පොලිස් කොස්තාපල් වරයෙකු පොලිස් නිලඇඳුමින් සැරසී සුඛෝපභෝගී කාර් රථයකින් කේරල ගංජා තොගයක් රැගෙන යද්දි මාන්කුලම් කනගරායන්කුලම් ප්‍රදේශයේදී මාන...
සැකකාර පොලිස් කොස්තාපල් වරයා විසින් කිලිනොච්චිය සිට කන්තලේ දක්වා ධාවනය කරන ලද කාර් රථයක් ධාවනය කරමින් සිටියදී මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුනු බුද්ධී තොරතුරකට අනුව ආදල මෝටර් රථය ඒ- 9 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේදී නවත්වා ඇත.
එහිදී කාර් රථයේ පොලිස් නිලඇඳුමින් කොස්තාපල් වරයෙකු විසින් ධාවනය කොට ඇති අතර සැකකරු විසින් පරික්ෂා කිරීම් නොමග යැවීමට පවසා ඇත්තේ තමන් කන්තලේ ප්‍රදේශයට යන බවටත් කාර් රථය මහෙස්ත්‍රාත්වරයෙකුගේ බැවින් පරික්ෂා කිරීමට බාධා කොට ඇති නමුත් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදු කල පරික්ෂා කිරීමේදී කාර් රථයේ ඩිකියෙහි කේරල ගංජා කිලෝ 08 ග්‍රෑම් 650 ක් තිබී හමුවීමෙන් අදාල පොලිස් කොස්තාපල් වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් වරයා සහ කේරලගංජා සමග කාර්රථය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කනගරායන්කුලම් පොලිසීය වෙතට භාර දීමට මාන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇති ඇත.
සැකකාර් පොලිස් කොස්තාපල් වරයා අත්අඩංගුවට ගැනීම සඳහා මාන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.ජෙ.එස්.පී. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS