'ඔබ බේරී යන්නැයි' මම කරත්තයෙන් නොබසින එපා යැයි කියා සම්, මස් ඉරා, පිටුවහල් කළ යුතුය මම; අන්න එහෙම මුල් කාලය ඒ ඉතා දුෂ්කර පු...
'ඔබ බේරී යන්නැයි'
මම කරත්තයෙන් නොබසින
එපා යැයි කියා
සම්, මස් ඉරා, පිටුවහල් කළ යුතුය
මම; අන්න එහෙම
මුල් කාලය
ඒ ඉතා දුෂ්කර පුහුණු සමය
නුපුහුණු ප්‍රේමකාරක
සියොළඟ ගැල්විය යුතු
දැල්විය යුතු
සියලු සුගන්ධම දැනවිය යුතු
දැන්; වඩා පුහුණුව
කටින් පිඹ පහන නිවා දැමිය යුතු
නැත්නම් ළඟ ළඟක
ගල, ගලා පවතින තැනකට විසිකළ යුතු
ප්‍රේමයේ පුහුණු ශ්‍රමය
පතුලකම ගිල්වන අයුරු
මේ මගේ විදිහ
කරත්තයෙන් නොබසින
පිටුවහල් කරන තෙක් බලා සිටින
කාංචනා අමිලානි•
www.thinkland.net
COMMENTS