දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං ආවේ සාරංග බලන්න
Homeප්‍රවෘත්ති

මං ආවේ සාරංග බලන්න

PropellerAds

මේ දිනවල උමාලි පේ‍්‍රක්ෂකයින් අතට පැමිණෙන්නේ සී රජ ටෙලි මාලාවේ ලෝකිතා සහ නිනෝ ලයිව් චිත‍්‍රපටයේ රිචී යන චරිත සමගය. පසුගිය මාස කීපයේදී ශ්‍රී...

ආර්ථික මධ්‍යස්ථානය ඉල්ලා ඕමන්තේ යළි උපවාසයක්
බිළිඳා කෝවිල අසල දමාගිය දෙමව්පියන් බන්ධනාගාරයට
එ්කාබද්ධ විපක්ෂය කළු පටි පැළඳ පාර්ලිමේන්තු එයි
මේ දිනවල උමාලි පේ‍්‍රක්ෂකයින් අතට පැමිණෙන්නේ සී රජ ටෙලි මාලාවේ ලෝකිතා සහ නිනෝ ලයිව් චිත‍්‍රපටයේ රිචී යන චරිත සමගය. පසුගිය මාස කීපයේදී ශ්‍රී ලංකාවෙන් බැහැරව සිට නැවත පැමිණ සිටින උමාලි සඳැල්ල සමග පිළිසඳරකට එක්වූ අයුරුයි මේ.

 මහරජ ගැමුණු චිත‍්‍රපටයේ එළාර රජුගේ දියණිය

සී රජ ටෙලි මාලාවේ ලෝකිතා

බොහිමියානුවා ටෙලි මාලාවේ ප‍්‍රධාන චරිතය

පූජාසනයේ සඳෙලි

කල්කටාවේ මදර් තෙරේසාහි - මැගී

ෆයිනල් ජජ්මන්ට්හි - රින්

ජපානයේ අගෝස්තු තැනුව චිත‍්‍රපටයේ නේපාල දැරිය

ජපාන සොකෝ නන්තෝකා ටෙලි මාලාවේ බාබරා

හොලිවුඞ් චිත‍්‍රපටයක් වන ඊක්වල්හි ඇලිස්

මෙලෙසින් ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ තවත් බොහොමයක් තිබේ. නමුත් උමාලි ඉරුදිනි ගේ රංගන දක්ෂතා ගැන කියන්නට ඒ නිර්මාණ නාමාවලිය හොඳටෝම ප‍්‍රමාණවත්ය.

මාස කීපයක් තිස්සේම පෙනෙන්න නොසිටි ඔබ නැවතත් කරළියට ඇවිත්, පසුගිය දිනවල මොනවද කළේ?

බොහෝ දේ කළා. භාවනා කළා. බොහෝ පොත් කියෙව්වා. මව්පියන් සහ ඥාතීන් සමග කාලය ගත කළා. පූජනීය ස්ථාන කීපයකටත් ගියා.

මේ දිනවල මොනවද කරන්නෙ?

නිනෝ ලයිව් මංගල දැක්මට සහභාගි වුණා. අපි සංචාර එහෙම සංවිධානය කරන නිසා අපේ සමාගමේ වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. ඒ අතරේදී බොහිමියානුවා නිර්මාණය සම්මාන උළෙල කීපයකදීම නිර්දේශයට පාත‍්‍රවීම සතුටට කරුණක්. ජපානයේ සිට රංගනය ගැන හදාරා ආපසු මම දායක වූ පළමු නිර්මාණය එයයි. ඉස්සර මම ජපානයේ සිට නිවාඩුවට ආවාම තනියම මගේ ගෙදර තමයි කාලය ගත කළේ. නමුත් විවාහයෙන් පසු නැවත ජපානයට ගොස් නැවත ලංකාවට පැමිණීම මට ගෙන දුන්නෙ වෙනස්ම අත්දැකීමක්. බිරිඳක ලෙස මට මගේ සැමියාගේ ගෙදර ඒ කටයුතුවලට මගෙන් වියයුතු වගකීම ඉටු කරන අතරේ රංගන, ගායන ආදී කලා කටයුතුවලටත් දායක වෙන්න සිදු වුණා. ඒ ගෙවී ගිය කාලයේදී හති අරින්නවත් වේලාවක් නොතිබූ තරම්.

ඉගෙනීම් කටයුතු දැන් සම්පූර්ණයෙන්ම හමාර කරලද?

ඉගෙනීම් කියන දේ කවදාවත් ඉවර කරන්න බැරි දෙයක්. කැලණි සරසවි එම්.ඒ. උපාධියට ලියාපදිංචි වෙලා සිටින්නෙ. විවාහයෙන් පසු පුද්ගලික ජීවිතයේ වැඩකටයුතු බහුල වූ නිසා එය තරමක් ප‍්‍රමාද වුණා. වගකීම් කියන දේ ඉටු කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඒ සියලූ දේ අතරේ තමයි කලා කටයුතුවලටත් දායක වුණේ.

නිනෝ ලයිව් ගැන කොහොමද හිතන්නෙ.

තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ මේ චිත‍්‍රපටය රූගත කළේ වසර අටකට විතර පෙරදියි. චිත‍්‍රපටයක් කරන්න යන බව දැනගත්තාම මම ඔහුට සුබ පැතුවා. නමුත් එහි රඟපෑමේ අදහසක් මට තිබුණෙ නැහැ. ඒත් පසුව මට ඊට දායක වීමට ලැබුණා. ප‍්‍රධාන චරිත අතරින් එක් චරිතයක්. මේ චරිතය වගේම චිත‍්‍රපටයත් හරි සමීප බවක් මට ගෙන දුන්නෙ. මේ චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයින්ට වෙනස්ම අත්දැකීමක් ගෙන දේවි.

ඉතින් මොකක්ද මේ නිනෝ ලයිව් කියන්නේ. ජීවිතයට හරි සම්බන්ධ නිර්මාණයක්. රියැලිටි ටීවී කියන සංකල්පය මුල් කරගෙන නිර්මාණය වූ අපූරු චිත‍්‍රපටයක්. චිත‍්‍රපටය නරඹන අතරේ රසවිඳින්නට වගේම නරඹා හමාර වූ පසුවත් හිතන්න යමක් ජීවිතයට ඉතිරි කළ චිත‍්‍රපටයක්.

ඔබගේ ජීවිතය අද කොහොමද?

ආගමට නැඹුරුව ජීවිතය සොය යන පරිසරයක් මට තිබුණෙ. ජීවිතය සහ මුහුණ දෙන සිදුවීම් යනු එක්වර නිගමනය කළ හැකි දෙයක් නෙවෙයි.

ජීවිතයේ සෑම දෙයක් ගැනම සොයලා බලලා විසඳුම් කරලා තමයි අවසාන නිගමනයකට ආ යුත්තේ. මම ජීවිතය හැඩ ගැසී සිටියෙ එහෙමයි.

මිනිස්සු මං දිහා බලන විදිය හෝ හිතන විදිය ගැන මට හදන්න බැහැ. මිනිස්සු හිතන විදිය හැදෙන්නේ එයාලගෙ වටපිටාව සහ ඇසුර අනුවයි.

ඕපාදුප බලන්න කැමති තව කෙනෙක්ගෙ දේ බලන්න කැමතිය කියන ඕපාදුප සංස්කෘතිය තියෙන්නෙ ඉතාම සුළු පිරිසක් අතරයි. කොහොමටත් මම ඕපාදුප සංස්කෘතියක් ඇසුරු කළ කෙනෙක් නොවෙයි. ඒ නිසා ඒවායෙහි පළවූ දේ මොනවද කියලා අදටත් මට දැනගන්න ඕනැ නැහැ. සමාජයට වගකියන මාධ්‍ය වඩාත් අරුත්බරවීම ගැන මා තදින්ම විශ්වාස කරන දෙයක්. ඒ මොහොතට සාපේක්ෂව ජීවිත් වීමේදී සම්මා දිට්ඨියෙන් ජීවත්වීම තමයි වැදගත්ම දේ.

ඔබගෙ ජීවිතයට පසුගිය දිනවල මොකක්ද වුණේ?

ඇයි මොකක්ද වුණේ?


ඔබ සහ ඔබගේ සැමියා විරසක වුණාය, ආදී වශයෙන් පළ වූ බොහෝ දේ අහන්න දකින්න ලැබුණා. එහෙම නේද?

සමාජයේ එක් එක් මට්ටම්වල මිනිස්සු ඉන්නෙ. ඒ අය හිතන පතන දකින කරන කියන විදිය වෙනස්. කලාකරුවන් ජනප‍්‍රිය වූ නිසාම ඔවුනගේ ජීවිත අලලා වගකීමකින් තොරව කවරකු හෝ පුවත් පළ කරනවා නම් ඒක ඒ කලාකරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මට අදාළ නොවන කිසි දෙයක් මම බාර ගන්නෙ නැහැ. ඒ නිසා තමයි ඔය කියන ඕපදූප කතා අතරේ මම නිහඬව සිටියේ. මොකද ඒවා මට අදාළම නැති නිසා. පුවත් මැව්වා නම් මවපු අය වගේම ඒවා විශ්වාස කළ අයත් ඒවා බාර ගනීවි.

ආදරේ කතන්දරේ

රහසේ පිටවුක් පෙරළුණා

ආදරේ කතන්දරේ රහසේ පිටවුක්

පෙරළුණා

දෙහදක් යා කළා සඳවත සේයා

ඔබ මා තුරුලේ සැඟවුණා

මේ සුන්දර ගීතය ඔබ දෙදෙනා ගැයුවේ විවාහ උත්සව දිනයේදීයි, අද කොහොමද එය දැනෙන්නේ?

ඒක සුන්දර දවසක්. ඒ සුන්දර සිහිනයේ මතකය එහෙමමයි. ජපානයට ගිහින් ඉඳලා මං මේ ආවේ මගේ සැමියා බලන්නයි. මාස ගණනකින් අපි දෙන්නාට හමුවෙන්න බැරිවුණා. මම ආවේ ඔහුව දැකගන්න. එහෙම නැතුව ගොසිප්වලින් ජීවත්වන මිනිස්සුන්ට උත්තර බඳින්න ආව ගමනක් නොවෙයි මේ. කතාවට කියනවනෙ බත් හැලිය ඉදෙනකල් විතරයි දෙන්නා දෙමහල්ලො විරසක වීම කියලා. ජීවිත එකම විදියට ගලා යන්නෙ නැහැනේ. අලූත බැඳපු ජෝඩුවක් පුංචි අමනාපයක් වුණාම දෙන්නගෙ අම්මා තාත්තා ළඟට යන අවස්ථා තියෙනවා. ඒව හරිම සාමාන්‍ය දේවල්. අපි කාලයට ඉඩදීලා බලා සිටිමු.


සිත්විලේ පිරුණු ආදරේ

උතුරා දෙනෙතේ විහිදුණා

ඉරුදිනි පායා හදේ

මදු මල් සිහිනේ යාවුණා

හසරැලි මුවගෙ පීදුණා


මේ විදියට ඔබ දෙදෙනා එක්ව ආදරණීය ගීත කීපයක්ම නිර්මාණය කරලා තියෙනව නේද?

සහතිකෙන්ම ඔව්. ආදරේ කතන්දරේට අමතරව නුපුරුදු වූ ආදරේ, නොහඬා ඉන්න මට සංසාරෙන් සංසාරෙට, හුස්ම සිඹින්නම් මේ විදියෙ ආදරණීය ගීත කීපයක් ම අපි කළා.

- සාරවිට
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං ආවේ සාරංග බලන්න
මං ආවේ සාරංග බලන්න
http://ift.tt/2sLgp0M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_847.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_847.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy