එපමණක් නොව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මණ්ඩලයක් ද පිහිටුවා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් මහජන අදහස් ලබා ගනිමින්ද , එතැනින් නොනැවතී දිස්...
එම කටයුතු සිදු වන අතරවාරයේම කටකතා පැතිර ගියේ මහජන අදහස් ලබා ගත්තද ආණ්ඩුවට වුවමනා කරන ව්‍යවස්ථාව ජයම්පති වික්‍රමරත්න මහතා විසින් සකසමින් සිටින බවකි. එමෙන්ම මහජන අදහස් ලබා ගත්තේ ආණ්ඩුවේ “සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය “ ලොවට ප්‍රදර්ශනය කිරීමට විනා මහජන අදහස් වල වැදගත්කමක් සළකා එසේ නොකළ බවයි.
ඒ වගේම දශක තුනකට නො අඩු කාලයක සිට 13 වන සංශෝධනය හෙවත් පළාත් සභා ක්‍රමය පිළිබඳ පැවති වටමේස සාකච්ඡා සර්වපාක්ෂික සමුළු හා ඒ ගැන හැදැරීමට යැයි කියා ගිය විදේශ සවාරි වලින් අත් වූ ප්‍රතිඵලයක් නොමැතිව අපේම නොවන පිටස්තරයෙකු විසින් බලහත්කාරයෙන් අප මත පටවන ලද 13 මතම පක්ෂ විපක්ෂ වූ සියළු දෙනාම යැපෙන්නට සිදු වීමෙන් පැහැදිළි වන්නේ එකිනෙකාගේ කුහකකම් හා ඒ පිළිබඳව ඇති දැනුමේ සීමාවන්ය.
එය කටකතාවක් වුවත් අපේ රටේ දේශපාලකයන් කෙරෙහි පොදු මහජනතාව තුළ පවතින සැකය හා අවිශ්වාසය නිසා ඔවුන් තුළ කුකුසක් ඇතිවීම සාධාරණය. එම විශ්වාසභංගත්වය සනාථ කෙරෙන අත්දැකීම් ජනතාවට එමට ඇත. එක් අවස්ථාවක් නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පාලන සමයේදී ගත එක්තරා උත්සාහයක් ගැන මහජනයා දන්නා නිසාය. එතුමියගේ පාලන සමයේදී ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවා මහජන අදහස් ලබා ගෙන කිසිඳු සංවාදයකට ලක් නොකර ඈ විසින් තෝරාගත් පුද්ගලයින් කීප දෙනෙක් හරහා ‘පැකේජය‘ නමින් අමුතුම ආකාරයේ යෝජනාවලියක් -ප්‍රතිසංස්කරණයක් එළිදැක්වීය. වැඩිකල් නොගොස් එය ඉවත ලන්නට සිදු වූයේ මහජන විරෝධය නිසාය. එම ‘පැකේජය‘ප්‍රකාශයට පත් වීමත් සමඟ සුළු ජන කණ්ඩායම් වල ප්‍රධානීන් විසින් විවිධ යෝජනා ඉදිරිපත් කරන ලදී.
අෂ්රොෆ් අමාත්‍යවරයා විසින් මුස්ලිම් ජනතාව වෙනුවෙන් අග්නිදිග කලාපය වශයෙන් නැගෙනහිර පළාතෙන් ද , සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතා විසින් මධ්‍ය කඳුකරය හා ඊට තදාසන්න සබරගමුව හා ඌව පළාත් වලින් තේ වගාවට යට වූ ප්‍රදේශ ඇතුළත්ව කඳුරට කලාපය වශයෙන් ද ඉල්ලීම් හා බලපෑම් කරන්නට පසු බට නොවූහ. එදා ද ප්‍රකට වූයේ මෙරට බහුතර ජනයා මුලා කිරීමට ගත් උත්සාහය හා ඔවුන්ගේ දුර දැක්මේ ඇති පටු සීමාවන්ය. මහජනයාගේ සැකය සාධාරණ වන්නේ එතුමිය ද මෙම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින තිරය පිටුපස සිට ක්‍රියාත්මක වන චරිතයක් නිසාත් , ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට තුඩු දී ඇති මුඛ්‍ය පරමාර්ථයත් විමසා බැලීමෙනි.
මෑත කාලීනව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව දේශපාලකයින් තුළ කතා බහ ඇති වීමට හේතු වූයේ කරුණු කීපයක් නිසාය.
1. බලය බෙදීම
2. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
3.මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම යන කාරණා කීපයක් නිසාය.
උතුරේ අරගලය - එනම් එම කණ්ඩායම් අරගලයට හේතු වූයේ වෙනමම රාජ්‍යයක් ගොඩ නැගීම හා එම රාජ්‍යයයට අයත් සීමාවන් ලෙස උතුර නැගෙනහිර ඒකබද්ධ භූමිය විය. මේ අනුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති කිරීමට හේතු වූ මුඛ්‍ය පරමාර්ථ වල පටුත්වය හේතුකොට ගෙන මුළු මහත් ලාංකීය ජන ජීවිතය සුඛිත මුදිත කිරීමට හැකි වෙතැයි සිතිය නොහැකිය.
මේ පිළිබඳව එනම් ආණ්ඩුක්‍රම ක්‍රමයක් ආණ්ඩුක්‍රම - ව්‍යවස්ථාවක් අවශ්‍යය වී ඇත්තේ කුමන සාධකයන් ජය ගැනීමට ද යන්න වඩාත් ගැඹුරින් හරවත් සංවාදයක යෙදෙමින් විමර්ශනයක යෙදීම හැර ඝෝෂා කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලයක් නොමැත. මේ පිළිබඳව විරුද්ධවන්නන්ට හා වෙනත් මත දරන්නන්ට ඒත්තු ගැන්වීම වඩාත් ප්‍රජාතාන්ත්‍රීයව කළ යුතුය. එම වගකීම පැහැර හැරීම හා සුලබ හා ජනප්‍රිය කාරණා කෙරෙහි පමණක් එල්බ නොගෙන අසීරු හා නව චින්තනයන් කෙරෙහි අවධානය යොමු කිරීම , මේ ගැන උනන්දු වන්නන් හා විශේෂඥ සහාය එනම් දේශපාලකයින් නොවන සාම්ප්‍රදායික දේශපාලකයින්ගේ එනම් විද්‍යාර්ථීන්ගේ සහාය ලබා ගෙන ශ්‍රී ලංකා භූමියට ජන ජීවිතයට , පරිසරයට ගැළපෙන ආණ්ඩුක්‍රමයක් හා එම ආණ්ඩුක්‍රමය සුරක්ෂා කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුල පිරීම දැනුවත් පුරවැසියන් ගේ වගකීම ලෙස අප සැවොම ඉදිරියේ ශේෂ කොට තබා ඇත.
අළුත් දෙයක් ගැන සිතීමට පෙර නැවත ආපසු හැරී බලා ආණ්ඩු ක්‍රම විකාශනය පිළිබඳව සැකෙවින් හෝ විභාග කර බැලීමෙන් අනාගත අවශ්‍යතා සපුරාගත හැකි වෙතැයි විස්වාස කරමි.
මෙරට ජනයා යටත් වැසියන් වී අදට අවුරුදු 202 ක් ගෙවී ඇත. එයින් අපේම වූ ව්‍යවස්ථා දෙකක් යටතේ අවුරුදු 45ක් ගෙවා ඇති අතර ඉතිරි අවුරුදු 157ක්ම ගෙවා ඇත්තේ යටත් විජිතය විසින් අපට දායාද කළ ව්‍යවස්ථා හා අනිකුත් ආර්ථික සාමාජීය වෙනත් ආයතන මතය. තාමත් අපට දැකිය හැක්කේ ඔවුන් විසින් ඇති කළ සංවර්ධන ප්‍රතිලාභය පළමු කෙටුම්පත වන කෝල්බෘක් කැමරන් නිර්මාණය කළ “මන්ත්‍රණ සභා ආඥා පනත“ නම් ව්‍යවස්ථාව මගින් ආර්ථික කටයුතු ගැන විශේෂ අවධානය යොමු කිරීමින් පරිපාලන සීමා වෙන් කිරීමය. එම ප්‍රතිසංස්කරණ යටතේ අවුරුදු හැත්තෑ හයක් පාලනය විය. පසුව මැක්ලම් ප්‍රතිසංස්කරන්නන් , මැනිං ප්‍රතිසංස්කරණ කරන්නන් හා ඩොනමෝර් ප්‍රතිසංස්කරණ කරන්නන් අවුරුදු 22 ක් තුළසිදු විය. එම කාලය තුළ වැවිලි ආර්ථිකයත් , විදේශ වෙළදාම හා මහා මාර්ග දුම්රිය මාර්ගත් , අධ්‍යාපන ආයතන ගොඩ නගා තිබිණ.
එපමණක් නොව සර්වජන ඡන්ද බලයද හිමි වූ අතර වර්තමාන අමාත්‍යය මණ්ඩළයට මඟ පෑදූ විධායක කාරක සභා ක්‍රමය ඇති කරන ලදී. පසුව 1944 නැවත සෝල්බරි සාමි යටතේ ආ කොමිසම විසින් ‘ලංකා ආණ්ඩුක්‍රම රාජාඥාව “ යටතේ 1972 වන තෙක්ම පාලනය ගෙන ගියහ.
ඒ අතරතුර ඊනියා නිදහස ද ලැබිණ. එය ඩොමීනියන් තත්වයේ නිදහසක් විය. එනම් එංගලන්ත රැජින යටතේ පාලනය වීමය. 1972 ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රමය හඳුන්වා දීමෙන් පසු නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් විය.
එහිම දිගුවක් ලෙස 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් විය. එහි විශේෂය වූයේ අධිකරණයට පවා යටත් නැති විධායක ක්‍රමය හා නැවත විදේශිකයින්ට විවෘත කරදීමය. එය වෙළඳපොළ ආර්ථිකය නම් විය.
මෙහිදී සරළ සමාලෝචනයක යෙදෙනවිට අවස්ථා දෙකක් හඳුනාගත හැකිය. එනම්
යටත් විජිත පාලනය හා
ස්වදේශික පාලන කාල වශයෙනි.
මූලික ආණ්ඩුක්‍රම ව්‍යුහය හා සියළු යටිතල පහසුකම් දෙස බැලීමේදී තාමත් අපි යටත් විජිත සුන්බුන් මතම යැපෙමින් සිටින්නෙමු. නිදහස ලබන විට යම් ආර්ථික සමෘද්ධියක් පැවතියත් ස්වදේශික පාලනය යටතේ අප අසාර්ථක වී ඇත. කෝල්බෘක් කොමිසම් ආර්ථිකය කෙරෙහි හා පරිපාලන සීමාවන් කෙරෙහි දැක් වූ උනන්දුව තරම්වත් ස්වදේශික පාලකයින් ඒ කෙරෙහි දක්වා ඇති උනන්දුව අල්පය. යටත් විජිතය විසින් තැනූ මංමාවත් වලම කාපට් ඇතිරීම හැර අළුතින් ඉදිකළ මං මාවත් අල්පය. විදේශිකයන්ට එම ආයතන වලට ණය වී අධිවේගී මාර්ග නිම කිරීම හපන්කමක් විය නොහැකිය.
ඒ වගේම එදා නිර්මාණය කළ පරිපාලන සීමාවන් එදා ජනගහනයේ පැතිරීම ගැනද සලකා බැලීය. ඒ ගැන පවා කිසිඳු අවධානයක් යොමු නොකර , දේශීය නිෂ්පාදනය අඩපණ කරමින් යන මේ ගමන කෙළවර වන්නේ කොතනින්දැයි සිතාගත නොහැකිය.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආණ්ඩුක්‍රමය යටතේ ගෙවා ඇති කාලය අවුරුදු 40කට ආසන්නය. ඒ කාලය තුළ මානුෂික මුහුණුවර දීම, විධායකය අහෝසි කිරීම ගැන කළ කතා හා පොරොන්දු ගිවිසුම් කෙළවරක් නැත. අවුරුදු 40ක් තිස්සේ කෙකර ගෑවත් පැමිණි හරිහමන් ආයෝජකයෙකුත් නැත. රට ගැන හැඟීමක් ඇති බොරුකාරයින් කපටීන් නොවන පිරිසකට වැඩ කිරීමට පවතින ව්‍යවස්ථාවද බාධකයක් නොමැත.
තිබුණ ජාතික දේපළත් කුණු කොල්ලයට විකුණා ණය බරින් හා මැද පෙරදිග වහල් සේවයේ යෙදෙන නූගත් කාන්තාවන්ගේ ශ්‍රමයෙන් ලැබෙන ආදායම් වලින් ටයි කෝට් දමා ලැජ්ජා නැති උජාරු ජීවිත ගෙවන බොරුකාරයින් රොත්තක් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ ව්‍යවස්ථාවේම වරදකින්ම නොව ඔවුන්ගේ රාජ්‍ය පාලනය පිළිබඳව බංකොළොත්භාවය නිසාය.
මේ වන විට ස්වදේශිකයින් අතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් නිර්මාණය වුවද ඒවා ලාංකීය දේහයට ආගන්තුක වී ඇත. එපමණක් නොව ඒවාට ඇතුළත් කොට ඇති පරමාධිපති බලය මූලික අයිතිවාසිකම් , අධිකරණයේ ස්වාධීනත්වය , නීතියේ සාධාරණත්වය , රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය එම පුස්තකයට පමණක් සීමා වී ඇත.
COMMENTS