පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්‍ත්‍රාත් අධිකරණ විසින් ඇප ලබා දී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇප ඇයදුම අද (22) හෝමාගම ...
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්‍ත්‍රාත් අධිකරණ විසින් ඇප ලබා දී තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇප ඇයදුම අද (22) හෝමාගම අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත අතර මේ වන විට අධිකරණ සහ අවට ප්‍රදේශයේ පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එහි ආරක්ෂාව සඳහා යොදා තිබේ.
විවිධ ප්‍රදේශවල පිරිස් ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවල මේ වන විට උද්ඝෝෂණ පාගමන් දියත් කොට ඇති අතර කොළඹ - පිටකොටුව ප‍්‍රදේශයේ මහා සංඝ රත්නය ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහය තවදුරටත් ක්‍රියාත්මක අතර හිමියන්ට අද අධිකරණයේදී නිදහස නොලැබුණහොත් එය මාරාන්තික උපවාසයක් දක්වා දැඩි කරන බව සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පැවසූහ.
COMMENTS