමයි.

ඔය අවුඅස්සෙ තමයි අර අතුරුදන් වූවන්ගෙ සංගමය කියන මොකක්ද අටමගලක් අටවගෙන ඉන්න බ්‍රිටෝ උන්නෙහේ ඇගේ මාලු ගඟේ නටන කාතාවක් ප්‍රවෘත්ති සාකච්ඡාවක කියල තිබ්බෙ. එකදාස් නමසිය අසූ නමේ ජවිපෙ කැරැල්ල වෙලාවෙ අපේ විමලසිරි ගම්ලත් එහෙමත් නැත්තන් මාතර ගංතුලානෙ විමල් වීරවංස උන්නැහේ අතුරුදන් වුනානම් හොදයි කියල. කටට හෙණ වදින්න ඕන කතා මෙව්වා. අසරණ දරු දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. දයාබර ස්වාමිපුරුෂයෙක්. ඒ හැම එකකටම වඩා දේශප්‍රේමී දේශ හිතෛශී රටක් වටින කටක් ඇති මහා තරුණ නායකයෙක්.  අසූ නමේ නැතිවෙච්ච හැට දාහක් තරුණයොත් හරි විමල් වීරවංශ උන්නැහෙත් හරි. උන්නැහෙගෙන් රටට දැයට සමයට වෙච්ච අප්‍රමාණ සේවය සලකන්න හැට දාහක තරුණයොත් විමල් වීරවංශවත් තරාදියකට දැම්මොත් විමල් වීරවංශගෙ පැත්ත තමයි අනිවාර්යෙන්ම බර වැඩිවෙන්නෙ.

එදා එකදාස් නමසිය අසූනමේ මාතර කඹුරුපිටියෙදි එස්ටීඑෆ් කාරයො විමල් වීරවංශට වෙඩි තිබ්බ වෙලාවෙ ඒ වෙඩිල්ල ඉලක්කෙට වැදුන්නැත්තෙ මුළු මහත් ජාතියෙම වාසනාවකට. එහෙම වැදුනනම් විමලසිරි ගම්ලත්ගෙ පිංතූරෙත් ජේවීපී ඈයො අවුරුද්දකට සැරයක් ප්‍රදර්ශනය කරාවි. නමුත් අපේ රට එච්චර අවාසනාවන්ත නෑ. යටලමත්තෙ ගුණදාස උන්නැහෙ (ගුණදාස අමරසේකර) ඒ කාලෙ ඉදලම පොත් ගණන් ලිව්ව ගැමි උගත් තරුණ පරපුරේ සංකේතය තමයි වීරෝධාර විමල් වීරවංශ. ඒ තමයි ජාතියේ පංචායුධය.  (පංචායුධය කියල ලියන හැමවෙලාවෙම අපේ මුණුබුරාට බංදුව දාන්න අමතක වෙනවා. එහෙම නිග්ගරහ කරන්න හොද නෑ මේ වගේ නායකයින්ට)

දැන් ඔය බ්‍රිටෝ උන්නැහෙ කියන්නෙ ඇන්ජීඕ ඩොලර්වලින් යැපෙන දේශද්‍රෝහී පරපුටුවෙක් වෙන්ඩැති. නමින්ම පේන්නැතෑ බටහිරයෙක් කියලා. දැන් ඔය හැමෝම බැන්නට විමල් වීරවංශ උන්නැහේට ඔය අතුරුදන් වෙච්ච දෙමළ හාදයො මක්කා හරි සම්බන්ධකමක් තියෙන්ඩ ඇති කොටිත් එක්ක. එහෙම නැතුව විමල් වීරවංශ උන්නැහෙ සාක්කි නැතුව ආවට ගියාට කෑ කෝ ගහන මනුස්සයෙක් නෙමෙයි. ජාතියේ පිනට තමයි මේ වගේ පිංවතුන් මේ පිං බිමේ උපදින්නෙ. ඔය දෙමළ හාදයො 11 දෙනා කොටි බෝම්බ ලොරියට මක්කා හරි සම්බන්ධයක් තියෙනවා කියල මට ඉර හද වගේ විශ්වාසයි. ඉර හද කෙසේ වෙතත් මට ඊට වඩා විමල් වීරවංශ උන්නැහෙව විශ්වාසයි.

2015 දුරුත්තෙ පර්සි මලය පැරදුනායින් පස්සෙ මං හිත හදාගත්තෙ මින් මනත කිසිම දෙයක් ලියන්නෙ කියන්නෙ නැහැයි කියල. ඒත් පර ජාතිකයො මේ වගේ ජාතියේ පිනට පහලවෙච්ච නායකයින්ට අලුගුත්තේරු කතා කියද්දි ඉහිලුම් දෙන්නෑ ආයිබොවං.  සම්බුද්ධ සාසනයත් ශ්‍රී ලංකා දීපයත් අවුරුදු දෙදාස් පන්සීයකට වඩා වැඩි කාලයක් රැකිලා තියෙන්නෙ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාත් කහ සිවුරත් රණ විරුවොත්  වගේම පර දෙසට පර බසට නොනැමෙන විමල් වීරවංශ වැනි උත්තමයින් නිසා බව ඔය බ්‍රිටෝ උන්නැහෙලා වගේ ආතක් පාතක් නැති ඇන්ජීඕ කුමන්ත්‍රණකාරයො කවුරු කවුරුත් ඉන්තේරුවෙන්ම තේරුම් ගන්නවනම් හොදයි කියන එකයි මට අන්තිමට කියන්න තියෙන්නෙ.

රට දැය සමයට අතුරු ආන්තරාවක් මේ පියදාස මුදලාලි ඕන වෙලාවක ඕන දෙයක් කරන්න සූදානම් බව අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.

මේ වගට
 ඇම්.ඒ. පියදාස
මුළු දිවයිනට බලපාන සාමදාන විනිශ්චයකාර
මාතර ස්ටෝස්
තංගල්ල

 

පෙර සටහන්

‘වැව් දහයක් වගේද එයාපෝට් එකක් කථානායක තුමෝ?'

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28613,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘අසූ නමේ වීරවංශ අතුරුදන් වුනානම් අද රට ජාතිය ආගම වල පල්ලෙ '
‘අසූ නමේ වීරවංශ අතුරුදන් වුනානම් අද රට ජාතිය ආගම වල පල්ලෙ '
http://ift.tt/2uT9qFF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_339.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_339.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy