මෙම රහස් පොලිස් නිළධාරීන් හා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී ඇත්තේ පොලිස් නිළධාරියෙකුගේ විවාහ මංගල්‍යයකදීය. විද්‍යා ඝාතන නඩුව සම්...
මෙම රහස් පොලිස් නිළධාරීන් හා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී ඇත්තේ පොලිස් නිළධාරියෙකුගේ විවාහ මංගල්‍යයකදීය. විද්‍යා ඝාතන නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එකී රහස් පොලිස් නිළධාරීන් දුටු සැනින් සිසිල් සිල්වා ඔවුන්ට පවසා ඇත්තේ 'උඹලා හැදුවෙ අපේ ලලිත් බොස්ට කෙලින්න නේද ? එව්වා කොහෙද මං ඉන්නකං' කියමින් තමා පිළිබඳව පුරාජේරුවක නිරත වී ඇත. ඒ ඔස්සේ පොටක් පෑදෙන බව දත් රහස් පොලිස් නිළධාරීන් ඔහු සමග තවදුරටත් මදුවිත පුරා ඇත.
මදුවිතින් හෙඳහැටි සන්තර්පණය වූ කච කච සිල්වා මහතාව මුරුංගා අත්තේ තබමින් රහස් පොලිස් නිළධාරීන් 'අපි දන්නවා බොස් මාර වැඩකාරයෙක් කියලා.... කොහොමද අප්පා ඒවගේ මාර ගේමක් දුන්නෙ ?' යනුවෙන් විමසා තිබේ.
සියලුම පොලිස් නිළධාරීන් ඉදිරියේ සිසිල් සිල්වා වීරයෙකු මෙන් ලලිත් ජයසිංහව බේරාගත් ආකාරය මෙසේ විස්තර කර ඇත. 'ලලිත් බොස් දන්නවා දප්පුවා (නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා) මගේ හොඳ ෆිට්එකක් කියලා. බොසා මාව හම්බවෙලා කිව්වා සිසිල් මාව බේරගන්න පුලුවන් උඹට විතරයි කියලා. මං කිව්වා, බොස් බය නැතුව ඉන්ඩ. මං ගේමට එන්ටර් වෙන්නං කියලා.පස්සෙ මම දප්පුවාව හම්බුනා. ඌට මං හොඳ බෝලයක් බැස්සුවා. වැඩේ ගොඩ. අන්තිමට ලලිත් බොස් විතරක් නෙවෙයි ප්‍රොෆෙසරයවත් මං බේරගත්තා. උඹලා කොහෙද යකෝ මාත් එක්ක හැරෙන්නෙ ? අපෙ මහ එවුන් කරන වැරදි බලපුවාම ඕවා වැරදිද බං...?'
කෙසේ වෙතත් අපගේ නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට හා මහාචාර්ය තමිල්මාරන්ට වෙනමම, සාක්ෂි වසන්කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ගොනුකිරීම සඳහා සලකා බලාගෙන යන බවයි. නමුත් මේ දක්වා ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටවත් රහස් පොලීසිය වෙත නීතිපති අවසරය ලබාදී නොමැත.
COMMENTS