දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උන්මත්තක ලාංකික ගුවන් මගියා අගොස්තු 24 දක්වා හිරේ - සිද්ධිය ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි
Homeගොසිප්

උන්මත්තක ලාංකික ගුවන් මගියා අගොස්තු 24 දක්වා හිරේ - සිද්ධිය ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි

PropellerAds

උන්මත්තක ලාංකික ගුවන් මගියාගේ සිද්ධිය ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි - අගොස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට ඊයේ රාත්‍රී ඕස්ට්‍රේලියාව...

දෙහිවළ සත්වඋද්‍යානය අසල පිපිරීම සිදුවූ ස්ථානයේ සිට එක් පුද්ගලයෙකු පොලිස් බාරයට ගැනේ
දෙහිවළ සත්වඋද්‍යානය අසල පිපිරීමෙන් 02 මරුට - සත්ව උද්‍යානය වසා දමයි
තවත් මන්ත‍්‍රිවරයෙකු සහ කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලයේ.. මෙවර විපක්‍ෂයෙන්..



උන්මත්තක ලාංකික ගුවන් මගියාගේ සිද්ධිය
ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි
- අගොස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඊයේ රාත්‍රී ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් කළ MH 128 යානයේ ශ්‍රී ලාංකික මගියෙකු බොම්බයක් ඇතැයි කියා කළ ‘විකාරය‘ මේ වනවිට ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාලාවල මුල් පුවත බවට පත්ව තිබෙන අතර එමගින් ලංකාවේ නමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසය කරන බහුතරයක්වූ ලාංකික ප්‍රජාවට ඉමහත් අපකීර්තියක් අත්කරදී ඇත.
වාර්තාවන ආකාරයට මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Dandenong හි ශිෂ්‍ය වීසා මත වාසය කරමින් සිටින මනෝද් එම්. මාර්ක්ස් නමැති
ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ වයස 25 ක් බවද පොලිසිය හෙළි කර තිබුණි.
ඔහු බීමතින් මේ දේවල් කර ඇතැයි මුලදී නිරීක්ෂණය කර තිබුණත් ඔහුට සත්‍ය ලෙසම මානසික ආබාධයක් පවතින බව පොලිසිය තහවුරු කරගෙන තිබේ. Monash Medical Centre රෝහල වෙතින් අවසන් වරට ඔහු සිය මානසික ආබාධය සඳහා

ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත්තේ සිද්ධියට පෙර දිනයි.

ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව හරහා යළි කොළඹට එන්නට ඔහු ප්‍රවේශ පත් මිලට ගෙන තිබී ඇත.

ඔහු ගැන අධ්‍යයනය කර වාර්තා පළ කරන හෙරල්ඩ් සන් පුවත්පත දක්වා සිටින්නේ ඔහුගේ ෆේස් බුක් ගිණුමට අනුව උපන් ස්ථානය කොළඹ බවත් ඔහු බෞද්ධ ආගමික අදහස් ෂෙයාර් කර ඇති බවත්ය. අනපේක්ෂිතව මිගයි ඇමරිකානු රැප් ගායක Tupac Shakur ගේ රසිකයෙකු ලෙසද ඔහු හඳුනාගන්නට ලැබෙන බවත් එහි සටහන් කර ඇත.

අද (1) දහවල් පළවූ වාර්තා අනුව වික්ටෝරියානු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඔහු ලබන අගොස්තු 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයින් ඇප අයදුම් කර නැත.ඔහුගේ මානසික තත්වය පිළිබඳ වාර්තා පමණක් යොමු කර ඇත.
ගුවන් යානය පිටත්වී මිනිත්තු තිහකින් පමණ බැටරි දැමූ උපකරණයක් තමා අසළ සිටි මගීන්ට පෙන්වමින්  “I’ve got a bomb and I’m going to f***ing blow the plane up” යයි කෑගසා තිබුණ ඔහු මගීන් බොරුවට බය කර තිබුණ අතර  තමාට ගුවන් නියමු කුටියට යන්නට අවශ්‍ය බව පවසමින් තර්ජනය කර තිබුණි. එම අවස්ථාවේ
කාර්ය මණ්ඩලය ඔහු වළක්වා මෙල්ල කළ පසුව ඔහු බිම ඇද වැටී සිටියේය. යානාව නැවත හරවා යාමෙන් පසු ආරක්ෂක අංශ ඔහු ඔවුන් භාරයට ගත්තේ කිසිදු කරදරයකින් තොරවයි.
බෝම්බ කතාව ඔහුගේ මනෝ විකාරයක් බවද හෙළි විය.
මගීන් අපහසුතාවයට පත් කිරීම, අනියත බියට පත් කිරීම හා ගමන අවලංගු කිරීමට බලපෑම් කිරීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව ඔහුට වසර 10 දඬුවමක් ලබාදිය හැකි බවට වාර්තා පළව තිබේ.
මෙම ගුවන් යානයේ ඕස්ට්‍රේලියානු හිටපු පාපන්දු තරුවක් හා ඔහුගේ පෙම්වතියද ගමන් කළ අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශද පදනම් කරගෙන විවිධ පුවත් මේ වනවිට සංසරණය වෙමින් පවතී.
සිද්ධිය අද ජුනි 1 වනදා ලෝකයේ සියලුම ප්‍රධාන පෙළේ මධ්‍ය වල මුල් පුවත බවට පත්වූ අතර ‘මනෝද් නමැති උන්මත්තක ශ්‍රී ලාංකිකයෙකු කළ විකාර වැඩක්‘ යනුවෙන් එ් බොහොමයක් වාර්තා අර්ථ ගන්වා තිබුණි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උන්මත්තක ලාංකික ගුවන් මගියා අගොස්තු 24 දක්වා හිරේ - සිද්ධිය ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි
උන්මත්තක ලාංකික ගුවන් මගියා අගොස්තු 24 දක්වා හිරේ - සිද්ධිය ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි
http://ift.tt/2rnCqke
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy