දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් Any information on need to know basis
Homeවිශේෂ පුවත්

තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් Any information on need to know basis

PropellerAds

*** පෙබරවාරි හතර වෙනිදා මා රූපවාහිනිය ඉදිරියේ වාඩිවුයේ සජීවීව නිදහස් උත්සවය නැරඹීමටය . පෙරහැර එනකන් , අයිස් කිරින් කාරයෝ , කඩල/ රටකජු ක...

තරුණ නීතිඥ මෙනෙවිය. - ඉසුරි කරුණාතිලක
අපෙන් උපදෙස් ගත්තා නම් මහින්දානන්ද අමාරුවෙ වැටෙන්නෙ නෑ - කිරිඇල්ල කියයි
අපෙන් උපදෙස් ගත්තා නම් මහින්දානන්ද අමාරුවෙ වැටෙන්නෙ නෑ - කිරිඇල්ල කියයි
තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් Any information on need to know basis

***

පෙබරවාරි හතර වෙනිදා මා රූපවාහිනිය ඉදිරියේ වාඩිවුයේ සජීවීව නිදහස් උත්සවය නැරඹීමටය .

පෙරහැර එනකන් , අයිස් කිරින් කාරයෝ , කඩල/ රටකජු කාරයෝ මෙන්ම බේබි නාරං කාරයෝද පැමිණ කෑගසන්නට විය . කස කාරයෝ , කොඩි කාරයෝ යනකං මා පොඩි නින්දකට වැටුනෙමි . එක් වරම රූපවාහිනී තිරයේ මා දුටුවේ ජනාධිපති තුමා ආචාර පෙළපාලිය නරඹමින් සිටින අයුරුය .

" ස් ස් ... මේ ..... ලොක්කා ...හරි ඉස්මාට් ඈ "මම රුපවාහිනිය තිරය ඔස්සේ ඔහුට කතා කලෙමි .. එතුමා වට පිට බැලුවේය ...

"ආ ජේපී නේ .... නෝනේ ..මේ අර බ්ලොග් ලියන ජේපී ... " නමුත් මැතිනිය ඇස් කොණෙන් බලා මද සිනාවක් පෑවද වැඩිය කලබල වෙන්නට ගියේ නැත .


( .. ඔව් ඔව් මම දන්නවා , දැන් ඔබ කියාවි බොරු කියන්න එපා යැයි .. අසාවී එහෙම කොහොමද ටීවී එක හරහා කතා කරන්නේ කියා?... ඒත් ඔබ නොදන්නවාට, මෙහෙම හිටියට , මම, ගුප්ත ශාස්ත්‍රයන් කීපයකම මනා හැකියාවක් ඇත්තෙක්මි . . සමාන්තර විශ්වයේ වෙන දේ දැන ගැනීම මෙන්ම දොස්තර හොඳ හිත ගේ සත්තුන් සමග කතා කිරීමේ රහසද ඇතුළුව තවත් රහස් ශාස්ත්‍ර කිහිපයකම වර්කින් නොලේජ් එකක් ඇත්තෙමි . කොටින්ම අර පහුගිය කාලයේ නොයෙක් ප්‍රදේශයන්හි දිස් වූ, පාවෙන පීරිසියේ පැමිණි පිටසක්වල ජීවින්, මෙරට ආයෝජනයට අගමැති තුමා ගේ ආරාධනය පිළිගෙන , දන්කොටුව ප්‍රදේශයේ පාවෙන පීරිසි පැක්ටේරියකට මුල් ගල් තැබීමට ආ කට්ටියක් බව සපථ ( හැමෝම මේ දවස් වල වැඩියෙන්ම කරන්නේ සපථ කරන එකය ) කරගත්තේ එවැනි විස්ස සක්තියක් පාවිච්චි කර ඔවුන් හා කතා කිරීමෙනි .)

මරූ සූට් එක ජනාධිපති තුමා . මම නැවත කීවෙමි

ටැංකු ජේපී ... අපේ අගමැති තුමා තමා රෙද්ද දුන්නේ හිටං ... මහින්ද රාජපක්ෂගේ ටේලර් තමා මැහුවේ හිටං . මට තිබ්බේ ඇඳ ගන්න එක විතරයි
හැබැයි ටිකක් විනිවිද පේනවා වැඩිද මන්දා

හැ හ් , හුටා හිටං , යටට ශෝටක් ඇන්දෙත් නෑ යහපාලනේ කියලා

ජනාධිපති තුමා එක වරම හිඳ ගත්තේය . ( පසුව බුකියේ අසමජ්ජාතියෝ අවලාද නැගුවේ , ඉඳගෙන උත්තමාචාර පිලිගත්තය කියලාය . නමුත් හැබෑවටම සිදුවුනේ මෙයයි )

මේ ජනාධිපති තුමා මම මේ අහන්න කියලා හිටියේ , අර ඕපා දූප සොරි ..තොරතුරු දැන ගැනීමේ පනත හෙට ඉඳන් ක්‍රියාත්මකයි නේද

ඔව් ඔව් , ඔන්න අපි කිව් විදියට වැඩ

ඇත්තටම ඒක කාටද ?

ඇයි ජේපී ඕක ගැන පෝස්ට් එකකුත් ලිව්වා නේද හිටං (http://ift.tt/2k6f6H7..

ජනාධිපති තුමාට ඒකත් මතකයි... නෑ මම අහන්නේ ඕක ඇත්තටම කාටද වැදගත්

ඇයි ජේපී අඩුම ගානේ පත්තරයක් වත් කියවන්නේ නැද්ද රට තොට තොරතුරු ටිකක් දැන ගන්න ...හැක් හැක් .. විද්වත්තු කිව්වේ.. පාරට දාපු තාර මාත්‍රාව , ගොවියාට පසේ සංයුතිය වගේ වැදගත් හැම දේම දැන ගන්න පුළුවන් වෙනවා කියලා

ඒ වුනාට .. අනේ මන්දා ..

ඇයි ? ජේ පී කියන්නේ ඒවා වැදගත් නැද්ද දැන ගන්න ?.. කොටින්ම ඔන්න ඔහේට ඕනේ නම් අපේ නෝනා දවල්ට ඉවුවේ මොනවද කියලා දැන ගන්න උනත් පුළුවන් , පෝර්ම් එකක් පුරවලා බාරදෙන්න විතරයි තියෙන්නේ

ඉතින් ජනාධිපති තුමා , දැන් ඔය ගොවියන්ගේ උදාහරණේ ගමු , දැන් ඒ කට්ටිය පෝර්ම් පුරවලා ආණ්ඩුවේ කන්තෝරු ගානේ ගියාම , ගොවිතැන් කරන්නේ පොලිසියෙන්ද

ඔව් ඔව් .. දැනටමත් පොලිස්පතිතුමා ඒකට කට්ටිය ලෑස්ති කරනවා . ඔන්න කලිසම වෙනුවට කාකි සරමකුත් යෝජනා කරලා තියෙන්නේ . සරමේ ඉස්සරහ කොනෙන් අල්ලලා කකුල් දෙක අස්සෙන් පිටිපස්සට නවලා අමුඩේ වගේ ගහගන්නවා

හරියට නීතිය නවනවා වගේ

ඕකනේ ජේ පී එක්ක බෑනේ හිටං

හරි ඒක පැත්තකින් තියමු , දැන් ඔය තොරතුරු ලබා දෙන්න රජයේ ආයතන ලෑස්තිද

එහෙනම් , අපි පෝර්ම් ප්‍රින්ට් කළා , හැම දෙපාර්තුමේන්තුවකම ගැහුවා බෝඩ් එකක්
සිංහලෙන් , අනුන්ගේ දේ සෙවීම කැත පුරුද්දකි . ඉංග්‍රීසියෙන් මයින්ඩ්ස් යු වර් ඕන් බිස්නසස්

දෙමලෙන් ?

ඔව් ඔව් . මේ ට්‍රාන්ස්ලේට් කරන්න යවලා තියෙන්නේ ... මේ ට්‍රාන්ස්ලේටස් ලා තමයි රටේ ඔක්කොම පරක්කු කරන්නේ හිටං . දැක්කනේ සීමා නීර්ණය වැඩේ

දැක්කා දැක්කා ... ජනාධිපති තුමා දැන් මේකෙන් විදේශීය කුමන්ත්‍රණ කාරයෝ අතට එහෙම වැරදි තොරතුරු යයිද

පිස්සුද ඕයි , උන්ට තොරතුරු අපෙන් ගන්න ඕනේ යෑ

ඒකත් එහෙමද ... ජනාධිපති තුමා ඇත්තම කියන්න .. මේ පනත ඇත්තටම වැදගත් කාටද

(එතුමා හඬ තවත් බාල කළේය ) .. ජේපී ගෙනුත් මොකුත් හංගන්න බෑ නේද හිටං ... ඇත්තම කියනවනම් මේක ඇත්තටම වැදගත් මටම තමා ... මොකෝ දැනට මම ගොඩක් දේවල් දැනගන්නේ පත්තරෙන්නේ හිටං . ඉතින් දැන් මට පෝර්ම් එකක් පුරවල දීලා ඕනෑම දෙයක් දැන ගන්න පුළුවන්නේ

හැ හ් , ඕනෑම දෙයක් දැන ගන්න පුළුවන් වෙයිද

ඔව් ඔව් , අගමැති තුමාම සපථ කරලාම කිව්වා හිටං , ඕනෑම දෙයක් , ඕනෑම වෙලාවට, නීඩ් ටු නෝ බේසිස් ම ලබා ගන්න පුළුවන් කියලා

එහෙනම් සපථ වෙලාම තියෙයි හිටං

මට වාක්‍යය අවසන් කිරීමට ලැබුනේ නැත , මා බිරිඳ ගේ සුමුයුරු ආමාන්ත්‍රණය ඈතින් එන කව් පදයක් මෙන් ලාවට ඇසෙන්නට විය .

" මේ ටීවී එක දා ගන්නවා රටටම ඇහෙන්න, ඊට පස්සේ එක ඉස්සරහ ඉඳගෙන නිදා ගන්නවා .."

"..ඥාන වීර්ය වඩවමින රැගෙන යනු අප ..." මම ජාතික ගීය ගයනට , ඇස් වසා ගෙනම, මගින් එක්වුනෙමි

http://ift.tt/2kpKSuF

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් Any information on need to know basis
තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් Any information on need to know basis
http://ift.tt/2kpKxbx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/any-information-on-need-to-know-basis.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/any-information-on-need-to-know-basis.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy