සිය ප්‍රාන්ත කණ්ඩායම මෙහෙයවීමට හෝ අවස්ථාව නොලද ජෝ රූට් එංගලන්ත ටෙස්ට කණ්ඩායමේ නායකත්වයට පත්වූ අතර ඔහු එංගලන්තය බිහිකළ 80 වැනි ටෙස්ට් නාය...
සිය ප්‍රාන්ත කණ්ඩායම මෙහෙයවීමට හෝ අවස්ථාව නොලද ජෝ රූට් එංගලන්ත ටෙස්ට කණ්ඩායමේ නායකත්වයට පත්වූ අතර ඔහු එංගලන්තය බිහිකළ 80 වැනි ටෙස්ට් නායකයා වේ.
තමා නායකත්වය දරන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ හයවැනි පන්දුවාරයේදී පිටියට පිවිසීමට එංගලන්ත නායකයාට සිදුවූයේ පළමු කඩුලු දෙක ලකුණු 17 ක් තුළ බිඳවැටීම හේතුවෙනි. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ තෝරාගැනීම ඉතාමත් නිවැරදි බව පසක් කරමින් ඔහු දිනය පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් ලකුණු 184 ක් ලබාගත් අතර සිය පළමු තරගයේදීම ශතකයක් රැස්කළ හයවැනි එංගලන්ත නායකයා බවට පත්වීමට ජෝ රූට් සමත් විය. මීට පෙර මෙවැනි දස්කමක් දක්වා ඇත්තේ ආචි ජැක්සන්, ඇලන් ලෑම්බ්, ඇලිස්ටයාර් කුක්, කෙවින් පීටර්සන් සහ ඇන්ඩෘ ස්ට්‍රෝස් පමණි. ජෝ රූට් ලබාගත් ලකුණු 184 වාර්තා පොත්වල සටහන් වන්නේ එංගලන්ත නායකයෙකු සිය මුල්ම ඉනිමේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. කෙසේ වෙතත් හෙට දිනයේදී ඔහුට සිය ද්විත්ව ශතකය කරා යාමට වැඩි ඉඩප්‍රස්ථාවක් තිබේ.
පළමු දිනය නිමාවන විට ජෝ රූට් සමග කඩුල්ලේ රැඳී සිටින මොයින් අලි ලකුණු 61 ක් ලබාගෙන සිටින අතර ඔවුන් දෙදෙනා අතර හයවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 167 කි. රූට්ගේ උප නායකයා ලෙස උසස්වීම් ලැබූ බෙන් ස්ටෝක්ස් ලකුණු 56 ක් ලබාගත් අතර රූට් සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 114 ක් වාර්තා කිරීමට ස්ටෝක්ස් සමත් විය.
දිනය අවසානයේ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 87 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 357 ක් රැස් කරගෙන සිටී.
පන්දු යැවීමේදී පිලැන්ඩර් කඩුලු 3 ක් දවාගත් අතර මෝකල් සහ රබාඩා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
COMMENTS