දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ
Homeගොසිප්

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

PropellerAds

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝර...

මගේ හම සුදු වුනේ ක්‍රීම් එකක් නිසා බ්‍රෑන්ඩ් එක කියන්න බෑ - ඒක රහසක් - ඕෂධී හේවාමද්දුම
සනත් ලීක් කරගන්නා බව රම්බරී ගීතයේ ලියැවිලා
කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී සිංගප්පූරුවේ සිට ආ අයියා සමග මල්ලී දුම්රියට බිලි
රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ?
ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා.

මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද?
ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ
මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා.

රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ?

එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා.

මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද?

අනිවාර්යයෙන්ම. මේනකා හොඳ බිරියක් වෙයි. ඒකේ කතා දෙකක් නෑ.

රංගනයේදී මේනකා රනිල්ට වඩා ප්‍රවීණයි. කොහොමද ඇගෙන් රනිල්ට ලැබෙන සහයෝගය?

අපි අපේ ජීවිතේ හැම දෙයක්ම කතාබහ කරනවා. මම එයාට එයාගේ කලා කටයුතුවලට නිදහස දීලා තියෙනවා. එයා මට කලා කටයුතුවලට නිදහස දීලා තියෙනවා. කලාවේදී එයාට මට වඩා අත්දැකීම් තියෙනවා. ඉතිං කලාවේදී යම් යම් දේ ගැන එයාගේ අත්දැකීම් මට දෙනවා. කලාවේදී රනිල් කියන නළුවා මේනකා කියන නිළියට ගොඩක් ගරු කරනවා.

දෙන්නා නිර්මාණයකට පෑහුණොත් නරකද?

මේ වෙනකල් අපි දෙන්නා එකට රඟපාලා නැහැ. අපිට ආරාධනාවක් නම් ලැබුණා. නමුත් ඒ වැඩේ කල් ගියා. කොහොම වුණත් හොඳ පිටපතකට හොඳ වැඩක් ලැබුණොත් අපි දෙන්නම ඒකට සම්බන්ධ වෙනවා.

රනිල්ට අධ්‍යක්ෂණ හීනයකුත් තියෙන නිසා මේනකාවත් එකතු කරගෙන නිර්මාණයක් කළොත් නරකද?
මගේ අරමුණ අධ්‍යක්ෂවරයෙක් වෙන එක. ඒකට මේනකාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම තව කාලයකින් කරන්න හිටපු අධ්‍යක්ෂණ කටයුත්ත මේනකාගේ හමුවීම නිසා කරන්න ඉක්මන් වෙයි. මම නිර්මාණයක් අධ්‍යක්ෂණය කළොත් මම රඟපාන එකක් නැහැ. සමහර විට මේනකා ඒ නිර්මාණයේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. කොහොම වුණත් අපි දෙන්නා කලාවට දෙන්න පුළුවන් හොඳ ප්‍රඩක්ෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

හිත ගියපු කෙනා සහකාරිය කරගන්නේ කවද්ද?

තාම ඒකට දිනයක් යොදාගෙන නැහැ. අපිට ලැබෙන මුල්ම අවස්ථාවේ දිනය විවාහයට ලෑස්ති කරගන්නවා. බොහෝ විට ඒ දවස ලබන අවුරුද්දේ උදාවෙන්න පුළුවන්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ
මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ
http://ift.tt/2qLLDSr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_934.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_934.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy