දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එදා හිටියෙ පවුලේ හොරු අද ඉන්නෙ හවුලේ හොරු - විජිත හේරත්
Homeගොසිප්

එදා හිටියෙ පවුලේ හොරු අද ඉන්නෙ හවුලේ හොරු - විජිත හේරත්

PropellerAds

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් තිහාරියේ පැවැති ජන හමුවකදී මෙසේ කියා ඇත. "2015 ජනවාරි 08 වැන...

ආනන්ද වෙඩිසිංහගේ අඩුව පුරවන්න - ජපානයේ සිට ආ පුතු කේන්ගේ පුද්ගලික ඇල්බමයෙන්
දැවැන්ත කිඹුලෙක් අකුරැස්ස තේ වත්තකින් අල්ලා ගෙන ගිය හැටි
කටාර් අවුල නිසා තානාපති ඒඑස්පී කලබලෙන් - රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් තිහාරියේ පැවැති ජන හමුවකදී මෙසේ කියා ඇත.

"2015 ජනවාරි 08 වැනිදාට කලින් රාජපක්ෂ පාලනය මුළු රටම ඒකාධිපති වියරුවකට යටත් කරල තිබුණේ. මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණය මේ රටේ ජයග්‍රහණයක් කර ගන්නවා වෙනුවට, එය තම පවුලේ
ජයග්‍රහණයක් බවට රාජපක්ෂ පවුල සැලකුවා. දූෂණය, වංචාව, හොරකම පමණක් නොවේ මැදමුලනෙ කැලෑ නීතිය රජ කරපු දවසක් එදා තිබුණේ. ජනතාවට නිදහසේ ජීවත් වන්නට බැරි තත්ත්වයක් එදා නිර්මාණය වෙලා තිබුණා. රාජපක්ෂ කල්ලිය ජාති වාදය හා ආගම් වාදය වපුරුවන්න එක එක
සංවිධාන හදල ජනතාවගේ සමඟිය බිඳ දමන්නට කටයුතු කළා. ඒ නිසා මේ රටේ ජනතාව රාජපක්ෂ දුර්දාන්ත පාලනය අතුගාල දාල ලොකු බලාපොරොත්තුවක් ඇතිව අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.

නව ආණ්ඩුව පිහිටුවා ගත්තට පස්සෙ යම් යම් ප්‍රතිසංස්කරණ ටිකක් සිදුවුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. කොමිෂන් සභා පිහිටෙව්වා. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කළා. රාජපක්ෂ කල්ලිය මෙහෙයවූ අර සේනා, මේ සේනා ජාතිවාදය අවුස්සන කල්ලි යටපත් කළා. හැබැයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කරන්න මේ ආණ්ඩුව සමත් වූයේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කළේ නැහැ. හොරකම, දූෂණය, නාස්තිය නතර කරනව කිව්වට ඒව නතර කළේ නැහැ. හොරුන්ට දඬුවම් දෙනව කිව්ව ආණ්ඩුව අද හොරුත් එක්ක එකතු වෙලා, දැන් හොරු ආණ්ඩුව අල්ලගෙන. අද මහ බැංකු බැඳුම්කර සල්ලිවලින් මේ රටේ කළු ආර්ථිකයක් නිර්මාණය කරන්න හදනවා. බැඳුම්කර වංචාවෙන් උපයාගත් කළු සල්ලිවලින් නැවත පෙරළා වටයකින් අලුත් මාධ්‍ය ආයතන මිලදී ගන්නවා, ස්කාගාර හදනවා. බැඳුම්කර වංචාවෙ හොරුන්ට මේ ආණ්ඩුවෙන් දඬුවම් ලැබෙන්නෙ නැහැ. දඬුවම් දුන්නොත් ඉහළ පුටුවෙ ඉඳල පහළටයි ලැබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව හොරු අල්ලන්නෙ නැහැ කියන එක හොඳටම විශ්වාසයි. මේ නිල්, කොළ ආණ්ඩු දෙකම එකයි. එදා හොරකම් කළේ පවුලෙ හොරු. අද හොරකම් කරන්නෙ හවුලෙ හොරු.‘

(නිට්ටඹුව - විජේපාල කොඩිතුවක්කු)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එදා හිටියෙ පවුලේ හොරු අද ඉන්නෙ හවුලේ හොරු - විජිත හේරත්
එදා හිටියෙ පවුලේ හොරු අද ඉන්නෙ හවුලේ හොරු - විජිත හේරත්
http://ift.tt/2ornyTk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy