දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිනේශ්ගේ ජල කෙළි පෙළක් ම එළියට ! - 1 කොටස
Homeවිශේෂ පුවත්

දිනේශ්ගේ ජල කෙළි පෙළක් ම එළියට ! - 1 කොටස

PropellerAds

තමන් හෙළුවෙන් යන ගමන් අනුන්ගේ රෙද්ද උස්සා හූ කියනා දිනේශ්ලා යනු කම්බා හොරුන්ය. සුදු රෙදිත් ඇඳගෙන මාධ්‍ය හමුවලට පැමිණ Top 10 ගැන කියනා දින...

මහාචාර්ය සිරි ගුණසිංහ මහතා අභ්‍රාවප්‍රාප්ත වේ!
ආණ්ඩුවේ අර්බුද වහන්න කළ කැබිනට් සංශෝධනය නිසා අලුත් අර්බුද
තහංචි මැද්දෙන් - සුනන්ද දේශප්‍රිය
දිනේශ්ගේ ජල කෙළි පෙළක් ම එළියට ! - 1 කොටස

තමන් හෙළුවෙන් යන ගමන් අනුන්ගේ රෙද්ද උස්සා හූ කියනා දිනේශ්ලා යනු කම්බා හොරුන්ය. සුදු රෙදිත් ඇඳගෙන මාධ්‍ය හමුවලට පැමිණ Top 10 ගැන කියනා දිනේශ්ගේ ටොපේ ටොප් කොල්ලයන් වැලක් ම අපට හෙළිදරව් වී තිබේ. මේ ඉන් පළමුවැන්නයි.

ඇස්තමේන්තු වටිනාකම සැඟවේ.
ඒ, 2013/2014 දිනේශ් ගුණවර්ධන ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ධුරය දැරූ සමයයි. අම්පාර කලවංචිකුඩි ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ව්‍යාපෘතියක් ඉදිරිපත් වී තිබිණි. ව්‍යාපෘතිය ඇස්තමේන්තු ගත කර තිබුණේ රුපියල් බිලියන 4.9 කටය. ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව, රුපියල් මිලියන 15ට වැඩි සෑම ව්‍යාපෘතියක් සඳහා ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුව ඇත. මෙකී ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ද අමාත්‍ය දිනේශ් විසින් කැබිනට් අනුමැතිය ලබාගෙන තිබිණි. එහෙත් ඒ ව්‍යාපෘති වටිනාකම රුපියල් බිලියන 3ක් ලෙස දක්වමිනි. ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳ වූ ටෙන්ඩර් නිවේදනයේ ද සඳහන් ව ඇත්තේ රුපියල් බිලියන 3ක ව්‍යාපෘති වටිනාකමකි. මේ නොමඟ යැවීමට හේතුව සැඟව පවතින්නේ 2013 වර්ෂය ආරම්භයේ පටන් ය.

Sun Power සමඟ 'පෙම් හසුන්'
2013 මුල පටන් ම අදාල කලවංචිකුඩි පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය පිළිබඳව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය Sun Power Systems Private Limited නම් සමාගමක් සමඟ ලිපි ගනුදෙනු කර තිබේ. මෙම Sun Power සමාගම මුලින් මහාරාජා සමූහ ව්‍යාපාරයට අයිතිව තිබී ඇති අතර පසුව එහි සභාපති වී ඇත්තේ ජයන්ත සමරකෝන් නමැත්තෙකි. ටෙන්ඩර් කැඳවීමක් යනු රහසිගතව සිදු කෙරෙන්නකි. එසේ වන්නේ අවම ලංසුවට ටෙන්ඩරය ලබා දිය යුතු නිසාය. ටෙන්ඩරය පිළිබඳව ප්‍රසිද්ධ කෙරෙණ කරුණු ටෙන්ඩර් නිවේදනය සහ ටෙන්ඩර් ලිපි ලේඛන හරහා ප්‍රසිද්ධ කෙරෙන්නේ සියළු කටයුතු සම්පාදනය කිරීමෙන් අනතුරුව එක් වරමය. එහෙත් මෙහි දී දිනේශ් අමාත්‍යවරයා සියළු ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබෙන්නටත් පෙර ම Sun Power සමාගම සමඟ 'පෙම් හසුන්' හුවමාරු කරගෙන තිබේ. හොඳම හරිය ඉදිරියට ය.

ටෙන්ඩර් පටිපාටි කැලේ
ටෙන්ඩර් දැන්වීමෙහි දැක්වෙන වටිනාකම රුපියල් බිලියන 3ක් නිසාත් රුපියල් බිලියන 3කින් මෙම කොන්ත්‍රාතුව සම්පූර්ණ කිරීමට නොහැකි නිසාත් වෙනත් කිසිදු පාර්ශ්වයක් මේ ටෙන්ඩරය පිළිබඳව උනන්දු වන්නේ නැත. එහෙයින් ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කරන්නේ දිනේශ් කලින් ම ලිපි ගනුදෙනු කළ Sun Power සමාගම පමණි. ඇස්තමේන්තු වටිනාකම රුපියල් බිලියන 4.9ක් වෙද්දී දිනේශ් මුල පටන් පැටළුණු Sun Power සමාගම මීට ලංසු ඉදිරිපත් කරන්නේ රුපියල් බිලියන 9ක් ලෙසය. එනම්, ටෙන්ඩර් දැන්වීමෙහි සඳහන් වටිනාකම මෙන් තුන් ගුණයකට ය. එසේම ඔවුන් රුපියල් බිලියන 6.84ක විකල්ප ලංසුවක් ද ඒ සමඟම ඉදිරිපත් කර ඇත.

අදාල ටෙන්ඩර් දැන්වීමෙහි පැහැදිලිව ම දක්වා ඇත්තේ විකල්ප ලංසු භාර නොගන්නා බවය. එහෙයින් Sun Power සමාගම පුදන කොටම ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කර ඇත. එසේම විවෘත ටෙන්ඩර් කැඳවීමක දී සම්ප්‍රදාය වන්නේ අවම වශයෙන් ලංසු 3ක් හෝ සලකා බලා වඩාත් සුදුසුකම් ඇති සමාගමට කොන්ත්‍රාතුව පැවරීමය. එහෙත් මෙහිදී ඉදිරිපත් වී සිටියේ එක් සමාගමක් පමණක් බැවින් ප්‍රසම්පාදන රෙකුලාසි අනුව නම් කළ යුතුව තිබුණේ ව්‍යාපෘතිය සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමය. එහෙත් දිනේශ්ගේ සහ දිනේශ් Sun Power සමාගම සමඟ හුවමාරු කරගත් ලිපිවල බලයෙන් එය එසේ වූයේ නැත.

තවද ටෙන්ඩරය සලකා බැලූ ටෙන්ඩර් ඇගයීම් කමිටුව Sun Power සමාගමේ රුපියල් බිලියන 9ක ඇස්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබිණි. එසේ ම එම කමිටුව වැඩි දුරටත් සිය වාර්තාවෙහි සඳහන් කර තිබුණේ අදාල Sun Power සමාගමට මෙම පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය ඉටු කිරීම සඳහා ශක්‍යතාවයක් හෝ මූල්‍යමය හැකියාවක් ද නොමැති බවය. විය යුතුව තිබුණේ Sun Power සමාගමේ ටෙන්ඩරය ඉවතට විසී වීමය. එහෙත් ඇමති දිනේශ්ගේ බල පරාක්‍රමය මත සිදුවූයේ ටෙන්ඩර් ඇගයීම් කමිටුවේ වාර්තාව කුණු කූඩයට විසි වී රුපියල් 6,848,060,758 /= ක විකල්ප ලංසුවේ වටිනාකමට කොන්ත්‍රාතුව Sun Power සමාගමට හිමි වීමය. ඒ අනුව කොන්ත්‍රාතුව පිරිණමා ඇත්තේ ටෙන්ඩර් දැන්වීමේ සඳහන් මුදලට වඩා රුපියල් 3,848,060,758 /= ක් වැඩියෙනි. ඒ 2014.07.23 දිනය. දේශප්‍රේමය ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ දී දොගොඩ තළා ගලා ගොස් තිබුණු එක් අවස්ථාවක් එහෙමය.

Sun Power හරහා හොංකොං ගිණුමකට කොමිස්
මේ අනුව පැහැදිලි වන්නේ ඇස්තමේන්තු ගත වටිනාකම විකෘති කර ඉදිරිපත් කිරීමෙහි පටන් ම මෙම කලවංචිකුඩි පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය Sun Power Systems Pvt. Ltd. සමාගමට ම ලබා දීම සඳහා ඇමති දිනේශ් ක්‍රියාත්මක වී ඇති බවය. මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොවේ. රුපියල් බිලියන 4.9කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතියක් රුපියල් 6,848,060,758 /= කට තමන් මැදිහත් වී පවරා දීමෙන් අනතුරුව Sun Power සමාගම හරහා දිනේශ්ගේ නමට නොවුණ ද ඔහුට අයිති ගිණුමකට හොංකොං දේශයට ගැලූ මුදල් ප්‍රමාණය ගැන ද විස්තර අප සතුය. Sun Power සමාගම සමඟ කළ ලිපි ගනුදෙනු වල පටන් සියළුම විස්තර අප සතුව පවතින අතර නුදුරේ දී ම ඒ සියල්ල හෙළිදරව් කිරීමට ද බලාපොරොත්තු වන්නෙමු.

දේශප්‍රේමය මේකද ?
ඉතිං ලංකාවේ ටොප් ටෙන් ලා ගැන කියන්නේ ආසියාවේ ටොප් ටෙන් මට්ටමේ සිටිය යුතු අලිබබා සහ හොරු හතළිහේ කණ්ඩායම ය. මීට පෙර වතාවක් මේ දිනේශ් නම් බොරළුගොඩ සිංහයාගේ අහවල් පුත්‍රයා හතර වෙනි තට්ටුවේදී ක්ලාන්ත වන්නේ මහල් නිවාස ගනුදෙනුවක කොමිස් මුදල් රුපියල් මිලියන 20ක් දිනේශ්ගේ පුද්ගලික සහකරුගේ අක්කාගේ බැංකු ගිණුමෙන් මතු වූ විටය. හොරකම් ගැන රටට කියන්නට එන්නේ මෙහෙව් දිනේශ්ලා ය. ඒකාබද්ධ විපක්ෂයට වී දිනේශ් ඩෙඟා නටන්නේ දේශප්‍රේමයක් හෝ වෙනත් මළ උලව්වක් නිසා නොව දිනේශ්ගේ මේ හොරකම් පිළිබඳව 'ෆයිල්' මහින්ද රාජපක්ෂ ළඟ තිබෙන නිසාය. ඇත්තම කීවොත් දිනේශ්ලා මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නේ පැන්නොත් ෆයිල් එළියට එන නිසාය.

රෙදිත් ඇඳගෙන දිනේශ් හොරකම් ගැන කියනා විට හුරේ දමනා උන්ගේත් රෙදි නැතිවෙන දිනේශ්ගේ කෙරුවාව එහෙමය. අපට ඇති අනෙත් ප්‍රශ්නය නම් 'හොරු අල්ලන' මන්තරය මතුර මතුරා ලබා ගත් බලයට වසර දෙකකුත් මාස දෙකක් පිරෙද්දීත් දිනේශ්ලා තාමත් එළියේ ඉන්නා 'යහපාලනයේ මෛත්‍රී පාරමිතාව' ගැනය. මේ දිනේශ්ගේ ජල කෙළි වලින් එකක් පමණි. දුසිමක් පිළිබඳව විස්තර දැනට 'ලංකා නිව්ස් වෙබ්' අප සතුව ඇති අතර ඒ සියල්ලම ජනතාව හමුවේ තැබීමට අප සූදානම් ය. වාචාල කමට කෑගසා අද (8) දිනයේ පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමුණු දිනේශ් මේ මොහොතේ පටන් රෙදිත් නැතිව ම ගෙදර යන්නට සූදානම් වනවා නම් හොඳය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29414,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිනේශ්ගේ ජල කෙළි පෙළක් ම එළියට ! - 1 කොටස
දිනේශ්ගේ ජල කෙළි පෙළක් ම එළියට ! - 1 කොටස
http://ift.tt/2mijZuN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy