දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ඊ නිව්ස්' එකට දැන්වීම් දෙන්න එපා! - ජනාධිපති ගෙන් නියෝගයක්?
Homeප්‍රවෘත්ති

'ඊ නිව්ස්' එකට දැන්වීම් දෙන්න එපා! - ජනාධිපති ගෙන් නියෝගයක්?

PropellerAds

ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කරන 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට කිසිඳු දැන්වීමක් නොදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍ර...

ඡන්දෙ 9 වැනිදා තියන්නත් බෑ! ඇප මුදල් දැන්ම දෙන්නත් බෑ!
දැන් ගහන්නේ සාමාන්‍ය බද්දක් නෙමෙයි! ගලවා ගැනීමේ මෙහෙයුම් බද්දක්! බදු ගැන රනිල්‌ගේ අදහස මෙන්න
13 ගැන ජවිපෙ මතය හෙළිවෙයි! “මට හිතෙන්නේ එහෙම කියයිද දන්නේ නෑ” – සජීවි වැඩසටහනකදී හදුන්නෙත්ති අමුතු කතාවක් කියයි

ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කරන 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට කිසිඳු දැන්වීමක් නොදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍රකාශකයකුට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාල අමාත්‍යවරයා යටතේ පවතින ආයතනයක් ඊයේ දිනය දක්වා එම වෙබ් අඩවියට දැන්වීමක් ලබාදී තිබු අතර, ජනපති නියෝගයෙන් ඊයේ දිනයේම එම දැන්වීම ඉවත්කර ගෙන තිබේ.

'ලංකා ඊ නිව්ස්' වෙත දැන්වීම් සැපයූ ආයතන වෙත කතා කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීහු එකී දැන්වීම් නතර කර දමන්නැයි නියෝග කළ බව ද එම වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබිණ.

''බැඳුම්කර හොරු, විදේශයක සිට මෙහෙයවන වෙබ් අඩවියකට මුදල් ගෙවා මට මඩ ගස්සනවා ....''

පසුගිය මාස කිහිපය පුරා 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නිර්දය ලෙස විවේචනය කරමින් වාර්තා පළකර තිබිණ.

යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කැපව අපවත් වූ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දෙවන අනුස්මරණ උත්සවයට ඊයේ (08) සහභාගී වූ ජනාධිපතිවරයා, හොරු ඇල්ලීමට තමන් කොමිසමක් ආරම්භ කරන ලද බවත්, ඉන් හෙලි වූ හොරු, විදේශයක සිට මෙහෙයවන වෙබ් අඩවියකට මුදල් ගෙවා තමන්ට මඩ ගහන බවත් ප්‍රකාශ කළේය.

ඊ නිව්ස් 'බ්ලොක්' කරලා :

මේ අතර, ශ්‍රී ලංකාව තුලදී 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨවිමට බාධා මතුවී ඇති අතර, ඒ අනුව ඊයේ දහවල් සිට ශ්‍රී ලංකාවේ කිසිදු අයෙකුට www.lankaenews.com වෙත පිවිසිය නොහැකිය.

'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාව තුල වාරණය කරන්නැයි සියලුම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වෙත විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නියෝග කර ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ඊ නිව්ස්' එකට දැන්වීම් දෙන්න එපා! - ජනාධිපති ගෙන් නියෝගයක්?
'ඊ නිව්ස්' එකට දැන්වීම් දෙන්න එපා! - ජනාධිපති ගෙන් නියෝගයක්?
http://ift.tt/2zHHYNc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_286.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_286.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy