දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත්
Homeගොසිප්

ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත්

PropellerAds

ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත් - උදය ගම්මංපිලගෙන් හෙළිදරව්වක්  පාර්ලිමේන්තු මන...

අසේල 85 -කුසල් නොදැවී 166 -යළි ටෙස්ට් ක්‍රිකට් ප්‍රබෝධයක්
බැඳුම්කර විමර්ශන සීඅයිඩීයට
දඹුල්ල රෝහලේ උපත් පාලන බලපෑම්කරන වෛද්‍යවරිය ගැන පරීක්ෂණ

ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න
ෆේස් බුක් මොනිටර් කරන්න

ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත්
- උදය ගම්මංපිලගෙන් හෙළිදරව්වක්


 පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂ හෙළිදරව්වක් යයි කියමින් දන්වා සිටියේ
ජංගම දුරකතනවලට රහසේ සවන්දීමට හා ෆේස් බුක් ගිණුම්වල කරන දෑ අධීක්ෂණයට, රුපියල් මිලිනය හාරසියයකට වැඩි මුදලක් වැය කර වත්මන් රජය අධීක්ෂණ උපකරණ ගෙන්වා ඇති බවයි.
ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.
'පසුගිය ජනාධිපතිවරණයේදී, ජනාධිපති සිරිසේන
මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරි අපූරු දෙයක් තිබුණා. රාජපක්ෂ ආණ්ඩුව, ආණ්ඩු විරෝධී දේශපාලකයන්ගේ දුරකතනවලට රහසේ සවන් දෙනවා. අපි බලයට ආවම ඒවගේ අශීලාචාර කැත වැඩ කරන්නේ නෑ කියලා තමයි ඔවුන් කිව්වේ. රාජපක්ෂ යුගයේ සවන්දීමේ හැකියාව තිබුණේ ස්ථාවර දුරකතනවලට පමණයි. නමුත් වර්තමාන ආණ්ඩුව මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වූවා උපකරණයක්. ජංගම දුරකතනවලට රහසේ සවන්දීමටයි ඒ උපකරණය ගෙනාවේ.
එහි දේශීය නියෝජිතයා ලෙස
කටයුතු කරන්නේ එන්. ඇබ්ලේ සමාගම.

මේ උපකරණ හරහා ජංගම දුරකතනවලට රහසේ සවන් දීමට නම් ජංගම දුරකතන සමාගම්, තමන්ගේ ජාලයට සම්බන්ධ වෙන්න අවසර ලබා දෙන්න ඕන. නැතිනම් එන්ක්‍රිප්ෂන් කෝඩ් නමින් හඳුන්වන කේත අංකය ආණ්ඩුවට ලබා දෙන්න ඕන. මේ උපකරණ ගෙන්වුවත් ජංගම දුරකතන ආයතනවල සහයෝගය නැතිව, ආණ්ඩුවට ඔබෙත් මගෙත් ජංගම දුරකතනයට රහසේ සවන් දෙන්න බෑ.

ඔත්තු බලන්නන්ගේ ඔත්තු බැලීම අපි කරනවා. ජංගම දුරකතන ආයතන ඔවුන්ගේ කේත අංක ආණ්ඩුවට ලබා දුන්නොත් ඔබ එය ලබාදුන් බවට අපි හෙළි කරනවා. ඉන් පසුව කිසිම කෙනෙක් ඒ ආයතනවල දුරකතන සේවාවන් ලබාගැනීමට ඉදිරිපත් වෙන එකක් නෑ. අපි මීට එරෙහිව කටයුතු කරන්නේ මේ ආණ්ඩුව ලබා ගත්ත ජන වරමට පටහැනි නිසයි.
මාධ්‍ය නිදහස ගැන කතා කරපු ජනතාවගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වන්න ඉඩ දෙන්නේ නෑ කියපු ආණ්ඩුවට කිසිදු බලයක් වරමක් නෑ ජනතාවගේ පෞද්ගලිකත්වයට අතපොවන්න.
මේ ආණ්ඩුව දැනටමත් රුපියල් මිලියන 400කට වඩා වැය කරලා ෆේස් බුක් අධීක්ෂණ උපකරණයක් ලංකාවට ගෙනැවිත් තිබෙන්නේ. ඒක ක්‍රියා කරන්නේ සී ආර් ඩී නැතිනම් සෙන්ටර් ෆෝ රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් කියන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනය යටතේ. ඔබ ෆේස්බුක්හි කරන සෑම දෙයක්ම ආණ්ඩුවේ දැඩි පරික්ෂාවට ලක් වෙමින් තිබෙන්නේ.

ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනපතිවරණයෙන් පරාජය කිරීමට තරුණ ෆේස් බුක් ක්‍රියා කරුවන් දැවැන්ත කාර්යක් ඉටු කලා. එතුමන්ට දැඩිව අපහාස කලා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ෆේස් බුක් වල තමන්ට එරෙහිව කටයුත් කරන අය මර්ධනය කිරීමට උත්සහ කලේ නෑ. අත් අඩංගුවට ගත්තෙත් නැ. ‘
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත්
ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත්
http://ift.tt/2sEa2hu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/400.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/400.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy