කොළඹ නගරයේ කැළි කසළ බැහැර කරලීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනියම් පදනම මත බදවා ගෙන ඇති කම්කරුවන් 50 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියා...
කොළඹ නගරයේ කැළි කසළ බැහැර කරලීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනියම් පදනම මත බදවා ගෙන ඇති කම්කරුවන් 50 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අවසන් කර ඇති බවට එම සේවකයෝ චෝදනා කරති. බස්නාහිර පළාත් පාලන ආයතනය රාජ්‍ය සේවය වෙනුවෙන් අනියම් කම්කරු තනතුරු සඳහා එවකට සභාවේ සිටි නාගරික මන්ත්‍රීවරුන්‌ගේ නිර්දේශයෙන් තමන්ට මෙම පත්වීම් ලබා දුන් බවද ඔවුහු පවසති.
රුපියල් 555.93 ක දෛනික වැටුප් පදනම මත බඳවා ගත තමන්ට සති තුනකට වඩා සේවය කිරීමට අවස්ථාව නොලැබුණු බවද නගරයේ කැළි කසළ ගොඩ ගැසී තිබූ අවස්ථාවක උපරිම වශයෙන් ලබා දුන් සේවයට කර ඇති උපහාරය මෙය බවද ඔවුහු සඳහන් කරති. ආණ්ඩුවට සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හා එජාප හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ වුවමනාව මත මෙම අසාධාරණය සිදු වී ඇතැයි ද මේ වන විටත් මෙම දේශපාලඥයන් දෙදෙනාගේ මැදිහත් වීම මත කොන්ත්‍රාත් පදනම මත පිරිසක් බඳවා ගෙන ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳ කොළඹ මහ නගර සභාවේ නාගරික ලේකම් එච්.ඩි.සී.ජානකී මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතාගේ උපදෙස් මත එම අනියම් කම්කරුවන් 50 දෙනාගේ සේවය අවසන් කර ඇති බවය. මෙම අනියම් කම්කරුවන් 50 දෙනාගේ රැකියාවන් අහිමි වීම පිලිබඳ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීතියනගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ දේශපාලඥයන් දෙදෙනෙකුගේ වුවමනාව මත අනියම් කම්කරුවන් 50 ඉවත් කර කොන්ත්‍රාත් පදනම මත වෙනත් 50 දෙනෙකු රුපියල් 1200 ක දෛනික වැටුපකට බඳවාගෙන ඇති බවය.

COMMENTS