දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි‍ - හෂිනි අමේන්ද්‍රා කථා කරයි
Homeගොසිප්

මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි‍ - හෂිනි අමේන්ද්‍රා කථා කරයි

PropellerAds

මමත් කලින් විවාහවී හිටි කෙනෙක් ගෙදර අය මේකට විරුද්ධ වුණා ඒත් මං වික්ටර්ට ආදරෙයි‍ - හෂිනි අමේන්ද්‍රා කථා කරයි පසුගිය සතිය පුරාම ආන්දෝ...

රජයට ඉල්ලා අස්‌වන්නැයි කියමින් දළදා මැඳුර ඉදිරිපිට සිල් මෑණියෝ උපවාසයේ
බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න ජනපතිගෙන් විශේෂ කොමිසමක්
ස්වර්ණවාහිනිය විකිණේ ගොඩනැගිල්ලත් අලෙවි කරලා


මමත් කලින් විවාහවී හිටි කෙනෙක්
ගෙදර අය මේකට විරුද්ධ වුණා
ඒත් මං වික්ටර්ට ආදරෙයි‍
- හෂිනි අමේන්ද්‍රා කථා කරයි

පසුගිය සතිය පුරාම ආන්දෝලනාත්මක පුවත් මැවූ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ නව විවාහයට පුතුන් එරෙහිවීමේ ගැටලුව ගැන මේ දක්වා නිහඬ පිළිනෙතක් ගෙන ගිය සිද්ධියට මුල්වූ වික්ටර්ගේ නව බිරිය  හෂිනි අමේන්ද්‍රා රත්නායක මෙවර සතිඅන්ත පුවත්පතකට මේ ගැන සිය අදහස් දක්වා තිබෙනවා.
ඔරුවල අතුරුගිරිය වික්ටර් නිවසේ දැන් වාසය කරන ඇය 
පුවත්පතට මෙසේ කියා තිබේ.
“අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.
මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.
මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.


මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.
මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.
මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.
ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.
අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.
මට වික්ටර් ගැන තියෙන්නේ ආදරයක්  ගෞරවයක් භක්තියක්  මදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.

ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?

මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­ැතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.

මේ තරමට බාධා - ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?

ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.

වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?

මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.
ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.

අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැමතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා. විවාහය කියන්නේ දෙන්නෙක් අවබෝධය තුළින් ගැනෙන පෞද්ගලික තීන්දුවක්.

සාකච්ඡාව - නිශානී හේරත් බන්නැහැක (සිළුමිණ)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි‍ - හෂිනි අමේන්ද්‍රා කථා කරයි
මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි‍ - හෂිනි අමේන්ද්‍රා කථා කරයි
http://ift.tt/2mvy9dI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_987.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_987.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy