කොහොම වුනත් අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්කම, අපිට ලෝකේ තියෙන ඕනම පාරක් එක් කෙළවරේ සිට අනිත් කෙළවරේ ගැන search කරන්න පුළුවන්. මේ නිස...
කොහොම වුනත් අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්කම, අපිට ලෝකේ තියෙන ඕනම පාරක් එක් කෙළවරේ සිට අනිත් කෙළවරේ ගැන search කරන්න පුළුවන්. මේ නිසාම බලෙන් අතරමං වෙන්න හැදුවත් එහෙමවෙන්න ඉඩදෙන්නෙ නෑ! හැමදෙනාගෙම අතේ මේ දවස්වල smart phone එකක් නැතිනම් tab එකක්. මේ දෙකේ අනිවාර්යෙන්ම තියෙන app එකක් තමයි Google maps. Satellites images, street maps, 360˚ street views, read-time traffic වගේ බොහෝමයක් Google maps ලබා දෙනවා. 2005දි Google කියන ලෝකප්‍රකට සමාගම තමයි මේ app එක වැඩි දියුණු කරලා ලෝකෙට හඳුන්වාදුන්නේ. "Birds eye" එහෙම නැතිනම් කුරුලු ඇසින් උඩ ඉඳන් දකින විදියට නිර්මාණය වුණු මේ app එක නිසා දැන්වෙනකොට තම තමන්ගේ ගෙවල්වල paint එක පවා පේනතරමට දියුණුවෙලා.
ඒ නිසා තවත් අතරමං වෙන්නේ මොකටද? යන හැමතැනකම smart phone එක ගෙනියන නිසා Google maps open කරලා බලන්න. අපි කවුරුත් දන්නවා Jaffna වල හැම පාරක්ම එකවගේ. නොදැන ගියොත් අතරමඟ. ඒ වගේම අපි ළඟදි දඹකොළපටුනෙ යන්න පාර ඇහුවට එහෙ අයවත් හරියට කියන්න දන්නේ නෑ. ඒ නිසාම අපිට සිදුවුනා Google maps මත යැපෙන්න. කොච්චර accurate ද කියලා අපිට තේරුනේ එදා. App එකේ තියෙන voice instructions නිසාම drive කරද්දි phone එක බලන්න ඕනෙත් නෑ. ඒ වගේම මාර්ග කීපයකින් අපේ ගමනාන්තයට යන්න පුළුවන් නම් කෙටිම මාර්ගය තෝරගන්නත් පුළුවන්. Real-time traffic උපාංගය නිසා වාහන අඩු පාරෙන් ලේසියෙන්ම යන්නත් හම්බෙනවා. මේ app එකේ ගොඩක්ම වටිනාකම දැනෙන්නේ දුෂ්කර මිනිස් වාසස්ථාන අඩු පළාතකට ගියාම තමයි. Tuk-tuk එකේ driver පාර දන්නේ නෑ කිව්වත් එයාටත් පාර කියලා දෙන්න දැන් ඔයාට පුළුවන්!
Google maps app එක කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා තව කියනවනම්, දැන් මාර්ග හා ප්‍රවාහන සැලසුම් ආයතන, සිතියම් සැකැස්ම වගේම, නාගරික සැලසුම් ආයතනද දැන් Google maps භාවිතා කරනවා. Android විතරක් නෙමේ වෙනත් ඕනම Mobile Operating System එකක දැන් GPS මුල් කරගත් Maps app එකක් අනිවාර්යයි. ඉතින් ආයෙත් අතරමං වෙන්නේ මොකටද?
Trip Advisor තමන්ට තොරතුරු සපයන users තවත් දිරිගන්වන්න, achievement levels යොදාගන්නවා. අපි සපයන reviews ගානට හරියන්න අපිට contributor level එකේ උඩටම යන්න පුළුවන්. මේ වගේ කාලයක් තිස්සේ රැදී ඉදලා තොරතුරු දෙන අයට වෙනත් දීමනාත් ලබාදෙන්න Trip Advisor වගබලා ගන්නවා. තවත් විශේෂයක් තමයි ඔවුන් විසින් එකිනෙකාට ලබාදෙන වාර්ථාව. අපේ reviews කියවපු කීදෙනෙක් ඉන්නවද, මොන රටවල්වලින්ද, කියලා හැම මාසෙම email එකකින් දන්වනවා. මේ හැමදේම සළකලා ලකුණුක් දෙනවා. මෙන්න මේ නිසාම ලෝකයේ බොහෝ දෙනෙක් විනෝදයට වගේම self satisfaction එකක් විදියට Trip Advisor use කරනවා.
Trip එකක් ගිහිල්ලා හිතට ඇල්ලුවේ නැත්නම් හරි දුකයි. ඒත් Trip Advisor නිසා යන්න කලින්ම තැන හිතට වදිනවද නැද්ද කියලා බලාගන්න පුළුවන්. ගිහිල්ලා මොනවගේ fun එකක් ගන්න පුළුවන්ද කියලා යන්න කලින්ම දැනගන්න පුළුවන්. හැබැයි use කරනවා වගේම trip එක ගිහිල්ලා ඔයාගේ experience එක ලෝකයටම share කරන්නත් අමතක කරන්න එපා!
මිලියන 170 ක් ඉක්මවූ membership එකක් ඇති Trip Advisor app එක use කරන්න තවත් බලන් ඉන්න එපා. Plan නැතුව පාරට බැහැලා ඒ මොහොතෙම trip එකක් යන්න වුනත් දැන් ඔයාලට පුළුවන්. යායුතු වේලාවේ සිට room rates පවා කිසිම වෙහෙසක් නැතුව දැනගන්න තියෙද්දී, තවත් මේ weekend එකේ නිදාගන්නේ නැතුව ලෝක වටේ අතරමං නොවී ඔයාලත් travel කරන්න! Fun එකක් ගන්න.
ඉන්දීවරි චන්ද්‍රසේකර
COMMENTS