නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කරන්නේ දුම්රහිත දුම්කොළ නිෂ්පාදනයන් තහනම් කිරීමෙන් සාම්ප්‍රදාය...
එම නිෂ්පාදන භාවිතයෙන් විවිධාකාර සෞඛ්‍ය ගැටළු මතුවන අතර මුඛ පිළිකා,ගලනාලයේ පිළිකා,මානසික රෝග හා බඩවැල් ආශ්‍රිත රෝග ඇතිවන බව අනාවරණ වී තිබේ. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව තරුණ පරපුර මුඛ පිළිකාවන්ට වැඩිවශයෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව එම නිවේදනයේ සඳහන් වෙයි. එම පිළිකා ඇතිවීම කෙරෙහි දුම්පානය මෙන්ම දුම් රහිත දුම්කොළ නිෂ්පාදනයන් භාවිතා කිරීමද හේතුවක් බව දැක්වෙයි.
විශේෂයෙන් අසල්වැසි රටවල මෙම දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීම නිසා එම නිෂ්පාදන මෙරටට ගලනය වන බවයි වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පෙන්වා දෙන්නේ.
පවත්නා මෙම තත්ත්වය පිළිබඳව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ එහි ඇති දුම්රහිත දුම්කොළ පිළිබඳ අනුකමිටුව නොයෙක් සමීක්ෂණයන්,පරික්ෂණයන් සිදුකර ඇති අතර අධිකරණය,පොලීසිය,රේගුව,සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි විශේෂඥයන් සමඟ සාකච්ජා පැවැත්වීමෙන් අනතුරුව මෙම තහනම පනවා තිබේ. ඒ අනුව මාවා, බාබුල් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය හෝ විකිණීම 2016 වසරේ සැප්තැම්බර් 01 වැනි දින සිට ඇති විශේෂ ගැසට් පත්‍රයක් හරහාම තහනම් කර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS