ඉඩෝරයක සාංකාව පපු කුහරෙට ගෙන හුස්ම දිදී වලාකුළක් පෙනහැල්ලක් කර ඉර හරහා ඉවුරු තනා අතුරා මහ තෙත වැගිරෙන මංගල දියවර ආදර වැහි පොද පැළඳි හ...
ඉඩෝරයක සාංකාව පපු කුහරෙට ගෙන
හුස්ම දිදී වලාකුළක් පෙනහැල්ලක් කර
ඉර හරහා ඉවුරු තනා අතුරා මහ තෙත
වැගිරෙන මංගල දියවර ආදර වැහි පොද
පැළඳි හරිත සළු ද බරණ රන් ද රිදී මිණි
ලතා මඬුළු තුඟු කුදු තුරු හැම දරනා දෙණි
උල්පත් සිය දාස් ගණන් ගැප් හෙලනා මෙනි
මිහිකත් ඇකයෙන් අහසට ඉගිලෙත් දරු පිනි
අන්තරාව පසුකළ පසු ඉපදෙන සාදෙක
අන්තරාය කොටසක් වී ගැයෙනා ගීයක
ආකාසෙන් වර්ණ අතැර තුරුලේ ගඟුලක
ඉපදෙන හැම දිය බිඳුවක මහ සයුරක් ඇත
COMMENTS