දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී
Homeගොසිප්

උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී

PropellerAds

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයද ලකුණු 40කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අ...

Iresha Ranasinghe’s Birthday
මහින්දගේ නව පක්ෂෙට බාල ගිරි දෝෂය (බ්‍රහස් කාටූන්)
කටුනායකට ආ යානයක වැසිකිළියේ මළ සිරුරක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයද ලකුණු 40කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. නිව්ලෑන්ඩ්ස් පිටියේ ශ්‍රී
ලංකා වේලාවෙන් අද (08දා) අලුයම අවසන් වූ තරගයේදී ලකුණු 367ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 327ට දැවී ගියේය.

දකුණු අප්‍රකාවෙන් එල්ල වූ දැවැන්ත අභියෝගයට සාර්ථක ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල හා නායක උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 16.1කදී ලකුණු 139ක් රැස්කරමින් තරගය ශ්‍රී ලංකාවට දෙසට ගෙන ආවේය. ඉන් අනතුරුව දික්වැල්ල දැවී ගිය අතර පසුව කුසල් මෙන්ඩිස් හා එක්වූ තරංග ලකුණු 64ක සබඳතාවක් ගොඩනැංවිය.

එහිදී තරංග සිය එක්දින දිවියේ 14 වැනි එක්දින ශතකය වාර්තා කළ අතර එය 2013 වසරෙන් පසුව ඔහු රැස්කළ පළමු ශතකයද වෙයි. කුසල් මුළු ලකුණු 203දී දැවී ගිය අතර තරංගගේ ඉනිම 216දී නිමාවිය. තරංග පන්දු 90කදී ලකුණු 119ක් රැස්කළේය.ඔහුගේ ඉනිමට හයේ පහර හතක් ඇතුළත් වූ අතර ඔහුගේ එක්දින දිවියේ එක් තරගයකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවද එය විය. එසේම තරංග පන්දු 73කදී සිය ශතකය සම්පූර්ණ කළේය.

තරංගගේ දැවී යාමෙන් පසුව ධනංජයද සිල්වාගේ ඉනිමද අවසන් වූ අතර නැවතත් තරගය ශ්‍රී ලංකාව දෙසට ගෙන ඒමට නවක ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න හා සඳුන් වීරක්කොඩි සමත්වූයේය. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් ගොඩනගමින් තරගය නැවතත් ශ්‍රී ලංකාව දෙසට ගෙන ආවේය. කෙසේ වෙතත් ලකුණු 307දී පස්වැනි කඩුල්ල ලෙස අසේල දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුළු අතර ඉනිමට තවත් ලකුණු 20ක් එක්වෙන විට ශ්‍රී ලංකාවේ කඩුලු 5ක් දැවී ගියේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 185ක් රැස්කළ ඩු ප්ලෙසි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29353,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී
උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී
http://ift.tt/2llUCWX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_213.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_213.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy