මාස තුනකට පෙර පළමු කොළරා රෝගියා හමුවීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ පමණක් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් කොළරා රෝගය හේතුවෙන් මියගොස් තිබේ. රෝගී...
මාස තුනකට පෙර පළමු කොළරා රෝගියා හමුවීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ පමණක් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් කොළරා රෝගය හේතුවෙන් මියගොස් තිබේ. රෝගීන් 350”000 ක් දෙනා රට තුළ දැනට ආසාදිතයන් වශයෙන් හඳුනා ගෙන ඇත.
බීබීසී පුවත්සේවය මෙම කරුණ අනාවරණය කළේ යේමනයේ හජ්ජා ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට විරල අවස්ථාවක් උදාකර ගනිමිනි.
දෙවසරක යුද්ධය හේතුවෙන් යේමනයේ සනීපාරක්ෂක සේවා සහ රෝහල් පහසුකම් පවතින්නේ සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු තත්වයක ය. එය සෞදි අරාබි රාජ්‍යයේ සහාය ලබන රජයේ හමුදාව සහ හූතී සටන්කරුවන් අතර පවතින අරගලයේ ප්‍රතිඵලයකි. දෙවසරක් තිස්සේ කල් ඇදී යන මෙම ගැටලුව සම්බන්ධයෙන් ස්ථිරසාර තීරණයක් ලබාදීමට අපොහොසත් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද මේ වන විට දැඩි දෝෂ දර්ශනයකට ලක්වෙමින් තිබේ.
කොළරාව ජලය මගින් පැතිරෙන රෝගයකි. යේමනයේ අති බහුතර ජනතාවට කොළරාවට හේතුවන විබ්රියෝ කොලරේ බැක්ටීරියාවෙන් දූෂණය වූ ළිං ජලය හැර එදිනෙදා ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට වෙනත් මගක් නැත.
- අමාලි ජයවීර
COMMENTS