උඩුගම දකුණ පියතිලක මාවතේ නිවෙසකට ඇතුළු වී රුපියල් හතළිස් දෙදහසක් වටිනා රන් අබරණ සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති පුද්ගලයකු කා දමා තිබූ රඹුටන...
අබරණ සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති පුද්ගලයකු කා දමා තිබූ රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලා ගිය පොලිස් නිල සුනඛ ආටිස් විසින් සොරකමට සම්බන්ධ සැකකරු අල්ලා දී තිබේ.
13 වැනි දින රාත්‍රි මෙම සොරකම කිරීම සඳහා පැමිණි සැකකරු නිවෙසට ඇතුළුවීමට පෙර එහි තිබූ රඹුටන් ගසකට නැඟ රඹුටන් කඩා ගෙන බිමට බැස රඹුටන් කා ලෙලි මිදුලේ දමා ඇත. ඊට පසු නිවෙසට ඇතුළු වූ මොහු එහි තිබූ මුදල් හා රන් අබරණ සොරකම් කර ගෙන පලා ගොස් තිබේ.
මේ සොරකම පිළිබඳ නිවෙසේ
උඩුගම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
අහංගම _ එන්. ජී. ලියනගේ
COMMENTS