වසර 80කට අධික කාලයක් උතුරේ ජීවත්වන සිංහල ජනතාවත් සමග කිසිදු ගැටලුවක් නොමැති බවටත් ගැටලුව ඇත්තේ දකුණේ සිට උතුරට පැමිණ උතුරේ ජනතාවගේ ඉඩම්වල ...
වසර 80කට අධික කාලයක් උතුරේ ජීවත්වන සිංහල ජනතාවත් සමග කිසිදු ගැටලුවක් නොමැති බවටත් ගැටලුව ඇත්තේ දකුණේ සිට උතුරට පැමිණ උතුරේ ජනතාවගේ ඉඩම්වල පදිංචි වීමට උත්සහ දරන පිරිස් සමග බවට අතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ අද (03) වව්නියාව ඊරට්පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි වව්නියාව දකුණ සිංහල ප්‍රදේශීය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ
‘‘චෝදනාවක් තියනවා අපි උතුරු පලාතේ සිංහල මිනිස්සුන්ට සලකන්නෙ නැහැ කියලා. දැන් මේ ගොඩනැගිලි බලපුවහම අපි සලකනවද නැද්ද කියල බලාගන්න පුලුවන්. අනිත් එක අපිට උතුරු පලාතේ ඉන්න සිංහල මිනිස්සුත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අවුරුදු 80 කටත් වැඩි කාලයක් මෙහෙ හිටියේ. අපේ උතුරේ සිංහල මිනිස්සු අපිට ප්‍රශ්නෙ තියෙන්නේ පිට පලාත්වල සිට මිනිස්සු ගෙන්නගෙන අපේ මිනිස්සුන්ටත් හුගක් ඉඩකඩම් ගෙවල් ඕනවෙලා තියෙන කොට ඒ අය ගෙනත් දාන එකටයි. අපිට ප්‍රශ්නෙ තියෙන්නේ ඒ නිසා අපිට සිංහල අයත් එක්ක කිසිම තරහක් නැහැ.
අනිත් එක අපි පොඩි කාලෙම මෙහෙ සිංහල මිනිස්සු ඉඳල තියෙනවා. ඒ අයත් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් 1950 සිට 1956 වෙනකම් උතුරේ තිබුනු පාසල් වලට උගන්නන්න දකුණෙ සිට හුගක් ගුරුවරු ආවා. එ‍්කෙන් මෙහෙ අය සිංහල ඉගෙනගත්තා. දකුණෙ අය දෙමළ ඉගෙනගත්තා. අවසානයේ 1956 දී දෙමළ භාෂාවට ඉඩක් දෙන්නෙ නැතුව ලංකාව පුරාම සිංහල භාෂාව පමණක් ප්‍රධාන භාෂාව කියල නීතියක් ගෙනාව නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කම පටන්ගන්නෙ. ඒ නිසා අපි ඔක්කම දැනගන්න ඕන මේ ප්‍රශන් පටන්ගත්තෙ කොහින්ද කියලා. නැතුව කව්රු කොහෙ මොනව කිව්වත් වැඩක් නැහැ.
ලගකදී අමාත්‍ය දයාසිරි ජයසේකර කියල තියනවා මාව මෙහෙන් පන්නන්න ඕන මාව ගහල එලවන්න ඕන කියල කියල තියනවා එයා මගෙ මිතුරෙක් නමුත් මාව පැන්නුවා කියල මේ දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ ජනතාවගේ විසඳුම් වෙනුවෙන් ඇත්ත කතාකරන කෙනෙක් නැවත පත්වෙනවා එයා පත් වුනහම කියන්නෙත් මම කියන දේම තමයි එහෙම නැතුව එක එක තැන්වල රැස්වෙල ක්‍රීඩා මණ්ඩප වල කෑ ගහල අපි ශ්‍රීලාංකියෝ කියල වැඩක් නැහැ මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳුම් දෙන්නයි ඕන ඊට පස්සෙ අපිට පුලුවන් ඕන විදහකට ඉන්න උතුරේ අයට දකුණට එන්න පුලුවන් දකුණේ අයට උතුරට එන්න පුලුවන්.
ඒකයි අපි ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන්නෙ නමුත් අද වෙනකොට හැම කෙනාම වැරදි විදහට ෆෙඩරල් කියන්නේ රට බෙදනව කියල කව්ද කියන්නෙ රට බෙදනවා කියල අද ලෝකෙ හැම කෙනාම පිලිගන්නවා ෆෙඩරල් විසඳුම මගින් තමයි රට එකතුකරන්න පුලුවන් කියලා නමුත් දකුණෙ ඉන්න දේශපාලඥයින් කියනව රට බෙදනව කියල මේ හැම දෙයක්ම හරියට දැනගන්න ඕන ඇයි අපි මේවා කියන්නෙ කියලා.
තව එකක් තමයි යුද අපරාද ගැන පරික්ෂණයක් ආණ්ඩුවෙන් කරන්නැත්තම් අපි හරි ඒ අය ගෙන්නවලා විමසන්න ඕන කියල කියපු කතාවට දයාසිරි ජයසේකර ඇමති කියනව මම ජාතිභේද ඇති කරනවා ඒ නිසා පන්නන්න ඕන කියලා යුද්දෙන් මොකද වුනේ කියල කව්දද දැනගන්න පුලුවන් ඒකයි මම ඒ විදිහට කියල තියෙන්නෙ මම නැතත් මේ දේම තමයි මගෙන් පස්සෙ කෙනත් කියන්නේ.
ඒ වගේම ජයතිලක මන්ත්‍රී තුමා කිව්වා මේ ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු තියනවා කියලා. මෙහෙ විතරක් නෙමෙයි අපේ පළාත්වලත් පුරප්පාඩු තියනවා. අපි ඒ ගැන නිතරම කියනවා මධ්‍යම ආණ්ඩුවෙන් පුරප්පාඩු දෙන්නැනේ. ඉතින් මම මොනව කරන්නද” යනුවෙනි.
COMMENTS