පසුගිය වසර දෙකක කාලය තුළ මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායක මහතා දැඩි අසාර්ථක ඇමතිවරයෙකු බව ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ අදහස වී ඇති අතර ඔවුන් පෙන...
පසුගිය වසර දෙකක කාලය තුළ මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායක මහතා දැඩි අසාර්ථක ඇමතිවරයෙකු බව ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ අදහස වී ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ එය සමස්ත ආණ්ඩුවටම දැඩි බලපෑමක් ඇතිකරන බවයි.
කෙසේ වෙතත් එජාපය මෙම ඉල්ලීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ. මුදල් ඇමතිවරයා සම්බන්ධයෙන් ගැටලු කුමන ගැටලු පැවතියද ඔහු තනතුරින් ඉවත් කිරීමට අගමැතිවරයා කිසිසේත්ම එකඟ නොවන අතර ශ්‍රීලනිපයේ මෙම ඉල්ලීම සැකසහිත බවයි ඔහු පවසන්නේ.
එජාපය තුළ අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා මෙම ඉල්ලීම සිදුකරන බවට එජාපය විශ්වාස කරන අතර ඒ නිසා මේ මොහොතේ මුදල් ඇමතිවරයා තනතුරින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් ඇමතිවරයෙකු පත්කිරීම හෝ මුදල් අමාත්‍යංශය අගමැතිවරයා යටතට පත්කිරීම කිසිසේත්ම සිදුනොවන බවයි වාර්තා වන්නේ.
COMMENTS