දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බටගොඩ ස්පෙෂල් ක්‍රමය කුමක්ද? නි.ඇමැති අජිත්ට ලිපියක්
Homeප්‍රවෘත්ති

බටගොඩ ස්පෙෂල් ක්‍රමය කුමක්ද? නි.ඇමැති අජිත්ට ලිපියක්

PropellerAds

            ඩීසල් බලාගාර සඳහා විදුලිය මිලදී ගැනීමේදී අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා විසින් විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන බවට විදු...

ගම්මන්පිලට පස්සේ පොහොට්ටුව දයාසිරිට වටකරගෙන ගහයි - ඇමැතිකමෙන් අස්වෙන්නලු
ගම්මන්පිලගේ විශ්වාසභංගයට දින 2ක්! ජන්දය 20 පස්වරුවේ!
ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි - අර්ජුන රණතුංග
බටගොඩ ස්පෙෂල් ක්‍රමය කුමක්ද? නි.ඇමැති අජිත්ට ලිපියක්

 

 

 

 

 

 

ඩීසල් බලාගාර සඳහා විදුලිය මිලදී ගැනීමේදී අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා විසින් විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන බවට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව විමසමින් දූෂණ විරෝධී පෙරමුණ විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඩීසල් විදුලිබල මිල දී ගැනීමේ  ‘බටගොඩ ස්පෙෂල් ක්‍රමය’ කුමන ප්‍රසම්පාදන නිර්ණායකයන්ට අදාළ වන්නේ දැයි පැහැදිලි කරන මෙන් දූෂණ විරෝධී පෙරමුණ මෙම ලිපිය මඟින් ඉල්ලා තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ,

මාධ්‍ය ඒකකය
දූෂණ විරෝධී පෙරමුණ
2017 පෙබරවාරි මස 17 වැනිදා

ගරු අජිත් පී. පෙරේරා මැතිතුමා
ගරු රාජ්‍ය අමාත්‍යතුමා,
විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය,
කොළඹ 7.

ප්‍රිය අමාත්‍යතුමනි,
අද දින ‘ද අයිලන්ඩ්’ ප්‍රධාන පුවත Emergency power generation under a cloud සම්බන්ධයෙනි

යහපාලන රජය බලයට පැමිණීමත් සමඟ නවතා දමන ලැබූ ඩීසල් විදුලි මාෆියාව 2017 පෙබරවාරි මස සිට නැවත සිය කටයුතු අරඹා ඇත.  ඩීසල් විදුලි මිලදී ගැනීමේ ක්‍රමය විදුලි බල මණ්ඩලය තුළ දිගු කලක් සිදු වූ අයුරින්ම අන්ත දුෂිත අකාරයෙන් අලුත් වටයකින් ඇරඹී ඇති බව බව දුෂණ විරෝධී පෙරමුණේ නිරීක්ෂණය යි.

අද දින ‘ද අයිලන්ඩ්’ පුවත්පතට ඔබ ප්‍රකාශ කොට ඇත්තේ ‘........ Secretary to the Ministry Dr B.M.S. Batagoda had followed special procedures in respect of emergency power purchases’ බවයි.    ඩීසල් විදුලිය මිලදී ගැනීම ‘බටගොඩ ස්පෙෂල්’ ක්‍රමවේදයක් යටතේ සිදුවන බවට දුෂණ විරෝධී පෙරමුණ නැගු චෝදනාව ඔබතුමන් ද පිළිගැනීම සතුටට කරුණකි.

අප විසින් අනාවරණය කරන ලද ‘බටගොඩ ස්පෙෂල්’ ක්‍රමවේදයේ කාල චක්‍රය මෙලෙසය.

2016.12.28    විදුලිබල අමාත්‍යාංශය අභ්‍යන්තර රැස්වීම පවත්වයි.

2016 දෙසැම්බර් මස 29 දින කැබිනට් අනුමැතියක් හෝ නොමැතිව මෙගාවෝට් 60 ක අතිරේක විදුලි ධාරිතාවයක් මාස 6 ක් සඳහා මිලදී ගැනීමට පුවත්පත් දැන්වීම් පළ කරයි

2016.12.30 දින අංක 16/2774/727/056 දරණ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබයි.

2017 ජනවාරි 16 කැබිනට් අනුමැතිය නොමැතිව පෙ.ව. 10 ට ටෙන්ඩර් අවසන් කිරීම, එයින් පැය කිහිපයක් තුළ තාක්ෂණික ඇගයීම් කමිටුව, ප්‍රසම්පාදන කමිටු තීරණ ගැනීම (ගත වූ කාලය පිළිවෙළින් පැය. 3 ½, පැය 24 හා පැය 28 යි.)

පිළිගත් ප්‍රසම්පාද ක්‍රමවේදයට බාහිරිව රු. මිලියන 6,268 ක මිලදී ගැනීම් සඳහා නිර්දේශ ලබාදීම

2017 ජනවාරි 18 ලේකම් බටගොඩ මහතා අදාළ මිලදී ගැනීම සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට දැනුම් දීම

2017 ජනවාරි 26 දින නැව්ගත කරන ලද ජෙනරේටර් මුහුදේ තිබිය දී ක්‍රම විරෝධී ගණුදෙනුව සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීම

කිසිඳු ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් කැදවීමක් නොමැතිව මිලදී ගැනීම් සිදු කිරීම

ප්‍රිය අමාත්‍යතුමනි,

ප්‍රසම්පාදන ක්‍රියාවලියට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 (ඇ) (1) ට අනුකූල විය යුතුය.  ඉහතින් දක්වා ඇති කාල රාමුවට අනුව සිදුවන ඩීසල් විදුලි මිල දී ගැනීමේ ‘බටගොඩ ස්පෙෂල් ක්‍රමය’ කුමන ප්‍රසම්පාදන නිර්ණායකයන්ට අදාල වන්නේ දැයි පැහැදිලි කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලමු. 

මෙයට විශ්වාසී,

පූජ්‍ය උලපනේ සුමංගල හිමි  
සභාපති/දුෂණ විරෝධී පෙරමුණ          

කීර්ති තෙන්නකෝන්
උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ             

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බටගොඩ ස්පෙෂල් ක්‍රමය කුමක්ද? නි.ඇමැති අජිත්ට ලිපියක්
බටගොඩ ස්පෙෂල් ක්‍රමය කුමක්ද? නි.ඇමැති අජිත්ට ලිපියක්
http://ift.tt/2lZubrk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_776.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_776.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy