එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිවෙකුත් නම් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අද (3) දහව...
එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිවෙකුත් නම් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අද (3) දහවල් අවසන් තීරණයකට එළැඹෙයි.
අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවකදී පක්ෂ නායකයින් විසින් ඉහත තීරණයකට එළැඹ තිබේ.
එක්සත් ජාතික පෙරමුණ විසින් එළැබි ඉහත තීරණය අද සවස පැවති සාකච්ධාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් දැනුම් දීමට ද පියවර ගැණිනි.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ හයේම නායකයෝ ඉහත තීරණය ගත් සාකච්ඡාවට සහභාගී වු බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ නායකයා තීරණය කිරිමේ බලය කිසි ලෙසකින්වත් ජනාධිපතිට නොදෙන බව අවධාරණය කළ මනෝ ගනේෂන් මහතා ජනාධිපති කැමති වුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමි මන්ත්‍රීවරයා රටේ අගමැතිවරයා ලෙස නම් කළ බවද කීවේය.
COMMENTS