දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙහෙළිය හිරේ ගිය එන්නත යලි භාවිතයට ගන්න උපදෙස් දෙයි..
Homeප්‍රවෘත්ති

කෙහෙළිය හිරේ ගිය එන්නත යලි භාවිතයට ගන්න උපදෙස් දෙයි..

PropellerAds

ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින් ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය රෝහල්වලට දැනුම...

හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි
හම්බන්තොට වරාය චීනයට පැවරීමේ යෝජනාව මහින්දගේ එකක් - අජිත් පී. පෙරේරා
'තාම ශ්‍රීලනිප සභාපති මම' - මහින්ද
ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින් ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය රෝහල්වලට දැනුම් දී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි.

ඔහු මෙම චෝදනාව එල්ල කළේ අඩු මිලට ඖෂධ ගෙන්විය හැකි සැපයුම්කරුවන් ඖෂධ නියාමන අධිකාරිය තුළ ලියාපදිංචි කිරීම ප්‍රමාද කරමින් මිල වැඩි ලංසු තබන සමාගම්වලින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේදීය.

එහෙත් ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්ල එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කර ඇත.

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත මෙරට භාවිතයේදී ඇති වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් එම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් හටගත්තේය.

ඒ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලටද චෝදනා එල්ල වූ අතර ඔහුට රක්ෂිත බන්ධනාගාරගතවීමටද සිදුවිය.

එවන් පසුබිමක වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මෙම චෝදනාව සිදු කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ ඉමියුනොග්ලොබීන් නමැති මෙම ඖෂධයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචිය ලබාදී ඇත්තේ 2023 වසරේදි බවය.

භාවිතයේදි ඇති වු ගැටලු‍ කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලු‍කාරි තත්ත්වයක් හටගත් බැවින් ආරක්ෂාව හා අවධානම් ඇගයීම් උපකමිටුව මගින් ඖෂධය භාවිතයෙන් ඉවත්කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දුන් බවද එහි සදහන්ය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරන ලද පර්යේෂණවලින් එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුතු බවට පෙනී ගිය අතරල ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය මගින් කරන ලද පර්යේෂණවලින් ද ඒ බව තහවුරු වු බවත් දැක්වෙයි.

එම වාර්තා සැලකිල්ලට ගනිමින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුව මගින් එම ඖෂධය තවදුරටත් භාවිත කළ හැකි බවට තීරණය කර තිබේ.

ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්ල එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙහෙළිය හිරේ ගිය එන්නත යලි භාවිතයට ගන්න උපදෙස් දෙයි..
කෙහෙළිය හිරේ ගිය එන්නත යලි භාවිතයට ගන්න උපදෙස් දෙයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0DeET5zJcxwNoiWtZVKLmJlxX2QrZ6MFNmTKVfqXfTVXrR2Mig2GBs5qn5pvYFyFTBfTm52Ol2AZNZ-_1GovLHuLgF5E1hmLQAzG96DXoT4vsmqDYFoabUzxfg9kpIxgx_hbJ5yFeZlvcV9fUFVwKrWNdi6yvVu1xf_abzBaAVhJm4sg9HvDzGWrebvRr/s320/himi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0DeET5zJcxwNoiWtZVKLmJlxX2QrZ6MFNmTKVfqXfTVXrR2Mig2GBs5qn5pvYFyFTBfTm52Ol2AZNZ-_1GovLHuLgF5E1hmLQAzG96DXoT4vsmqDYFoabUzxfg9kpIxgx_hbJ5yFeZlvcV9fUFVwKrWNdi6yvVu1xf_abzBaAVhJm4sg9HvDzGWrebvRr/s72-c/himi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy