දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කලවා පසාරු කරගෙන ගිය ගිනිසීරියා උල කරාපිටියේ සැත්කමකින් ඉවතට
Homeගොසිප්

කලවා පසාරු කරගෙන ගිය ගිනිසීරියා උල කරාපිටියේ සැත්කමකින් ඉවතට

PropellerAds

කලවා පසාරු කරගෙන ගිය ගිනිසීරියා උල කරාපිටියේ සැත්කමකින් ඉවතට පොල්ගසකින් ඇද වැටිම නිසා වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබු අඩි...

චිලී තිලංක පොලිස් අත්අඩංගුවට
නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසේ හොල්මනකට නලින් අහුවෙලා
ඇඹිලිපිටිය සුමිත්ගේ බිරියට තාමත් කරදර - උදව්වට අගමැති මැදිහත්වේ


කලවා පසාරු කරගෙන ගිය ගිනිසීරියා උල
කරාපිටියේ සැත්කමකින් ඉවතට

පොල්ගසකින් ඇද වැටිම නිසා වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබු අඩි පහක පමණ ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කිරිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී හැකියාව ලැබී අැත.
සිව්දරු පියෙකු වන අනතුරට ලක්වූ පුද්ගලයා  පොල් ගසකින් පොල් කඩා යළී පොල් ගසින් බැසිමේදී අඩි තිස්පහක් හතලිහක් පමණ උසකින් ඇදවැටි ඒ අසල තිබු ගිනිසීරියා වැටක් මත
වැටි තිබේ. එහිදි ඔහුගේ වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරුකරගෙන යන සේ උලක් ඇනී තිබේ.

ඉකුත් 12 වැනි දින මෙම සිද්ධිය සිදුවි ඇති අතර ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කලවේ ඇනී තිබූ ලි උලත් සමග  12 වැනි දින පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලට  මාරුකොට එවා තිබේ.
එදින පැය දෙකහමාරක පමණ විස්මිත සැත්කමකින් පසු මෙම ලී කොටය ඉවත් කිරිමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇත. මෙම සැත්කම නිසා මෙම පුද්ගලයාගේ ජිවිතය බේරාගැනිමට හැකිවි තිබේ. මෙම අනතුරට මුහුණ පෑවේ  එදිරිගේ පියසිරි  (55) නමැති  අගුණුකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙකි විස්මිත සැත්කම පිළිබද අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා මේසේ කිවේය.
'මෙම රෝගියා  මෙම අනතුරට ලක්වුණාට පසු මුලින්ම ඇඹ්ලිපිටිය රෝහලට තමයි ඇතුලත් කරලා තිබුණේ ඒ රෝහලේ වෛද්‍යවරයකු මට කථා කරලා කිවා මෙම රෝගියා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකොට එවනවා කියා සැත්කම කිරිමට. නහර වලට අනතුරක් වි ඇති බව කිවා.

ඒ නිසා ලි කොටයත් සමග තමයි එව්වේ. පසුව ශල්‍යාගාරයට මෙම රෝගියා අරගෙන සැත්කමකින් එම ලි කොටය ඉවත් කළා.  මුලින්ම පාදයේ රුධිර වහනය නතර කළා. උඩින් තිබු නහරවල ලේ සැපයම නතර කරලා  තුවාලය සම්පුර්ණයෙන් හෝදලා නහර පිළිසකර කරලා තමයි සැත්කමකින් ලි කොටය අයින් කළේ. නමුත් මොහුගේ ප්‍රධාන නහරය බේරිලා තිබුණේ. සැත්කමින් පසු මෙම රෝගයාගේ පාදවල ඇති නහරවල හොදින් රුධිරය ගමන් කරනවා. සුසුම්නාවට හානි වේලාද කියලා බලන්න දැන් එම්.ආර්.අයි පරික්ෂණයක් කරණවා. රෝගියා හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.මේ වගේ උලක් ඇණුනු අවස්ථාවක එක ගලවන්නේ නැතිව රෝහලට රැගෙන එන්න ඕන. ගලවන්න ගියහොත් රුධිර වහනය වෙලා ජිවිතය පවා නැති වෙන්න පුළුවන්.

මෙම අනතුරට පත්වූ එදිරිගේ පියසිරි  (55) මෙසේ  කිවේය.
මුදලාලි කෙනෙකුගේ පොල් කැඩුවා එක වත්තක පොල් ගස් 17ක විතර පොල් කැඩුවා. අනෙක් වත්තේ  14ක විතර පොල් කැඩුවා. ඊට පස්සේ   තවත් පොල්ගහකට ගිහින් බහින්න හදන කොට  එක් පොල්පිත්තක් අල්ලා ගත්තා ඒ පොල්පිත්ත ගැලවුණා. මට අනික් පොල්පිත්ත අල්ලා ගන්න බැරිවුණා. මාව ගහෙන් බිමට වැටුණා. වැටේ තිබුනා ගිනිසීඩියා ගහක් ඒක තමයි කකුලේ ඇනිලා තිබුණේ. ගහෙන් ලී කැබැල්ල කපලා වෙන් කරලා  තමයි මාව රෝහලට ගෙනාවේ.

ගාල්ල කමල් විජේහේවා / ජිනේෂ් නානායක්කාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලවා පසාරු කරගෙන ගිය ගිනිසීරියා උල කරාපිටියේ සැත්කමකින් ඉවතට
කලවා පසාරු කරගෙන ගිය ගිනිසීරියා උල කරාපිටියේ සැත්කමකින් ඉවතට
http://ift.tt/2ry1eEE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_512.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_512.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy