එම වැඩවර්ජනයට සමගාමීව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදීමේද නිරතවනු දක්නට ලැබුණි. එම අවස්ථාවට එක්ව සිටි රජයේ...
එම වැඩවර්ජනයට සමගාමීව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදීමේද නිරතවනු දක්නට ලැබුණි. එම අවස්ථාවට එක්ව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ මතුව ඇති ප්‍රශ්නය දැන් විසඳා ගත යුතු බවයි. තවදුරටත් එම ආයතනයට වෛද්‍යවරු බිහි කිරීමේ හැකියාවක් නොමැති බවයි සොයිසා මහතා සඳහන් කළේ. එම කාරණය අධිකරණ තීන්දුවක් මඟින් ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් අද පැවති වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනු දැක ගත හැකි වූ අතර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ඒකකයේ ප්‍රතිකාර සඳහා රෝගීන් පැමිණීමේ විශාල අඩුවක්ද දක්නට ලැබුණි.
ඉදුසර සුරනිමල
[youtube height="360" width="570" align="left|right|none"]http://www.youtube.com/watch?v=lkWc6xYBveU[/youtube]
COMMENTS