දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්
Homeගොසිප්

ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්

PropellerAds

ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත් කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු ද...

ශ්‍රීලනිපයේ නව තනතුරු හා සංවිධායකවරු 52 ක්
මේ කාලේ වගේම ඒ කාලෙත් පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටි කරගත්තු අවස්ථා
හමුදා සෙබළෙක් කට්ටඩියෙක් මන්ත්‍රි කෙනෙක් වූ ක්‍රිෂාන්ත දේවාලේ කපුකම් කරන අතර දැරියට හෙළූ බැල්ම

ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න
ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ
දොස්තර නෝනා උසාවි ඇවිත්


කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන මාර්ගයෙන් හෙදියන්ට දන්වා නොසැලකිල්ලෙන් දුන් එන්නතක් නිසා මරණය සිදුවූ බව
මේ සම්බන්ධ පැමිණිල්ලේදී
කරුණු හෙළි කර තිබුණි.
උණ රෝගයක් වැළඳී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිඟිත්තා හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යම මොහොතක අදාළ වෛද්‍යවරිය දුරකථන පණිවිඩ මාර්ගයෙන් එම වෛද්‍ය උපදෙස් ලබා දී ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටියදී රොසපින් නැමැති එන්නතක් සිඟිත්තා හට ලබාදීමට කටයුතු කර තිබේ. එන්නත ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා පසුව දරුවා මරුමුවට පත්ව ඇත.

මෙවැනි ආකාරයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර දුරකථන පණිවිඩ මාර්ගයෙන් ලබාදීම සදාචාරාත්මක නොවන ක්‍රියාවලියක් බවත් එය දැඩි අවධානයකට ලක් කළ යුතු කරුණක් බවත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා සටහන් තබා ඇත.
වේයන්ගොඩ බෝගහවත්ත පදිංචිව සිටි දිදුල සෙනහස් නමැති අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවකු මේ ආකාරයට

මියගොස් තිබුණි. දරුවාගේ පියා වන හෂාන් උල්ලලපතිගේ කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ ගැන විමර්ශනයක් සිදු විය.
වෛද්‍ය හේවා මුණසිංහගේ අරුණා ප්‍රියංගනී (51) නමැති වෛද්‍යවරිය මෙම ප්‍රතිකාරය නියම කර තිබුණි. ඇය අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා සිටියේ
මියගිය දරුවා පුද්ගලික රෝහලට ඇතුළත් කළ බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් තමා එම අවස්ථාවේ රෝහලේ නොසිටි නිසා ලබාදුන් උපදෙස් මත ප්‍රතිකාර ලබාදීමට අදාළ අංශ දැනුවත් කළ බව ඇත්තක් බවයි.

එහිදී දරුවාට පසුදා උදේ රොසපින් 350 mg දෙන ලෙසට දන්වනු ලැබූ බව පිළිගත් වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ රොසපින් සාමාන්‍ය දෙන බෙහෙතක් බවත් එය සැර නැති බෙහෙතක් බවත්ය.
මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්කි විභාගයේදී රොසපින් නැමැති එන්නතක් ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා මියයාම සිද්ධවී තිබීම හඳුනාගන්නට හැකිවූ බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප්‍රතවන් මහතා දන්වා ඇති අතර මරණ පරීක්ෂකවරයා එය නම් කර තිබුනේ හදිසි අනතුරක් ලෙසය.
කොල්ලුපිටිය පොලිසියේ (14004) ජයලත් හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් (27689) ලාල් පතිරණ යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූ අතර වැඩිදුර විභාගය ඉදිරියටත් සිදුවේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්
ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්
http://ift.tt/2loycW6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_409.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_409.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy