දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවට ලකුණු 388 ක ඉලක්කයක්
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවට ලකුණු 388 ක ඉලක්කයක්

PropellerAds

මීට සුළු මොහතකට සිම්බාබ්වේ පිතිකරුවන් සිය දෙවැනි ඉනිම අවසන් කළේ සියලු දෙනා දැවී ලකුණු 377 ක් ලබා ගනිමිනි.   ලකුණු 10 ක මුල් ඉනිමේ වාසිය...

සන්ධාන මන්ත්‍රීවරු දෙපළට ඇප
ව්‍යවස්ථා අවුල් ලිහන්න අස්ගිරි මහා නාහිමි මැදිහත් වෙති
කළුඟග ව්‍යාපෘතියේ සේවකයෝ ගෙදර යවයි
ශ්‍රී ලංකාවට ලකුණු 388 ක ඉලක්කයක්
මීට සුළු මොහතකට සිම්බාබ්වේ පිතිකරුවන් සිය දෙවැනි ඉනිම අවසන් කළේ සියලු දෙනා දැවී ලකුණු 377 ක් ලබා ගනිමිනි.
 
ලකුණු 10 ක මුල් ඉනිමේ වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 59 ක් තුළ බිඳදැමීමට හේරත් ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් වුවද ඉන්පසු සිකන්දර් රාසා සහ පීටර් මුවර් හයවැනි කඩුල්ලට ලකුණු 86 ක් එක් කිරීමට සමත් විය. මුවර් ලකුණු 40 කට දැවීයාමෙන් පසුව රාසා සමග එක්වූ මැල්කම් වොලර් හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 144 ක් එක්කළේ ශ්‍රී ලංකා නායකයාගේ නළලත රැලි ගන්වමිනි. වොලර් 68 කට දැවීයාමෙන් පසු ඉනිමේ සාර්ථක පිතිකරුවා වූ සිකන්දර් රාසා ද ලකුණු 127 කට දැවී ගියේය.
 
පළමු ඉනිමේ නැංගුරම වූ ක්‍රෙග් අර්වින් (160) ආදර්ශයට ගනිමින් කඩාවැටී තිබූ සිම්බාබ්වේ දෙවැනි ඉනිම ගොඩනැංවූ රාසා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. පළමු ඉනිමේදී අර්වින් හා එක්ව නවවැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් පැවැත්වූ ඩොනල්ඩ් තිරිපානෝ දෙවැනි ඉනිමේදී නායක ක්‍රිමර් හා එක්ව නවවැනි කඩුල්ල සඳහා ලකුණු 55 ක් එක් කළේ සිය කණ්ඩායම වෙනුවෙන් තමන්ට පිත්තෙන්ද යමක් කළහැකි බව පෙන්වමිනි. නායක ක්‍රිමර් අවාසනාවන්ත ලෙස අර්ධ ශතකයට ලකුනු දෙකක් තිබියදී දසවැනි කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු පුවරුව කියවුනේ 377 ක් ලෙසයි.
 
පන්දු යැවීමේදී නැවතත් සාර්ථක වූ රංගන හේරත් කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය. එය ඔහුගේ ඉනිමක කඩුලු 5 ක් දවාගත් 31 වැනි අවස්ථාව මෙන්ම තරගයක කඩුලු 10 ක් දවාගත් 08 වැනි අවස්ථාව ද වේ. දිල්රුවන් පෙරේරා කඩුලු තුනක් සහ ලහිරු කුමාර එක් කඩුල්ලක් දවාගත්තේය.
 
මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 388 ක අසීරු ඉලක්කයක් ලැබී තිබේ. අවසන් වරට ශ්‍රී ලංකාව තුළදී ලකුණු 300 ට වඩා වැඩි ඉලක්කයක් හඹාගොස් ජයගෙන ඇතතේ 2006 වසරේදී දකුණු අප්‍රිකානුවන්ට එරෙහිවයි. එමෙන්ම මෙම තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජයගත හොත් එය ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ජයගන්නා පළමු ටෙස්ට් තරගය වනු ඇත.
 
ශ්‍රී ලංකාවට තරගය ජයගැනීම සඳහා හෝ පරාජයේ අවමානයෙන් ගැලවීම සඳහා හෝ තවත් පැය 9 කට ආසන්න කාලයක් තිබෙන අතර ඕවර් 120 කට වැඩි ප්‍රමාණයකට මුහුණදීමට සිදුවේ.
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවට ලකුණු 388 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට ලකුණු 388 ක ඉලක්කයක්
http://ift.tt/2tw6ERw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/388.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/388.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy