දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පන්දු යවමින් සිටියදී මාලිංග වරින්වර අත සාක්කුවට දමන්න හේතුවූ ගැජට්ටුව ගැන තොරතුරු
Homeගොසිප්

පන්දු යවමින් සිටියදී මාලිංග වරින්වර අත සාක්කුවට දමන්න හේතුවූ ගැජට්ටුව ගැන තොරතුරු

PropellerAds

පන්දු යවමින් සිටියදී මාලිංග වරින්වර අත සාක්කුවට දමන්න හේතුවූ ගැජට්ටුව ගැන තොරතුරු ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පසුගියදා පැවති විස්...

දෙසැම්බර් 31 සම්මුතිවාදී ආණ්‌ඩුව ඉවරද?
මත්තලට ඉන්දියාවෙන් පොල්ලක්.
එක්නැලිගොඩ නඩුව ඉවතට.


පන්දු යවමින් සිටියදී මාලිංග වරින්වර අත සාක්කුවට දමන්න
හේතුවූ ගැජට්ටුව ගැන තොරතුරු

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පසුගියදා පැවති විස්සයි -20 තරගාවලියේ මාලිංග පන්දු යවන අතරතුර තම සාක්කුවට අත දමන්නේ කුමන හේතුවක් නිසාද යන්න විනිසුරුගේ අවධානයට පවා ලක්වූ කරුණක් බවට පත්විය.සෑම පන්දුවක් යවන්නට පෙරම ඔහු අත සාක්කුවට දමා ටික වේලාවක් සිටියේය.
මාලිංග පන්දු යැවීමේදී  එම උපක්‍රමය කිසියම් වංචනික කටයුත්තක් වෙනුවෙන්
සිදු කරන්නේදැයි ඇතැමෙකුට සැකයක්ද හටගෙන තිබුණි. එය දැන ගන්නට බොහෝ දෙනා උනන්දු විය. එහෙත් පසුව හෙළි වූයේ එය විලාසිතාවකට කළ දෙයක් නොව හිතාමතා සිදු කරන දෙයක් බවයි.
තරගය මදක් නතර කර විනිසුරුවරුන්ද ඒ ගැන පරීක්ෂා කළ අතර එම අවස්ථාවේදී නොපැකිළිව ඉදිරිපත් වෙමින් තමා නිතර සාක්කුවට අත දැමීමේ හේතු පැහැදිලි කළ මාලිංග පැවැසුවේ තමා කලිසම් සාක්කුවේ අත් උණුසුම් කරන කුඩා උපකරණයක් තබා ගෙන සිටින බවත්, අත උණුසුම් කර ගැනීම සඳහා පන්දුවක් යැවීමට පෙර සාක්කුවට අත යොමන බවත්ය.


අනතුරුව කරුණු තේරුම් කර ගත් විනිසුරුවරයා මාලිංගගේ සාක්කුවට අත දැමීමේ අයිතිය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවසර ලබා දුන් අතර එවැනි උපකරණයක් භාවිත කිරීම නීතියට පටහැනි නොවන බව ඒ මොහොතේ තරග විස්තර විචාරයේ යේදී සිටි ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේද මතය විය. සීතල කාලගුණයක් පවතින අවස්ථාවන්හි අත් උණුසුම්කරණයක් භාවිත කිරීම මාලිංගගේ සාමාන්‍ය පුරුද්දක් බවත්, සෑම පන්දුවක්ම යැවීමට පෙර මාලිංග එසේ තම අත උණුසුම් කර ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවත් ඕස්ට්‍රේලියානු විචාරකයන් වැඩි දුරටත් පෙන්වාදී තිබුණි.

මේ ගැන වැඩි විස්තර සොයා බැලීමේදී බොහෝ ශීත සෘතු පවතින රටවල වර්තමානයේ මේ ආකාර අත් උණුසුම්කරණ උපකරණ භාවිතය සාමාන්‍ය කාරණාවක් බවටද තොරතුරු හෙළි විය.
මාලිංග භාවිත කළ  අත් උණුසුම් කාරකය ‘සිපෝ‘ යන වෙළෙඳනාමයෙන් පැමිණෙන්නකි. එයට ගෑස් බලයෙන් ක්‍රියාත්මක වන්නකි. එයට අදාළ විශේෂ වායුව පුරවා ගිනි දැල්වීමෙන් අනතුරුව ආවරණ කොපුව වැසීමෙන් පසුව එහි සිදුරු තුළින් උණුසුමක් පැමිණෙයි. අතේ ගෙනයා හැකි එම ගැජට්ටුව සාක්කුවේ තබාගෙන සිටින අතරවාරයේ අවශ්‍ය අවස්ථාවල උණුසුම ලබාගත හැකිය.
වරකට පැය 12 ක උපරිමයක් දක්වා එම උපකරණයෙන් උණුසුම ලබාගත හැකි නිසා දීර්ඝ ක්‍රිකට් තරගයකදී වුවත් එමගින් උදව්වක් ගත හැකිය.
මෙම උපකරණය ගැන වැඩි විස්තර ඇතුළත් වීඩියෝවක් පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පන්දු යවමින් සිටියදී මාලිංග වරින්වර අත සාක්කුවට දමන්න හේතුවූ ගැජට්ටුව ගැන තොරතුරු
පන්දු යවමින් සිටියදී මාලිංග වරින්වර අත සාක්කුවට දමන්න හේතුවූ ගැජට්ටුව ගැන තොරතුරු
http://ift.tt/2lG0f5A
https://i.ytimg.com/vi/AmKAB4_O8EY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_191.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_191.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy