මෙම පනත අනුව මෙරට මුහුදු සීමාවට ඇතුල්වී නිතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන විදේශ ධීවර යාත්‍රා, ධීවර උපකරණ ධීවරයින් අත් අඩංගුවට ගන්නා අත...
මෙම පනත අනුව මෙරට මුහුදු සීමාවට ඇතුල්වී නිතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන විදේශ ධීවර යාත්‍රා, ධීවර උපකරණ ධීවරයින් අත් අඩංගුවට ගන්නා අතර, ඊට එරෙහිව පනවන දඩ මුදල දැනට තිබෙන දඩ මුදලට වඩා කිහිප ගුණයකින් වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.
ඒ අනුව මෙරට මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළුවන ධීවර යාත්‍රා සදහා මෙතෙක් පනවන ලද දඩ මුදල රුපියල් මිලියනයේ සිට මිලියන 100 දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම නීති විරෝධි පන්න ක්‍රමවල යෙදෙන දේශීය ධීවරයින් සදහා වන දඩ මුදල රු. 50,000 සිට රු. ලක්ෂ 05 දක්වා ඉහළ දමනු ලැබ තිබේ.
මේ වනවිට අපේ රටේ ධීවරයෝ නීතිවිරෝධී පන්න ක්‍රම රැසක් මෙන්ම ඉතාමත් දරුණු සී 4 (C4) වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම ඩයිනමයිට්, ටී එන්. ටී , TNT වැනි පුපුරණ ද්‍රව්‍ය ද යොදා ගනිමින් මසුන් මැරීමෙහි යෙදෙති.මෙවැනි ධීවර පන්න ක්‍රම නිසා අපේ මත්ස්‍ය සම්පත් විනාශ වෙනවා මෙන්ම මුහුදු පතුලේ ඇති කොරල් පර, ගල් පර, මත්ස්‍ය අභිජනන ස්ථාන බහුල වශයෙන් විනාශ වන බව පෙනී ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පවසයි.
එමනිසා මත්ස්‍ය සම්පත මෙන්ම මුහුදු පතුළේ ඇති සියලු ධීවර සම්පත් අනාගත පරපුරට සුරක්ෂිත කර දීමේ අරමුනින් මෙම පනත ඉදිරිපත් කරන බව
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
COMMENTS