ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අචාර්ය සිද්දීකා ජී සේනාරත්න මහත්මියට විරුද්දව රහස් පොලිසියට පැමිණිලි කර තිබේ. සාවද්‍ය මනු...
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අචාර්ය සිද්දීකා ජී සේනාරත්න මහත්මියට විරුද්දව රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.
සිංහලේ සංවිධානය
අංක 99
එදිරිසිංහ පාර
නුගේගොඩ
ගරු අද්‍යක්ෂකතුමා
අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුව
කොලබ -01
2021-04-04
ගරු මහත්මයානෙනි ,
මහජන සෞඛ්‍ය ආරක්ෂාව , පහසුව , සභ්‍යතාව හා සදාචාරය පිළිබද නොසැලකිල්ල
අංක 22 වික්ටෝරියා පෙදෙස ඇල්විටිගල මාවත කොලබ යන ලිපිනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිහිටා ඇත .එහි අද්‍යක්ෂක ජෙනරාල් ලෙස අචාර්ය සිද්දීකා ජී සේනාරත්න යන අය සේවය කරන අතර වර්ෂ 2021-04-03 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලික රුපවාහිනි ආයතනයක් මගින් පටිගත කරන ලද විසින් සාකච්චාවකට සහභාගී වෙමින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව , පහසුව , සභ්‍යතාව හා සදාචාරය නොසලකමින් බරපතල අන්දමේ ප්‍රකාශයන් ගණනාවක් සිදු කරන්නට යෙදෙන ලදී .එම ප්‍රකාශ නිරීක්ෂණය කිරීමේදී ඇය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි ලෙස දක්වා ඇති ,
# 262 ජිවිතය්ට අන්තරාදායක වූ රෝගයක බෝවීම පැතිර විය හැකි නොසැලකිලිමත් ක්‍රියාව .
# 277 විෂ ද්‍රව්‍යක් පිලිබදව නොසැලකිලිමත්ව කටයුතු කිරීම
# 289 ව්‍යවස්ථාපිත යුතුකමක් නොකර හැරීම .
# 297 මිනී මැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය.
ඇතුළු වැරදි ගණනාවක් සිදුකර ඇත. ඊට අමතරව මෙම පැමිණිල්ලට අදාලව විමර්ශන නිලධාරින් ලෙස ඔබ ආයතනය විසින් පරික්ෂාවට ගන්නා වෙනත් ශාක්ෂි පදනම් කරගෙන මැයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් යුතුව අප සංවිධානය ඉල්ලා සිටිමු . අදාළ රුපවාහිනි නාලිකාවට අදාළ වීඩියෝ රූපරාමු වැඩිදුර ප්‍රකාශ වලදී ඔබ වෙත ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වෙමු .
ස්තුතියි
මෙයට විශ්වාසි
ප්‍රදීප් සංජිව පෙරේරා
ජාතික සංවිධායක
සිංහලේ සංවිදානය

COMMENTS