දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලසන්ත ඝාතනයට වසර 10 සැමරුමට මංගලත් කනත්තට ඇවිත්
Homeගොසිප්

ලසන්ත ඝාතනයට වසර 10 සැමරුමට මංගලත් කනත්තට ඇවිත්

PropellerAds

නිදහස් මාධ්‍යයට ඉඩ ප්‍රස්ථාව ලබාදෙමින් ඉතාම සාධාරණ, විවෘත මාධ්‍ය කලාවක් අද වනවිට රටේ නිර්මාණය වී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරව...

නෝනලා වගේ ඇවිත් පර්ස් උස්සන මාතලේ ගැහැනු පික් පොකට් කල්ලිය
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාව අයුතු යෝජනාවට අකමැතිවූ පසු කම්මුල් පහර ගැසූ මගියා අත්අඩංගුවට
2016 දෙසැ. 11 සිට දෙසැ. 17 දක්වා සතියේ පලාපල
නිදහස් මාධ්‍යයට ඉඩ ප්‍රස්ථාව ලබාදෙමින් ඉතාම සාධාරණ, විවෘත මාධ්‍ය කලාවක් අද වනවිට රටේ නිර්මාණය වී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දසවැනි ගුණ සැමරුම නිමිත්තෙන් බොරැල්ල කනත්ත
පරිශ්‍රයේ දී ඊයේ (08) පැවැති සැමරුම් උත්සවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතුවරයා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයකු වශයෙන් ද කලක් සේවය කැර තිබෙනවා. හිටපු අගමැතිනී සිරිමාවෝ
බණ්ඩාරනායක මැතිනියගේ ලේකම්වරයෙකු ලෙස ද ඒ මහතා ක්‍රියා කැර තිබෙනවා.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මාධ්‍යවේදීන් අකාලයේ මරා දැමීම සිදු නොවන සමාජයක් අද වනවිට බිහිකර තිබෙනවා. මාධ්‍යවේදීන්ට නිදහසේ තම කටයුතු කරගෙන යාමට හැකියාව පවතින අතර පෑනට යළිත් වරක් තැනක් ලැබී තිබෙනවා.

ඉතාම සාධාරණ, විවෘත මාධ්‍ය කලාවක් අද වනවිට රටේ නිර්මාණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග මහතා සිටින තැනක සිට සතුටට පත් වෙනවා.

ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් අකාලයේ මරා දැමීම නොවන සමාජයක් බිහිකර තිබෙනවා. එකම ප්‍රමාදය වී තිබෙන්නේ ලසන්ත මරා දැමූවන් සොයා ගන්නා එක නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට පරීක්ෂණ කර ගෙන යනවා. ඒ අයටත් වැඩිකල් යෑමට පෙර දඩුවම් ලබා දෙනවා. බවද හෙතෙම පැවසීය.

මිනීමැරුම්වල දී නඩු විභාග සඳහා වසර දහය, පහලොව වැනි කාලයන් ගිය අවස්ථා අප දැක තිබෙන බව පෙන්වාදුන් මංගල සමරවීර මහතා ඒ නිසා පොලීසිය කුමන බාධක පැමිණිය ද මේ මිනීමැරුමේ සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා විශාල මෙයෙක් සිදුකරන බවද කීවේය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයන්, මැති ඇමැතිවරු, සමාජ ක්‍රියාකාරීන්, විදෙස් තානාපති කාර්යාලයන්හි නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්ත ඝාතනයට වසර 10 සැමරුමට මංගලත් කනත්තට ඇවිත්
ලසන්ත ඝාතනයට වසර 10 සැමරුමට මංගලත් කනත්තට ඇවිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn73QFrqTfx2VDL2A99xtVBhUhRHPI53G6cvjHGIGSLoP5Oy7HLrXRuqFUJwILwrqW9EHZz2FMsr6zzvZh0dg9LMzt1wgcOCu9zJVzzpxdvmC1ojbb9o873aDlXPvajeP53ooU_XK4OgI/s1600/p10.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn73QFrqTfx2VDL2A99xtVBhUhRHPI53G6cvjHGIGSLoP5Oy7HLrXRuqFUJwILwrqW9EHZz2FMsr6zzvZh0dg9LMzt1wgcOCu9zJVzzpxdvmC1ojbb9o873aDlXPvajeP53ooU_XK4OgI/s72-c/p10.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/10_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/10_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy