ආනයනික සහල්වලට පමණක් උපරිම සිල්ලර මිලක් නියමකල පමණින් ජනතාවට අඩු මිලට සහල් නොලැබෙන නිසා සියලුම සහල්වලට පාලන මිලක් ඇති කරන ලෙසට ජනාධිපති මෛ...
ආනයනික සහල්වලට පමණක් උපරිම සිල්ලර මිලක් නියමකල පමණින් ජනතාවට අඩු මිලට සහල් නොලැබෙන නිසා සියලුම සහල්වලට පාලන මිලක් ඇති කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
දේශීය සහල් බව පවසමින් මේ වනවිට නාඩු සහල් කිලෝවක් රුපියල් 90කින් ඉහළ මිලකටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 100කට ඉහළ මිලකට අලෙවි කරන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මේ නිසා කූට වෙළෙඳුන් ආනයනික සහල් දේශීය සහල් ලෙස පෙන්වා ජනතාව මුලා කිරීමට කටයුතු කළ හැකි බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොදු පාලන මිලක් ඇති කරන ලෙසට ඉල්ලා සිටි බවද පවසා සිටියේය.
මීට අමතරව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 66ක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබෙන නිසා එම මිලට සහල් ලබාදෙන ලෙසද පවසා සිටියේය.
පාලන මිල ගැසට් කර නෑ
කෙසේවෙතත් සහල් සඳහා රජය පාලන මිලක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර නොමැති බව වාර්තාවේ.
ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳපොළේ සහල් සඳහා රජය පාලන මිලක් පනවනු ලැබීය.
ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 70ක උපරිම මිලක් නියම කළ අතර සම්බා සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80ක උපරිම මිලක් නියම කළේය.
මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ රැස්වූ ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාකච්ඡාවේ දී අදාළ පාලන මිල නියම කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව එම මිල ගණන්වලට පටහැනිව අධික මිල ගණන් යටතේ සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද මුදල් අමාත්‍යාංශය පැවසී ය.
කෙසේවෙතත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නම් අදාළ පාලන මිල ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු අතර එතෙක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට අදාළ වෙළෙඳසැල් වැටලීම සඳහා බලයක් නොමැති බව එම අධිකාරිය සඳහන් කරයි.
මේ අතර සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙන්දන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී සඳහන් කළේය.
COMMENTS