දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න
Homeගොසිප්

දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න

PropellerAds

දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න මේ කාලේ පහුගිය අවුරුද්දට වඩා ඩෙංගු රෝග ලක්‌ෂණ වෙනස්‌ වෙ...

මදුෂ් අමල් නදීමාල් ඇතුළු පිරිස තවත් මාසයක් ඩුබායි බන්ධනාගාරයේ
Gossip Lanka Events
ශ්‍රීලනිපයේ නව තනතුරු හා සංවිධායකවරු 52 ක්

දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන
මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්..

හඳුනගන්න හැටි මෙන්න

මේ කාලේ පහුගිය අවුරුද්දට වඩා ඩෙංගු රෝග ලක්‌ෂණ වෙනස්‌ වෙලා කියලා රාවයක්‌ පැතිර යනවා. මෙහි ඇත්ත නැත්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදය රළපනාව පැවසූ අදහස් මේ ලිපියෙන් විස්තර වෙනවා.
කාලෙකට ඉහතදී නම්, ඩෙංගු රෝගය වැළඳුණේ නාගරික පැලැන්තියේ උදවියට විතරයි . ඒ අතරිනුත් කොළඹ මහනුවර අනුරාධපුරය වැනි ප්‍රධාන නගරවල වාසය කළ පුද්ගලයින්ට පමණයි. නමුත් මෙවර ඩෙංගු ප්‍රාදේශීය මට්‌ටමෙන්ම ව්‍යාප්ත වීම ආරම්භ වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න මූලිකම හේතුව
මිනිස්‌ ක්‍රියාකාරකම්ය කියන එක පැහැදිලියි. නමුත් යට ගියාව හාරඅවුස්‌සලා වැරදි නිවැරදි කරගන්න හිතලා එල්ලෙන්න ඊතණ ගහක්‌වත් දැන් නැහැ. ඒ හින්දාම ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කියලා ඩෙංගුවලින් මිදෙන්නත් හැදුනොත් ජීවිතේ බේරාගන්නත් හැකි ක්‍රමයක්‌ ගැන අවබෝධ කරගෙන කටයුතු කරමු.

"මාරාන්තික ඩෙංගු රෝගය" මුලින්ම වැළඳෙන්නේ වෛරස්‌ උණ රෝගයක ස්‌වරූපයෙන්. ඇඟපත වේදනාව, හිසරදය, කැරකිල්ල, සමඟ හටගන්න උණ නිසා මෙවර කෑම අරුචිය තරමක්‌ දරුණු ලෙස ඇති වන බව සොයාගෙන තිබෙනවා. අස්‌ථි සහ මාංශපේශිවල වේදනාව සමඟ උගුරේ වේදනාව මෙවර ඩෙංගු රෝගීන් අතර වැඩි වශයෙන් දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණයන්. කුද්දැටි ඉදිමීම සහ පාචන තත්ත්වය මෙයට පෙර ඩෙංගු රෝගීන් අතර දක්‌නට නොලැබුණත් මෙවර එම රෝග තත්ත්වයන්ද උණ වැළඳුණු පළමු දින කිහිපයේදීම රෝගීන් අතර දක්‌නට ලැබෙනවා. මේවා නව ඩෙංගු රෝග ලක්‌ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්.

ඒ අතරේ තවදුරටත් සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කාරණයක්‌ තිබෙනවා. මෙතෙක්‌ කල් අප පුරුදු වී සිටියේ, උණ වැළඳීමෙන් පසු තෙවැනි දිනයේදී රුධිර පට්‌ටිකා පරීක්‌ෂාව හෙවත් ප්ලේට්‌ලට්‌  පරීක්‌ෂා කරවා ගැනීමටයි. නමුත් මෙවර ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්‌ටිකා මුල් අවස්‌ථාවලදී පහත නොයන තත්ත්වයක්‌ද දක්‌නට ලැබෙනවා. රුධිර පට්‌ටිකා සංඛ්‍යාත්මකව පහළ යන බවක්‌ දින තුනක්‌ හෝ හතරක්‌ යන තුරුත් නොපෙන්වා සිටියද දින හත ආසන්න වෙත්ම සීඝ්‍රලෙස රුධිර පට්‌ටිකා පහත යන අන්දමක්‌ දක්‌නට ලැබෙනවා. ඒ සමගම ඩෙංගු රක්‌තපාත තත්ත්වයට රෝගියා පත් වීම අවදානමට අත වැනීමක්‌. මේ හේතුව නිසාම උණ වැළඳී දින තුනකින් රුධිර පට්‌ටිකා පරීක්‌ෂාවකින් පමණක්‌ සෑහීමකට පත්ව නිහ`ඩව සිටින්න එපා.

දැන් ඩෙංගු හඳුනා ගැනීම ස`දහා හොඳම ක්‍රියාමාර්ගය ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්‌ෂා කරවා ගැනීමයි. මෙම රුධිර පරීක්‌ෂාව උණ වැළඳි පළමු දිනයේදීම සිදු කරවා ගත හැකියි. ඒ අනුව ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ වුවහොත් එතැන් සිට පැයෙන් පැය සිරුරේ ඇතිවන සංකූලතාවන් පිළිබඳව දත්ත රැස්‌ කිරීම ස`දහා රෝගියා නේවාසික ප්‍රතිකාර වෙත යොමු කළ හැකි වෙනවා. ඒ ඔස්‌සේ සෘජුවම රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර අත්‍යවශ්‍ය විවේකයද නොඅඩුව ලබා දිය හැකියි. ඩෙංගු රෝගියෙකු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්‌ෂණය සහ හෙදියකගේ මනා හෙදකම යටතට ගත යුතු වන්නේ, කෑම බීම සහ දියර වර්ග ගණනයකට යටත්ව ආහාරයට ගැනීමටත් ඒවා එම ප්‍රමාණයන්ගෙන්ම සිරුරෙන් බැහැර වන්නේද යන්න නිශ්චිතව ගණනය කිරීම වැදගත් වන නිසයි. ඩෙංගු මූලික සංකූලතා පහළ වෙත්ම ප්‍රතිකාර ආරම්භ කොට මැනැවින් රෝගියා පාලනය කරන්නේ නම් ඩෙංගු මාරාන්තික හෝ දරුණු තත්ත්වයට ගෙන යැමෙන් වළක්‌වා ගත හැකියි.

ඩෙංගු රෝගය වැළඳී ඇති රෝගියෙකු ගේ දියරමය ආහාර සඳහා සුප්, කැඳ, බාර්ලි, ජීවනී එක්‌ කිරීම අත්‍යවශ්‍යයි. රතු පැහැයට ආසන්න හෝ එම පැහැයෙන් යුතු කෑම හෝ බීම වර්ග ආහාරයට නොගත යුතුයි මේ අතර කාබනේට යෙදූ (ගෑස්‌ සහිත) බීම වර්ග ද නොගත යුතුයි.

ගර්භනී කාන්තාවන් හෝ දිගුකාලීනව බෝ නොවන රෝග හෙවත් දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදරෝග ස්‌නායු රෝග වැනි රෝග ඇති විශේෂ අවදානම් සහිත පුද්ගලයින්ට උණ වැළඳි අවස්‌ථාවල කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වී නේවාසික ප්‍රතිකාර වෙතද යොමු විය යුතුමයි.

මෙවර ද බාල තරුණ වැඩිහිටි මහලු ආදී සෑම වයස්‌ කාණ්‌ඩයකටම අයත් පුද්ගලයින් ඩෙංගු රෝගයට ගොදුරුව ඇතත් මේ අතුරින් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරුව ඇති සෙයක්‌ දක්‌නට ලැබෙනවා.

ඩෙංගු මදුරු කීටයන් බෝ වීම වළක්‌වා ලීම ඩෙංගු රෝග ව්‍යාප්ත වීම අවම කිරීමට හො`දම විසඳුම වුවද දැන් දැන් ඒ සඳහා ද කැපව කටයුතු නොකරන බවක්‌ දක්‌නට ලැබෙනවා. බෙහෙත් පෙති රඳවා තැබෙන ඊයම් පැහැ ර`දවනයේ වුවද ඩෙංගු මදුරු බිත්තර රඳවා තැබිය හැකියි. එහෙව් තැන වෙනත් මහාපරිමාණ ඉදිකිරීම් සිදුකරන ස්‌ථාන, අබලි කැබලි බහාලන ස්‌ථාන, වතුර රැඳෙන ගස්‌ කොළං අතර ඩෙංගු බිත්තර නැතැයි අස්‌වැසිල්ලක්‌ හෝ ලැබිය හැකිද?. බිත්තරයක්‌ ජීවී තත්ත්වයෙන් අධික කාලයක්‌ පැවතිය හැකි බැවින් පවිත්‍රතා කටයුතු දින පහෙන් පහකට වතාවක්‌ වත් සිදුකළ යුතුවෙනවා. මදුරුවා මීටර් පන්සීයක දුරක්‌ පියඹා යන බැවින් අපගේ නිවස අවට පමණක්‌ පවිත්‍ර කොට තැබීමද සෑහෙන්නේ නැහැ. අන්‍යෙන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් සෙසු උදවියගේ නිවාස අවටත් පවිත්‍ර කර තැබීමට උනන්දු කරවා ගැනීම ඔබගේ නීරෝගීකමට හා ජීවිතය ආරක්‌ෂා කරගැනීමට හේතුවක්‌ වෙනු ඇති.

සටහන -රුචිර ජයදේව
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න
දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න
http://ift.tt/2soiAHy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/3_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/3_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy