දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දඹුල්ල රෝහලේ උපත් පාලන බලපෑම්කරන වෛද්‍යවරිය ගැන පරීක්ෂණ
Homeගොසිප්

දඹුල්ල රෝහලේ උපත් පාලන බලපෑම්කරන වෛද්‍යවරිය ගැන පරීක්ෂණ

PropellerAds

දඹුල්ල රෝහලේ උපත් පාලන බලපෑම්කරන වෛද්‍යවරිය ගැන පරීක්ෂණ දඹුල්ල මහ රෝහලේ උපත් පාලනය සම්බන්ධ පොතේ නැති නීති රීති පැනවීම නිසා ආන්දෝලනයක් ...

හත් දරු බස් ව්‍යාපාරිකයා මළ පසු පවුල් දෙකක් මිනිය ඉල්ලා සටන් වැදිලා
පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය අහෝසි කෙරේ
සුසන්තිකා තවම රෝහලේ - රෝගය සුව අතට

දඹුල්ල රෝහලේ උපත් පාලන බලපෑම්කරන
වෛද්‍යවරිය ගැන පරීක්ෂණ


දඹුල්ල මහ රෝහලේ උපත් පාලනය සම්බන්ධ පොතේ නැති නීති රීති පැනවීම නිසා ආන්දෝලනයක් ඇති කළ වෛද්‍යවරියක සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති බන්දුල යාලේගම මාධ්‍ය වෙත දන්වා ඇත.
දරු ප්‍රසූතියෙන් පසු
මවුවරුන්ට උපත් පාලන සැත්කම් සිදු කිරීම සඳහා බලපෑම් කළ බව කියන වෛද්‍යවරිය රත්නපුර රෝහලේ සිට දඹුල්ල රෝහලට මාරුවීම් ලැබ පැමිණ ඇත්තේ මෙයට දෙසතියකට පමණ ඉහත දී බවත් ඇය රත්නපුර රෝහලේ සේවය කරන කාලය තුළදීත් මේ ආකාරයේ බලපෑම් මවුවරුන්ට සිදුකළේ ද යන්න පිළිබඳවද
පරීක්ෂණ සිදුකරන බවත් ඔහු සඳහන් කර තිබේ.

දඹුල්ල රෝහලේ දරුවන් බිහි කළ මවුවරුන්ට ටිකට් කපා රෝහලින් පිටව යාමට නොදී ඔවුන්ට උපත් පාලන සැත්කම් සිදුකර ගන්නා ලෙස බලපෑම් කළ බවට අදාළ වෛද්‍යවරියට චෝදනා එල්ලවීමෙන් පසු මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහාය ඇතිව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 උපත් පාලන සැත්කම් කළ යුත්තේ සැමියා හා බිරිඳ යන දෙදෙනාගේම කැමැත්ත මත බවත් ඒ සඳහා බලපෑම් කරන්නට කිසිදු වෛද්‍යවරයකුට නොහැකි බවත් පැවසේ.ස්ථිර උපත් පාලන සැත්කම් මෙන්ම තාවකාලික උපත් පාලන ක්‍රමද පවතින අතර මෙම රෝහලේ තාවකාලික උපත් පාලනයට වැඩි වශයෙන් බලපෑම් කර ඇත්තේ සියලු පාර්ශ්ව දැනුවත් නොකරයි.

දරු ප්‍රසූතියකින් පසු දෙවැනි දරුවා බිහි කිරීමට පෙර යම් කාලසීමාවක් උපත් පාලනය කිරීම යෝග්‍ය බවට වෛද්‍යවරු නිර්දේශ කරන නමුත් උපදේශන සේවාවන් පවත්වා මවුවරු දැනුවත් නොකර උපත් පාලනය සඳහා බලපෑම් කිරීම ගැටලුකාරී වී තිබේ.

 වෛද්‍යවරිය වැරැදිකාරිය වුවහොත් ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමේ හැකියාව ඇත්තේ මධ්‍යම රජයට බවද පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය. එල්ල වූ චෝදනා පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙල මහතා ප්‍රකාශ කර තිබේ.

පෙර වාර්තාව
උපත්පාලන සැත්කම නොකරන සව්වරුන්ට දඹුල්ල රෝහලේ ටිකට් කපන් නෑලු මෙතැනින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දඹුල්ල රෝහලේ උපත් පාලන බලපෑම්කරන වෛද්‍යවරිය ගැන පරීක්ෂණ
දඹුල්ල රෝහලේ උපත් පාලන බලපෑම්කරන වෛද්‍යවරිය ගැන පරීක්ෂණ
http://ift.tt/2mztiIz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_379.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_379.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy