දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලනඥයකුගේ පුතෙකුගේ බිලියන 272ක් ඩුබායි බැංකුවක.
Homeප්‍රවෘත්ති

දේශපාලනඥයකුගේ පුතෙකුගේ බිලියන 272ක් ඩුබායි බැංකුවක.

PropellerAds

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක්...

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට පිටතදී මියගිය පළමු රෝගියා පිලිපීනයෙන්
තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවු මව පොලිස් අත්අඩංගුවට..
පොලිස් නිලධාරියෙක් නිල ඇදුමෙන්ම සැප රියකින් කේරල ගංජා ප‍්‍රවාහනය කරද්දී අත්අඩංගුවට…

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ හිටපු ප්‍රභූ දේශපාලනඥයකුගේ තරුණ මන්ත්‍රී පුතකු විසින් බව අනාවරණය කරගෙන තිබේ.

 මෙම මුදල මෙරට අයවැය පියවීමට තරම් ප්‍රමාණවත් වූ එකක් බවට අදහසක් පළකරන මූල්‍ය අපරාධ කොට්ඨාසය එතරම් මුදලක් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධවද තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණ පැමිණිල්ලක් මත මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය එම ගිණුමට අදාළව මූල්‍ය තොරතුරු හෙළිකර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ කණ්ඩායමක් එම ඩුබායි බැංකුව වෙත ගොස් ඇතත් එම ‍තොරතුරු එම බැංකුව විසින් පරීක්ෂණ අංශවලට ලබා දී නොමැති බව ද මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ වංචාකාරී ක්‍රියාවලින් උපයා ගන්නා ලද රුපියල් බිලියන ගණන් වූ මුදල් පසුගිය කාලයේදී විදෙස් බැංකුවල තැන්පත් කිරීම සහ විදෙස් ව්‍යාපාරික ආයතන සමඟ ගනුදෙනු කිරීමට අදාළ සිදුවීම් 86 ක් සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබේ. මේ වන විට එම ඉල්ලීම්වලින් පරීක්ෂණ 39 කට ජාත්‍යන්තර සහාය ලැබී තිබේ.

එක්සත් රාජධානිය මඟින් පරීක්ෂණ 13 කට සහාය ලැබී ඇත. සිංගප්පූරුව මඟින් තවත් පරීක්ෂණ 13 කට ද, ඉන්දියාව විසින් තවත් 13 කට ද, අමෙරිකාව විසින් පරීක්ෂණ 8 කට අදාළ මූල්‍ය ගනුදෙනු තහවුරු කර ගැනීම සඳහා සහාය ලබා දී තිබේ.

2015 ජනවාරි 21 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව එම වසරේ පෙබරවාරි මස 13 වැනි දින ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටවනු ලැබිණි.

අනතුරුව රුපියල් කෝටි සිය ගණන් වූ විවිධ මූල්‍ය වංචා, අපරාධවලට අදාළ පැමිණිලි 335 ක් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබුණි.

මෙම පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ පවත්වා නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසීමට අදාළ උපදෙස් ඉල්ලා නීතිපතිවරයා වෙත පරීක්ෂණ ලිපිගොනු 89 ක් යවා තිබේ.

ඉන් නීතිපති උපදෙස් ලැබී පවරා ඇති නඩු සංඛ්‍යාව 12 ක් වෙයි. මහාධිකරණවල මෙම නඩු පවරා තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි ලැබී ඇති නමුත් ඒ යටතේ පරීක්ෂණ කිරීමට අදාළ නොවන පැමිණිලි 115 ක් ඊට අදාළ වෙනත් පරීක්ෂණ අංශ වෙත යවා ඇත.

තවදුරටත් විමර්ශන යටතේ පැමිණිලි 131 ක් සිදුවෙමින් පවතී.

දැනට මහාධිකරණවල පවරා ඇති නඩු 12 මෙසේ වෙයි.

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් රුපියල් මිලියන 36 කට අධික ප්‍රමාණයක් සාපරාධී පරිහරණය කිරීම.

මෙම නඩුවේ විත්තිකරුවන් වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවි නැඟුම අධ්‍යක්ෂක ජෙනරාල් අමිත කිත්සිරි යන අයයි. කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වෙයි.

සතොසට අයත් මුදල් රුපියල් ලක්ෂ 28 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තාජා මොහිදීන් ශාකීර් සහ ලක් සතොස හිටපු සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ මුදල් රුපියල් ලක්ෂ පනහක් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදීමෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගජවීර ආරච්චිලාගේ ධම්මික මන්පීර පෙරේරා, එම කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක හර්ෂජීව ගොඩහේවා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මොහොමඩ් නවුෆර් ඊබ්‍රාහිම් යන අයට එරෙහිව එම නඩුව පවරා තිබේ.

මීට අමතරව පීපල්ස් ලීසිං සමාගමට අයත් රුපියල් මිලියන 388 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම. එම සමාගමට අයත් රුපියල් මිලියන 202 කට අධික මුදලක් සහ එම සමාගමටම අයත් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සෙනිත් ට්‍රස්ට් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ කිංස්ලි චන්දන ගුණවර්ධන, කිත්සෙන් සංජීව බණ්ඩාරනායක, වෙන්නප්පුලි ආරච්චිගේ සුසන්ත සහ වැල්ලවත්තආරච්චිගේ දුමිදු චතුරංග සිල්වා යන අයට එරෙහිව නඩු පවරා තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් සාවද්‍ය පරිහරණය ‍කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එම කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට ද රුපියල් මිලියන 64 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 15 ක් ලබාගැනීම සහ ඉතිරි මුදල් ඉල්ලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මොරින් ස්ටෙලා රණතුංග, නරේෂ් කුමාර් ෆාරික් යන අයට එරෙහිව නඩු පවරා තිබේ.

උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වූ දේපොළ සම්බන්ධයෙන් මිලියන 200 ක ඉඩම් අක්කර 16 ක් මිලදී ගැනී‍ම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතාට ද, Gowers කෝපරේට් සර්විසස් ආයතන හරහා රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධිකරණය කිරීම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුට ද,

දිවි නැඟුම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතියකින් තොරව රුපියල් බිලියන 2.99 සාවද්‍ය පරිහරණය සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනකුට ද, දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් 20,400,000.00 ක් ලබාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සාවද්‍ය පරිහරණය සම්බන්ධ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ද මෙසේ නඩු පවරා තිබේ.

මේ වංචා සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් පිරිස 56 කි. අධිකරණයට ඉදිරිපත් වූ පිරිස 10 දෙනෙක් වෙති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලනඥයකුගේ පුතෙකුගේ බිලියන 272ක් ඩුබායි බැංකුවක.
දේශපාලනඥයකුගේ පුතෙකුගේ බිලියන 272ක් ඩුබායි බැංකුවක.
http://ift.tt/2uHExAL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy