මෙ රට දුම්රිය ස්ථාන 12 පෞද්ගලික සමාගමකට ලබා දීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තීය සමිත...
මෙරට දුම්රිය ස්ථාන 12 පෞද්ගලික සමාගමකට ලබා දීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.
දුම්රිය ස්ථානයන් හි පහසුකම් වැඩිදියුණු කිරීමට හා නවීකරණය කිරීමට යැයි කියමින් මෙලෙස පුද්ගලික සමාගමකට ලබා දීමට උත්සාහ කරන්නේ
කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර, කුරුණෑගල, මීගමුව, අනුරාධපුර, නානුඔය හා ඇල්ල යන දුම්රිය ස්ථාන 12 බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා කියා සිටියේය.
මෙම කටයුත්ත සිදු කරන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බවත් අමාත්‍යාංශයේ කැමැත්ත පරිදි වසර දොළහකට ගිවිසුම්ගතව මෙම ගනුදෙනුව සිදු කරන බවද කැදවුම්කරුවා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක කටයුතු හා පොදු පහසුකම් දියුණු කිරීමට පුද්ගලික ආයතනයක සමග සාකච්ඡා කරමින් සිටියද ඒ හරහා දුම්රිය ස්ථාන පෞද්ගලික සමාගමකට පැවරීමක් කිසිසේත්ම සිදුනොවන බවයි.

COMMENTS