දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය මොරටු සරසවි සිසුවිය සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව
Homeගොසිප්

බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය මොරටු සරසවි සිසුවිය සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව

PropellerAds

බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය මොරටු සරසවි සිසුවිය සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව මළගෙදර ආපු ෆැකල්ටි ඩීන්ට මවගෙන් දොස් කෙනෙකු හ...

කොළඹ කසළ ප්‍රශ්නෙට මෙහෙයුම් මැදිරියක්‌
අනුන්ගේ මූණු වලින් ෆේස් බුක් ගිණුම් හදන උන්මාදයක් ලංකාවේ
ළමා නිවාසයකට අාධාර කරමින් 2016 ඩිල්ෂාන් මංජුලාගේ උපන්දිනේ සැමරූ හැටි

බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය
මොරටු සරසවි සිසුවිය
සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව

මළගෙදර ආපු ෆැකල්ටි ඩීන්ට මවගෙන් දොස්


කෙනෙකු හෘදයාබාධයකින් මියයාම තවත් අයෙකුට වරද පැටවිය හැකි අපරාධයක් ලෙස ලංකාවේ නීතිය අනුව නම් කරන්නේ නැත. නමුත් කෙනෙකුට මරණීය හෘදයාබාධයක් වැළඳෙන තරමට සාමාජයීය පීඩනයක් එල්ල කරන කිසියම් පාර්ශ්වයක් සිටී නම් එම මරණයට අදාළ පාර්ශ්වය වගකීමෙන් මිදිය නොහැකිය.
මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා සහ මෝස්තර නිරූපණ ශිල්ප පාඨමාලාවේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 27 හැවිරිදි උපාධි අපේක්ෂිකාවක් පසුගිය සතියේ දිනක රාත්‍රියේ අනපේක්ෂිත ලෙස මියගොස් තිබුනේ ඇය තාවකාලිකව නවාතැන්ගෙන සිටි පිළියන්දල මඩපාත බෝඩින් කාමරය යාබද නාන කාමරය
තුළදීය.
රද්දොළුගම ප්‍රදේශයේ පදිංචිකාරියකවූ ඇය පසුගිය වසර ගණනාව තුළ වරින්වර සරසවි පාලනාධිකාරයේ පීඩනයට ලක්වූ තැනැත්තියක බවට වාර්තාවන අතර අවස්ථා කිහිපයකදීම සරසවි පාඨමාලාව අසාධාරණ ලෙස අසමත් භාවයට පත්ව පාඨමාලා කාලය වසර කිහිපයකින් දිගු කරගන්නට

සිදුවූ අයෙකි. මේ හේතු නිසාම සරසවි පාඨමාලාව අතරතුරදී ඇය විවාහදිවියටද පිවිසි සිටි අතර පිළියන්දල කාමරයේ ඇය සමග ඇගේ සැමියාද වාසය කර තිබේ.
අවසන් වසරේ අවසාන ව්‍යාපෘති වාර්තාව සම්බන්ධයෙන් වැඩ කරමින් සිටි ඇයට මෙවරත් අසාධාරණයක් සිදුවෙමින් පැවති අතර දිගින් දිගටම ආතතියෙන් ඇය කල්ගත කර තිබේ.

සිද්ධිය වූ දවසේ සැමියා සමඟ රාත්‍රියේ සිට අළුයම දක්වා ව්‍යාපෘතියට අදාළ වැඩ කරමින් සිටි ඇය අලුයම 4 ට පමණ නින්දට ගොස් ඇති අතර 6.30 ට පමණ කථා කරන ලෙස දන්වා ඇත. ටික වේලාවකින් සැමියා නැගිට සිසුවිය සොයද්දී නාන කාමරයේ වතුර වැටෙන හඩ නොකඩවාම ඇසීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ඇතිවු සැකයක් මත සොයා බැලීමේදී ඇය නාන කාමරය තුල මියගොස් සිටියදී හමුවී තිබෙයි.

මේ ගැන ඔහු පසුව පොලිසිය දැනුවත් කළ අතර මුලික පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඇය හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් මිය ගොස් ඇති බවයි. 2008 වසරේ සිට අඛණ්ඩව හෘද රෝග සඳහා ඖෂධ ලබාගනිමින් සිටි ඇය සරසවි පාලනාධිකාරයේ අධික පීඩනයට ලක්ව අවස්ථා කිහිපයකම රෝහල් ගතවූ බවටද වාර්තා තිබේ.
ඇයට මුලින්ම රෝග තත්ව පෙන්නුම් කර තිබෙන්නේ සරසවියේ 2 වන වසරේ අධ්‍යාපනය ලබද්දීය. එම වසරට නියමිත ව්‍යාපෘති වාර්තාව බාරදෙන වකවානුව වන විටදී ඇය දැඩි ලෙස රොගාතුරව රොහල් ගත කර සිට ඇත. එහිදී සහන කාලයක් ලබා ගැනීමට අවශ්‍ය රජයේ රොහල් වෛද්‍ය වාර්තාව ලබා දීමටවත් තරම් යහපත් සෞඛ්‍ය තත්වයකින් ඇය නොසිටි නිසා ඇය එය සිය මවගේ අතේ සරසවි බලධාරීන් වෙත එවා ඇත්තේ ඇයට හිතවත් ආචාර්යවරියක් ලබාදුන් උපදෙසක් අනුවයි. නමුත් වෙනත් අකාරුණික ආචාර්යවරියක ඇයගේ මවට දන්වා ඇත්තේ ඒ ආකාරයට එවන වෛද්‍ය වාර්තා භාරගන්නට බැරි බවයි. ඒ අවස්ථාවේ ඇයට උපදෙස් දුන් ආචාර්යවරිය එයට මැදිහත්වී සහන කාලය ඉල්ලාදී වාර්තාව පසුවට ලබාදෙන්නට උදව් කර ඇති නමුත්  ආකාරුණික ආචාර්යවරිය සුලු අඩුපාඩුවක් පෙන්වා ඇයව එම වසරින් විභාගය අසමත් කරවා ඇති බව දැනගන්නට ලැබේ.
ඇගේ අසනීප ප්‍රමාදය හේතුකොට අවුරුද්දක පාඨමාලා ප්‍රමාදයකට අසාධාරණ ලෙස ලක්වූ ඇය ඉන් පසුව නැවත 4 වන වසරෙදී පෙරකී කාරුණික ආචාර්යවරියගේ පලිගැනීමකට නැවත ලක්වී ඇත. ඇයත් තවත් ආචාර්යවරියකත් එක්වී අවසන් වසරේ සිසුසිසුවියන් 14 දෙනෙකු දෙවන වාර විභාගයෙන් අසමත් කර තිබෙන අතර එම 14 අතර මියගිය සිසුවියද සිට ඇත.
පසුව මෙම ආචර්යවරියන් දෙපල රැස්වීමක් කැන්දවා දන්වා ඇත්තේ වාර්ෂික ලකුණු එකතුව අඩුවීම මත දෙවන වාරය පමණක් නොව  මොවුන් 14 දෙනා මුළු වසරම අසමත් බවයි.
මෙම ප්‍රකාශය දැනුම් දුන් අවස්ථාවේ මිය ගිය සිසුවිය කම්පනය දරාගත නොහැකිව සිහිසුන් වී ඇදවැටී ඇති අතර ඉන්පසුව ප්‍රතිකාර සදහා රොහල් ගත කර ඇත. එම අවස්ථාවේ ආචාරයවරිය සිනහසී චෝදනා ඇත්තේ මෙම සිසුවිය රඟපෑමක් කරන බවයි.
මෙම සිසු සිසුවියන් 14 දෙනා තමාට ව්‍යාපෘතිය නැවත අඩුපාඩු සකස් කීරීමකට අවථාවක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කලත් එය කළ හැකිව තිබියදීත් එම ඉල්ලීම ප්‍රතික්සේප කරන්නට අදාළ ආචාර්යවරිය කටයුතු කර ඇත. එම ඉල්ලීම සරසවියේ වෙනත් ආචාර්යවරුන් ලවා කරත් සඵලවී නැති අතර පීඨාධිපතිට බොරු හේතු පෙන්වා සිසුසිසුවියන් වෙත දැඩි පීඩනයක් එල්ල කරන්නට ඇය කටයුතු කර තිබේ. තමාත් සිසු ජීවිතය තුළ විවිධ අසාධාරණයන්ට ලක්ව ඇතිබවත් එබැවින් ළමයිනුත් අසාදාරනයට ලක්වීම ඉවසිය යුතු බවත් ඇය වරෙක පවසා ඇත.
සියලුම පීඩනයන් උපරිම වන අවස්තාවේ සිත්තැවුලෙන් නැවත අවසාන වසරට ලියාපදිංචිවූ මියගිය සිසුවිය තම සිත්වේදනාව නිතර පවුලේ අයට හා සැමියාට ප්‍රකාශ කරමින් අවසිහියෙන් මෙන් කතාබහ කර ඇත. ඇය මියගිය දිනයේත් එම සිත්තැවුල නිසා ඇය දුකින් පසුවී ඇත.
ඇයට පණ මෙන් ආදරය කරන සැමියාද ඇය සනසන්නට හැකි උපරිමයෙන් සහාය වූ බවද වාර්තාවිය.
කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස මේ පීඩනය මධ්‍යයේ ඇය මියගිය අතර ඇගෙ මළ ගෙදර පැමිණි අංශ ප්‍රධානී ආචාර්යවරයාට ඇගේ මව බැණවැදුණ බවද වාර්තා විය.
කුරිරු ලෙස ඇයට සංග්‍රහ කරන ලද ආචාරවරිය මරණය වෙනුවෙන් සරසවියේ දීමනා මුදලුත් රැගෙන මළගෙදර පැමිණි බවද වාර්තාවිය. නමුත් සිසුවියගේ මව මුදල් බාරගෙන නැත.පසුව ඇය බලෙන් මුදල් ලබා දී ඇත.
අවුරුදු 27 දී හෘදයාබාධයකින් මියගිය සරසවි සොයුරියට සිදුවූ අසාධාරණය සැඟව ගිය ඛේදවාචකයන් ලෙස තවටික දිනකින් කාටත් අමතක වනු ඇති නමුත් මෙවැනි දෑ නැවත නොවන්නට බලධාරීන්ගේ ඇස් යොමු විය යුතුය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය මොරටු සරසවි සිසුවිය සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව
බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය මොරටු සරසවි සිසුවිය සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව
http://ift.tt/2qhAMC4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_493.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_493.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy