ගස්ලබු සාරය ඇසුරින් ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති බෙහෙත් වර්ගයක් මෙරට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආනයනය කර රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්...
ගස්ලබු සාරය ඇසුරින් ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති බෙහෙත් වර්ගයක් මෙරට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආනයනය කර රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්‌ථාව හරහා බෙදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පෙරේදා (30) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.
ඩෙංගු රෝගීන්ගේ අඩුවන රතු රුධිරානු ප්‍රමාණය ගස්‌ලබු සාරය යොදා ගනිමින් වැඩි කර ගත හැකි බව අනාවරණය වී ඇතැයි ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙම දිනවල දිවයිනේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පැවැතීම නිසා මෙම ගස්‌ලබු සාරය ඇසුරින් නිපදවූ බෙහෙත් වර්ගය ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වන බව හෙතෙම අවධාරණය කළේය.
COMMENTS